පාසල් මිතුරන් දෙදෙනාගේ හරක් සෙල්ලමෙන් එක් අයෙකු රෝහලටත් අනෙකා පොලිසියටත් ගිය අපූරු කතාවක් බද්දේගමෙන් වාර්තා වේ.
පාසල් මිතුරෝ දෙදෙනෙක් හරක් සෙල්ලම් කළහ. ඒ වයස අවුරුදු 15 හා වයස අවුරුදු 17 පාසල් වියේ පසුවන මිතුරන් දෙදෙනෙකි. 17 සිසුවා 15 සිසුවාගේ ගෙලට ලණුවක් දමා හරකකු ආකාරයෙන් දක්කමින් ක‍්‍රීඩා කළේය. හදිසියේම ලණුව 15 සිසුවාගේ ගෙල හිරවී තුවාල වූවද දෙදෙනා ක‍්‍රීඩාව දිගටම කරගෙන ගියේය. පසුව අධික ලෙස 15 සිසුවාගේ ගෙලෙන් රුධිරය වැගිරෙන්නට විය.
15 සිසුවා ගාල්ල උඩුගම රෝහලට ඇතුළත් කෙරිණි. දින තුනක් ප‍්‍රතිකාර ලැබීය. මේ සම්බන්ධයෙන් 15 සිසුවාගේ මව්පියන් බද්දේගම පොලිසියට කළ පැමිණිල්ලක් මත 17 සිසුවා බද්දේගම පොලිසිය අත්අඩංගුවට ගෙන ගාල්ල බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීර සාලින්ද දකුනේ ඉන්නේ ඔයා වගේ අය නම් ඔයත් ඒකට අයිකි වෙනවනේ. මොකද මමත් නැවතිලා හිටියේ ඔයාලගේ ගෙවල් ලග (නදී)
ඒ වයසෙ ළමයි දෙන්නෙක් මේ වගේ සෙල්ලමක් කළා කියන එක විශ්වාස කරන්න නම් ටිකක් අමාරුයි නේද? (ස)
මේ ළමයාව පොඩි කාලේ ඇඳෙන් වැටිලාවද්ද දන්නෙ නැහැ (නි)
දෙන්නම කැමැත්තෙන් කරපු සෙල්ලමක් නිසා පොලිසි ගිහින් බොරුවට කරදරේ පැටලෙනවා (අ)
එක්කෝ ලොකු ඒකා පොඩි එකාට රැග් කරලා. නැත්තන් වෙන සෙල්ලමක් කරලා තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලන්න. බෙල්ල විතරද තුවාල වෙලා තියෙන්නේ කියලා. (නදී)
මේ සමහරු දකුණ ගැන මෙච්චර කෑ ගහන්නේ මොකටද? හරක් දකුණේත් ඉන්නවා උතුරේත් ඉන්නවා ඔයාලගේ ගම රටවල් වලත් ඉන්නවා බොරුවට දකුණට බැනල ගෝත්‍රික වෙලා ඔයාලත් හරක් ගේ ගණයට වැටෙන්න එපා ! (අ)
ඕක බොහොම ජනප්‍රිය සෙල්ලමක්. (නි)
ඇයි ඔච්චර කළබල වෙන්නේ ඇත්තටම හරක් දෙන්නෙක් වෙන්න ඇති (නදී)
ඕකට ඔච්චර කෑගහන්න දෙයක් නැහැ. දෙන්නාගේම වයසේ හැටියට වඩාත් සුදුසු සෙල්ලම තෝරාගෙන තියෙනවා. (නදී)
දුම්මලේ මට මගේ ළමා විය (5 - 12) සිහි උනා (නදී)
උතුර දකුණ කියල වෙනසක් නැහැ අනේ ගොන් පාට් වලට ! පහුගිය දවස් වල මේ වගේම ගොන් පාට් එකක් නේද අලුත් ගම පැත්තෙත් දාල තිබුනේ ?(නදී)
රූපවාහිනි මැදිරි වල අංගම් පොර යනවා නම් අපි ගොන් ක්‍රීඩා කලාට මක් වෙනවාද කියල ළමයින්ට හිතෙන්න ඇති. (නදී)
සෙල්ලම කරපු දෙන්නම හරක් ද කොහෙද (නදී)
අවුරුදු 15, 17 කියන්නේ තරුණ වයසක්. බුද්ධිමත්ව කටයුතු කල හැකි වයසක්. ඒ නිසාම මේ ප්‍රශ්නය පොලිසියට යාම ගැන පුදුම වියයුතු නැහැ. එහෙම නොවෙන්න නම් මේ ළමයි දෙදෙනාම නොමේරු දරුවන් වියයුතුයි. අහෝ බුද්ධිමතුන් බිහිවුවායයි කියන දකුණට ගිය කලක්. (නදී)
මේ ළමයිනුත් කරන වැඩ?? (නි)
දකුණේ ඉන්නේ කොහොමත් ඔය වගේ අය (නදී)
නහය විද්දා නම් ඕක වෙන්නේ නැහැ (නදී)
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි! ඒකෙන් ඇස් රතු වෙනවාමයි!! (නි)
මදැයි කළා හරක‍් සෙල්ලම්! (නි)
හරක් සෙල්ලම් කරන්න ඕනෑ නැහැනේ.... (නි)
දුම්මලසූරිය, ඔබ හරි (නි)
මෙහෙමත් වැඩ! (නි)
ළමයි දෙන්න කරලා තියෙන්නේ අනුවන ක්‍රියාවක්. ඕකට දකුණට බැනල වැඩක් නැහැ. ලංකාවේ හැම පළාතකම බුධිමතුන් වගේම බුද්ධිය අඩු අයත් ඉන්නවා.(නදී)
ඒ වයසේ හැටියට ඔහොම කලා නම් , එයාල ගැලෙපෙන සෙල්ලම තමයි තෝරාගෙන තියින්නේ නේද මෙයා (නදී)
මේ දෙන්නා මන්ද බුද්ධික ළමයි දෙන්නෙක් ද ? (නදී)
අවුරුදු 5 හා 7 වයස්වල දරුවන් දෙදෙනෙක් මේ සෙල්ලම කළා කිවා නම් පිළිගන්න තිබුණා. (නදී)