තොග අවසන් කිරීමේ වසර අවසාන පාවහන් සේල් පොළකට පාවහන් නොපැළඳිව පැමිණි තරුණ යුවළක් එහි සේවකයන්ගේ ඇස් වසා අලූත් පාවහන් පයලාගෙන යද්දී කැමරාවකට හසුවී පැමිණි ලෙසම ආපසු යාමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
පාවහන් සේල් පොළේ වෙන තැන්වලට වඩා මිල අඩුවෙන් පාවහන් අලෙවි කරන බවට ලැබුණු ආරංචියට විශාල පිරිසක් එතනට එක්රොක් වෙමින් සිටියහ. ගැනුම්කරුවන් හැසිරවීමට සේවක සේවිකාවෝ ද තැන තැන සිටියහ.
පාවහන් මිලට ගැනීමට පැමිණි අය අතරේ සිටි තරුණ යුවළක් පැමිණ තිබුණේ පයට කිසිවක් නැතිවය. ඔවුන් තමන්ට ගැලපෙන පාවහන් තෝරාගෙන ඒවා කිසිවකුටත් නොපෙනෙන ලෙස පැළඳගෙන ඇත. කිසිදු කලබලයක් නොමැතිව එතනින් පිටව යන ඔවුන් දෙදෙනා දුටු සේවකයින් ඇයි හොඳ ඒවා නැද්ද යැයි විමසා ඇත. අපේ කකුල්වලට ගැළපෙන ඒවා කෝ මෙතන නෑනේ කියා පිටවීමට තිබුණ ගේට්ටුවක් ළඟට ගොස් ඇත. එවිට එහි කැමරාවක් නිරීක්ෂණය කරමින් සිටි සේවකයෙක් කඩිනමින් පැමිණ ඔය දෙන්නා නවත්තල පරික්ෂා කරන්න යැයි කියූ නිසා සේවකයෙක් ඔවුන්ගෙන් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට පටන්ගත් විට දැන්නම් වැඬේ වැරදුනා තමයි සිතූ ඔවුන් සොරකම් කළ පාවහන් ගලවා ලැජ්ජාවෙන් පිටවී ඇත්තේ ආපයින්ම මතක හිටින අවවාද ඇසීමෙන් පසුවලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදට දඩුවම් දෙන්න ඕනේ.(නදී)
ගුටි නොකා ගිය එක ලොකු දෙයක්. හැබැයි මොනවා වුනත් නියමෙට ගැලපෙන ජෝඩුවක්. පොරොන්දම් 20ම ගැලපෙනවා ඇති. මව්පියන්ගේ දස්කම් ඇති දරුවෙක් ලැබේවා කියා පතමි.(නදී)
මේ කැනඩාවේ නම් පොලිසියට අල්ලලා දෙනවා.(නදී)
සෙරෙප්පු කුට්ටමක් මිලදී ගන්න වත් කමක් නැති අය කොච්චර ලංකාවේ ඉන්නවද? ඔය නත්තල් සමරන්න වියදම් කරන මුදල් වලින් එක රුපියල් 1000/ක් ඒ පවුල් වලට දෙන්න කීයෙන් කීදෙනෙක් හිතනවද?(නදී)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිව්වලු.(නදී)
පව් ඔයතරම් දෙයක් කරන්න ඇත්තේ දුප්පත් කමට වෙන්න ඇති. (නදී)
රටේ ඉහළ ඉදලා තියෙන දේ.(නදී)
මේ ජෝඩුවට පිස්සු. සෙරෙප්පු ඕනෙ නම් යන්න තිබුනෙ ලොකු ප්‍රසිද්ධ පන්සලකටනෙ. (නදී)
බිදක් මට අවසර එසැනට එබී බලන්ට ඔබ සැමට ප්‍රීතිමත් නත්තලක් පතමි සාමය සතුට සම්පත උදාවේවා ලංකාවාසී සැමටත්,ලෝකවාසී සියලු දෙනාටත්,සුබම සුබ නත්තලක් වේවා! (නදී)
ඒ ගොල්ලෝ ඇඳුම් ගන්න යනකොට කොහොමද දන්නේ නෑ යන්නේ? (නදී)