(ගාල්ල අතිරේක - වේරගොඩගේ සජීව විජේවීර)
ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඈත එපිට ගමක පාසලේ ඉගෙන ගෙන උසස් පෙළ සඳහා ගාල්ල නගරයේ පාසලකට පැමිණි ඔහු උසස් පෙළ හොඳින් සමත්වූයේ මවගේත් පියාගේත් කැපවීම හේතුවෙනි.
විශ්වවිද්‍යාලයට යාමටත් පෙර ඔහුට ටැබ් පරිගණකයක් ලැබුණේ රජයේ උසස් නිලධාරියකු වූ තාත්තාගෙනි. ටැබ් එක අතට ගත් මේ පුත‍්‍රයා නිතරම තම විවේක කාලය ගත කළේ ෆේස්බුක් හා අන්තර්ජාලයේ සැරිසරමිනි. කොයි වේලාවෙත් ඔහුගේ අතේ ටැබ් එක වැරදුණේ නැත.
අලූත් අවුරුද්දට ගමේ ආ පුතා අම්මාත් තාත්තාත් නැගණියත් සමඟ එක්ව නිවෙස පිරිසුදු කිරීමේ පටන් සියලූ දෑ සිදු කළේය. එසේ වුවද විවේකයක් ලැබෙන සෑම විටකදීම ටැබ් එක අතට ගෙන පරිගණක ක‍්‍රීඩාවක යෙදීම ඔහුගේ පුරුද්ද වී තිබිණි.
අලූත් අවුරුද්දත් උදා විය. නැකතට කිරිබතක් සෑදූ අම්මා එය මේසයට ගෙනැවිත් තැබුවාය. ආහාර අනුභව නැකතට කිරිබත් ටිකක් අතට ගත් තාත්තා තම පුතාට ද කිරිබත් කටක් කැවුවේ මහත් සෙනෙහසිනි. ආහාර අනුභවයෙන් පසු අලූත් අවුරුද්දේ මාපියන්ට බුලත් අතක් දී වැඳීම සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. අන් සෑම අවුරුද්දකදීම එය මේ නිවසේ ද සිදුකැරිණි.
ටැබ් එක අතට ගත් මේ පුතා තාත්තා අසළට ගියේය. ටැබ් එක දෑතින්ම අල්ලා එය තාත්තා අත තැබිණි. පුතාගේ අතින් ටැබ් එක තාත්තා අතට මාරුවෙද්දී පුතා තාත්තාගේ කකුල් දෙක අල්ලා පසඟ පිහිටුවා වැන්දේය. බුලත් හුරුල්ලක් රැුගෙන තාත්තාට වඳින්නට ආ නංගී අයියා කළ ඒ දෙය තේරුම් ගත නොහැකිව බලා සිටියාය.
තාත්තා ටැබ් එක දෙස බලද්දී එහි තිරය මත දිස්වන්නේ බුලත් හුරුල්ලක ඡුායාරූපයකි.
ගමක ඉපදී හැදී වැඞී විශ්වවිද්‍යාලයට ගොස් තාක්ෂණය සමඟ දිවිගෙවන මේ පුතා අලූත් අවුරුද්දට මාපියන්ට බුලත් දුන්නේ ඒ ආකාරයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයින්ද්‍ර, ඔහොම යන්. ඔහොම යන්.... මතු දිනකදී ඔයාගේ අලුත් සිරිත් විරිත් ඔයාගේ දරුවන්ටත් කියල දෙන්න ඔයාට දෙයියන්ගේ පිහිටයි හොදේ .. (ර)
ඒ කොල්ලා ටැබ් එකක් අතට දීලා හරි වැඳවැටුණු එක ගැන සතුටු වෙන්න. (නි)
බුලත් දුන්නා නුදුන්නා , ටැබ් එකේ බුලත් තිබ්බා හෝ නැතා මේ දරුවා පියාට දණගහලා වැන්ඳ එක නේද අපි අගය කරන්න ඕනෑ? බුලත් කියන්නේ සංකේතයක් විතරයි ! (නි)
දෙමාපිය වන්දනාව අතුරුදන්වීගෙන යන මේ කාලේ මේ පුතා දාහකින් එකෙක්. (නි)
