ඔහු කොටපොළ ප‍්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. මධුවිත පානය කොාට නැටුමට, ගැයුමට ප‍්‍රියතාවක් දක්වයි. සුළු ප‍්‍රමාණයක් පානය කළද ඉක්මනින්ම වෙරි වෙයි. වෙරි වූ පසු ගෙදර වතුර කළය හිසට වත්කර ගැනීම හෝ දියට පැනීම ඔහුගේ පුරුද්දකි. ඒ ඔහුට තමාගේ ඇඟපත ගිනිගන්නා සේ හැෙඟන නිසා ය.
පසුගිය දිනෙක මිතුරන් කිහිප දෙනකු හා ඥාතීන් කිහිප දෙනකු සමග මධුවිත පානයට අසල්වැසි නිවෙසකින් ඔහුටද ඇරැුයුමක් ලැබුණි. ඇරැයුම පිළිගත් ඔහු රැකියාවට ද නොගොස් සන්ධ්‍යාවේ පැවැති සාදයට සහභාගි විය. මිතුරන් හා ඥාතීන් සමඟ එකතු වී මධුවිත පානය කළේය. මොහොතකින් සූර්වී සියලූ දෙනා නටන්නට ගයන්නට පටන් ගත්හ. මොහුද අන් අය සමඟ නටන්නට විය. හිටිහැටියේම නැටුම නවතා කිසිවකුටත් නොකියාම නිවස දෙසට ”සිග්සැග්” ගමනින් පිය ගන්නනට විය.
ඉන්පසු සාදයේ සිටි සියලූ දෙනා ඔහු නොමැති බව දැනගෙන හැම තැනම සොයන්නට විය. ”ගෙදර යන්න ඇති” එක් අයකු පැවැසීය. සියලූදෙනා ඔහුගේ නිවස දෙසට ගොස් ඔහු සෙවීමේ මෙහෙයුම ඇරැඹීය. බිරිඳත් දරුවනුත් කියා සිටියේ නිවසට නොපැමිණි බවයි. ඉන්පසු සියලූදෙනා ගියේ නිවස අසලින් ගලා බසින ගංගාව දෙසටය. ගං ඉවුරේ ඉහළටත් පහළටත් පිරික්සන්නට විය. හිටි හැටියේ එක් අයකු කෑ ගැසුවේ ”මේ ඉන්නේ කෙටල පඳුරක් ළඟ නිදාගෙන යස අපූරුවට” කියමින්ය. පාන්දර යාමයේ වෙරි හිඳී නින්දෙන් නැගිටින තෙක් ඔහු ළඟට වී බිරිය සිටියේ ඔහුට නොව තමාට සිදුවූ දේ ගැන දෙවියන්ට කියමින්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමියා බිරිඳගේ දෙවියාය කියල මෙහෙම සලකන බිරින්දෑ වරුන්ට ලැබෙන්නෙම කරුම මිනිස්සු. ඇයි ඉතින් මේ සියලු දෙනා අතර මේ කරුමක්කාරයව උස්සන් ගිහින් ගෙදරින් දමන්න ඕන කියල හිතන්න තරම් මොලේ කලඳක් තියන එකෙක් හිටියේ නැද්ද? (නදී)
හොද බිරිදක්. යහපතක්ම වේවි. (දිල්)
මොකක්දෝ පරණ පිනක් තිබිලා හොද බිරිදක් ලැබිලා තියෙනවා. (දී)
මොනවා උනත් වාසනාවන්ත මිනිහෙක් ඒ වගේ බිරිදක් ලබන්න තරම්. මම කවදක් කියන කතාවක් තියනවා ඔය වගේ බිරිදක් ලබන්න මිනිස්සු පින් කරලා තියෙන්නේ ඕනේ. (නදී)
ඒ නංගී වැදගත් භාර්යාවක් නිසා ඉවසීමෙන් කටයුතු කරලා.වදක භාර්යාවක් එහෙමනම් කරන්නේ කෙටල ටිකක් තලලා ඇඟේ අතුල්ලන එක .එලිවෙනනකන් කහකහ ඉන්න ! (දී)
මෙහෙම අනු බල දෙන්න හොද නෑ බීමත් කමට (දිල්)
පරණ පිනක් තිබිලා හොද බිරිදක් ලැබිලා තියෙනවා. එ්කෙන් ප්‍රයෝජන ගනින් මිනිහෝ අපායට යන්න හදන්නේ නැතිව.(නදී)
කෙටල කපලා ඇඟට දැම්මා නම් කස කසා ගෙදරම දුවයි. (නි)
හොඳ මිනිසුන්ට ලැබෙන්නෙම වාදක භාර්යාවන් වගේම මෙහෙම පිරිමින්ටත් හොඳ බිරිඳක් ලැබීම ගැන කට්ටියට මොකද හිතෙන්නේ? (නි)
මේක තමා සත්‍ය ආදරය කියන්නේ. ආදරය කියන්නේ එක විදිහක පරිතයාගයක්. එ්කයි ඇත්ත. (නදී)
ගඟෙන් වතුර බාල්දි දෙකක් ගෙනත් වත්කලා නම් ජීවිතේට ඔය වගේ වැඩ කරන්නේ නැහැ (නදී).
මමත් ළඟදි දවසක දැක්කා උත්සවයකින් පස්සේ තාත්තා කෙනෙක් හොඳටම බීලා කෙලින් ඉන්නත් බැහැ. බිරිඳ අවුරුදු 3ක විතර දරුවෙකුත් වඩාගෙන තව අවුරුදු හත අටක දුවෙකුත් තියාගෙන බස් එකක් එනකන් ඉන්නවා.හරිම ශෝචනීය දර්ශනයක්.තමන්ගේ තරම දැනගෙන බොන්න ඕනෑ. (නි)
අනේ අැත්තමයි, මට ඉස්සෙල්ලම මතක් වුණේ පිටබැද්දර ජයාවමයි. බලන්නකෝ ඒකෙත් වැඩේ හැටි...(අ)