සමන්ති, ඔයා තමියි මෙතන හොදම කතාව කියලා තියෙන්නේ. ස්තුති ඔබට. (ර)
සමන්ති ගේ කතාවෙන් මේ පුතා කල දේ හරියි කියා කියන අයගේ කටවල් වැහුන. පුතා ගේ මොලේ කොපමණ කුරුවල් වෙලාද කියතොත් තමන් කල දී නිසා තමන් ගේ ගොන් කම හෙළිවෙන බවවත් තේරිල නෑ . (ස)
සමන්ති කිව කතාව නම් 100%ක් හරි. තාක්ෂණය අනිවාර්යෙන්ම අවශ්‍යයි. නමුත් තැන නොතැන බලලා වැඩ කරන්න ඕනේ. කිරිබත් වුනත් පුතාට දෙන්න තිබුනේ ටැබ් එකෙන්ම තමයි. හැම දේකම වෙනසක් හොයන මෝඩයන්ට නම් ඕක හරිම ලොකු දෙයක් වෙන්න පුළුවන්. වෙනස හැම දෙයකම කරන්න ගිහින් සමහරු මල පහ කිරීමත් ඔලුවෙන් හිටගෙන කරනවලු. (ස)
ඊට පස්සෙ තාත්තටයි අම්මටයි කරන්න තිබ්බෙ මෙහෙමයි. “ටැබ් එක අතට ගත්ත. මගෙ පුතාට බුදු සරණයි කියලා ටයිප් කළා පුතාගෙ අතට දෙන්න . ඒක දැකපු අම්ම ටැබ් එකෙන්ම කිරි-බත් තෝරාගෙන කාපන් පුතේ කියල දුන්න. හරි ලේසියි නේද? ” (ම)
මාපිය වන්දනයට කළ පෙර සුදානම සහ වැන්ද එක හොඳය එහෙත් දරුවෝ සංස්කෘතියක ඒකාබද්ධ වටිනාකම තේරුම් ගත්ත නම් ගොඩක් හොඳයි. සිරිතක වටිනාකම ජීවමාන විය යුතුය (බ)
කැම්පස් යන්න බැරි වුන නම් , ඊර්ෂ්‍යයා කරන්නේ නැතුව , තමන්ට පුළුවන් දෙයක් කළා නම් තමා හොඳ (බ)
අනේ සමන්ති, තාත්තට බුලත් අතක් දුන්නම තාත්ත ඒ බුලත් අතම කනවද.? කිරි බතුයි, බුලතුයි පටලව ගන්න එපා. ඒ දෙක දෙකක්. (ර)
ලෝකෙ දියුණුවත් සමඟ බලනවිට ඉපැරණි චාරිත්‍ර තවමත් එලෙසම පවත්වාගෙණ යන්නෙ අාසියාතික රටවල පමණි.මම අදහස් කළේ උතුම් වු සිරිත් පමණි.ටැබ් එකේ බුලත් අතක පින්තූරයක් මඟින් හො ඒ දරුවා මේ අවුරුද්දේ කළද ඊළඟ අවුරුද්දට තම බිරිඳව, දරුවන්ව, තම දෙමාපියන්ට ස්කයිප් මඟින් පෙන්වන්නට ඉඩ අැත. (නි)
පුතා හෙට පිය පදවියත් ලබාවිද අන්තර් ජාලයෙන් (ස)
සමහර දෙමව්පියන් දරුවන්ට දුක දෙන්න බැහැ කියමින් ගෙදර කොස්සක් වත් අල්ලන්න නොදී , තිබෙන සන්තකේම උගන්වන්න වියදම් කරනවා. හැමදෙයක්ම ලේසියෙන් ලැබෙන නිසා එවැනි දරුවන් දෙමාපියන් ගැන සංවේදී නැහැ. මම පලවෙනි ජංගම දුරකථනය ගත්තේ රැකියාවට ගොස් අවුරුද්දක් පමණ මුදල් ඉතිරි කර. අපේ තාත්තා මටත් අක්කාටත් සල්ලි තිබුන වෙලාවකවත් ඉල්ලන ඉල්ලන දේවල් අරන් දුන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් පමණක් මව්පියන්ගේ අමාරුකම් දැනෙන්න ඉඩ හැර ලබා දුන්නා. මමත් මගේ දරුවාත් තවම අපේ තාත්තාට දන ගසා වඳිනවා. (ස)
හරින්ද්‍ර, වයර් මාරු කරගන්න එපා. පහන්, එන්න පහන්, ඔයාවත් ඇවිත් මේ කිරිකජු කොල්ලෝ කෙල්ලන්ට තෙරුම් කරලා දෙන්න. (ස)
මගේ අවුරුදු 38 ක රජයේ සේවා කාලයෙදී මේ ජාතියේ උපාධි උණ රෝගී අම්බරුවන් අනන්තවත් දුටුවෙමි. (නි)
මේ වගේ අය මගේ අවුරුදු තිස් අටක සේවා කාලය තුළ නිතර දකිමි. මෙයාට කන්න තණකොළ මිටියක පින්තූරයක් එවන්න පුලුවන් ලිපිනය දුන්නොත්. (නි)
තාම බුලත් වදවෙලා නැ නේ ඒ හින්ද බුලත් වලින් වදින්න ඕනි . (ස)
මට හිතාගන්න බැරි, ඇයි මේ ලිපියට කමෙන්ට්ස් දාල තියෙන අය මේ වැඳීම ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කියල. ඒ දරුවාත් දෙමව්පියනුත් අතරේ මොන විදියකට චාරිත්‍ර ඉෂ්ට කලත් අන් අයට මොකද? ලංකාවේ වෙන ප්‍රශ්න නැතිද විවේචන කරන්න? (ස)
දෙමාපියන් හා දරුවන් අතර හොඳ බැදීමක් තිබීම අත්‍යවශ්‍යය. මෙවැනි දේ තුළින් දරුවන් හා මාපියන් අතර බැදීම අෑත්වෙනවා. (නි)
නොදන්න නිසා අහන්නේ, ලංකාවේ මොන විශ්ව විද්‍යාලයයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී උපාධිලාභින් කතා පවත්වන්නේ? (ත)
අබුද්දස්ස කාලේ ලබුත් පැණි රහලු (බ)
එහෙමත් කාලයක් එවි ....එත් දැන්ම ..එකට කාලය නොවේ නේද ..හැමදේම තාක්ෂණයෙන් ..කරන්න පුළුවන් කියල හිතන අය.. (ම)
ඒ පුතා තමන්ගේ උපාධි ප්‍රධානෝත්සවයේදී කරපු කතාවේදී මෙන්න මෙහෙම කිව්වලු " මාව මේ තැනට පත් කිරීම ගැන විකිපීඩියා ,ගුගල් සහ කොපි .පේස්ට් වලට ම බෙහෙවින් ස්තුති වන්ත වෙමි'' .(ම)
ඩෙස්ක්ටොප් පරිගණකය වෙත ආ ටැබ් එක කිව්වලු අනේ ආච්චි අම්මේ ඔයා දැක්ක කල් කියලා? (නි)
බුලත් වලට යන සල්ලිත් ඉතුරුවෙනවානේ! (නි)
තාත්තාගෙන් ලැබුණු ටැබ් එකෙන් තාත්තාටම වැන්ඳා.මුල අමතකවන තරමක හැටි (නි)
අපේ සිරිත් විරිත් තාක්ෂණයෙන් ඉටු කරන්න නොහැකිය.වැඩිහිටියන් ලෙස අපේ ළමුන්ට ඒවා කියාදීම තමා අපේ යුතුකම. (ම)
අම්මටත් තිබුනේ ටැබ් එකේ කිරිබත් කැල්ලක් කවන්න.බඩගිනි වෙනකොට දෙමව්පියන්ට වඳින සිරිත දැනේවි..(ම)
අවුලක් නෑ... කිසි වැරැද්දක් නෑ.(ම)
තව අවුරුදු 50කින් විතර ලංකාවේ බුලත් හොයන්න වෙන්නේ නැහැ (ස)
මේ තරුණයාට අඩු ගානේ මව් පියන්ට වඳින්න සිතක් පහල වුනානේ. මගේ නුවර නෑනාගේ ළමයින් යන්නේ එහෙ ජාත්‍යන්තර පාසලකට . දෙමව්පියන්ට වඳින්නේ නැහැ. ඒවා ගොඩේ සිරිත් කියල කියනවා. උසස් පෙලෙන් පසු ළමයින්ව ඔස්ට්‍රේලියාවට යවන්න ඉන්න නිසා ලංකාවේ සිරිත් අවශ්‍ය නැතිලු. මාත් සැමියාත් ඉතින් මේ දේවල් අහලා අනේ අපොයි කියන්න බැරි කමට නිකන් ඉන්නවා. (ස)
නරක නැහැ. මම නම් කිසිම වරදක් දකින්නෙත් නැහැ. චාරිත්‍ර හැම දෙයක්ම පරණ විදියටම කරන්න ඕනෑ කියලා දෙයක් නැහැ. ඒ දේ හිතේ තියනවා නම් ඇති. හිත තමයි වැදගත්. (නි)
අද කාලේ ඉන්න තරුණ තරුණියන් එක්ක බලනකොට මේ කොල්ල කොච්චර හොඳද (බ)
විශ්වවිද්‍යාලයට ගියත් මහා මෝඩ පුතෙක්. බුලත් හුරුල්ලක් ඒ අවස්ථාවේ නොතිබුනානම් තව සමාවක් තිබුන. එයාට තිබුණා නංගිගේ අතේ තිබුණා බුලත්හුරුල්ල අරගෙන හරි වදින්න. කවදාහරි හොද රැකියාවක් කරලා පිට හිටිය කාලයක ඔය පුතා අවුරුද්දටවත් ගෙදර එන එකක් නැහැ. දෙමව්පියන්ගේ පින්තුරයට වැදලා නිකන් ඉඳියි. (ස)
පොදුවේ හැමදෙනාම වගේ නැතිව වෙනස් විදියට හිතන දරුවෙක්. විශාල වරදක් ලෙස දැකිය යුතු නැහැ. (ස)
මට හොඳටම විශ්වාසයි මේ දරුවා ලබන අවුරුද්දේදි කිරිබත් කන්න මේසෙට එන්නේ ස්කයිප් හරහා කියල. (ස)
මෙයා වරදක් කරලා නැහැ. එයා ටැබ් එක ප්‍රයෝජනයට අරන් තමන්ගේ දක්ෂතාව තාත්තට පෙන්වල. (ස)
මම පත්තරේක කියවපු කතාවක් මතක් උනා. ආච්චි කෙනෙක් මිනිපිරියගේ ගෙදරට ගිහින් විවේකීව ඉන්නකොට පත්තරයක් ඉල්ලුවාලු. එතකොට මිණිපිරී අයි පෑඩ් එකක් ගෙනත් දුන්නාලු. "මේක පත්තරයක් නොවෙයිනේ " කියපුවාම මිණිපිරී කිව්වලු "දැන් තියෙන්නේ මේවා තමයි, මේකෙන් පත්තරේකින් කළහැකි සෑම දෙයක්ම කලහැකියි" කියලා, ආච්චිට පත්තරයක් ඩවුන් ලෝඩ් කරලා දුන්නලු. ටිකකින් මහා සද්දයක් ඇහිලා ආච්චි ගාවට දුවගෙන ගියාම අයි පෑඩ් එක කුඩුවෙලා කෑලි හැමතැනම විසිරිලා තියනවාලු. "මොකද උනේ ?" කියලා ඇහුවාම ආච්චි කීවාලු, "මේකෙන් පත්තරේකින් ගන්න වැඩ ඔක්කොම පුළුවන් කීවාට ඒක බොරුවක්නේ. මම මේකෙන් මැස්සෙකුට ගැහුවා, අන්න බලපන් ඒකා යස අගේට පියඹලා ගියා " කියලා. (ස)
ඉස්සර පෑ තැටියෙන්, හෙවනැල්ලෙන් වේලාව හොයාගෙන නැකත් කරපු අය දැන් රූපවාහිනියෙන් පෙන්වන වේලාවට නැකත් කිරීමත් නරකයි එහෙනම්. අලුත් අලුත් දේ නොහිතන ජාතිය ලොව නොනගී කියලා වෙනස් කරගමු (බ)
අපේ සිරිත් විරිත් තාක්ෂණයෙන් ඉටු කරන්න නොහැකිය. (ස)
සරසවි සිසුවෙක් කියන්නෙ හැම වෙලාවකම අලුත් දෙයක් හොයන්න කරන්න හදන කෙනෙක්. අවුරුද්ද දවසෙ නොවැද හිටිය නම් ඒක වැරදි. තාත්තලාව සල්ලි දුන්නෙ නැහැ කියලා මරණ රටක බුලත් අතක් නොදුන්න එක වැරද්දක් වෙනනැ කොහොමද? (ම)