IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සේවිකාවගේ මැසේජ් එකට නෝනත් ගෙදරින් ගිහින්

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
සිය කාර්යාල සේවිකාවගේ දුරකතන පණිවිඩයක් නිසා බිරිඳගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබෙයි.
ඔහු එම කාර්යාලයේ ඉහළ තනතුරක් දරන මැදිවියේ පුද්ගලයෙකි. කාර්යාලයේ  සේවය කළ විවාහක තරුණියක වූ ඇය රූමත් දඟකාර ගති ඇත්තියකි. විවාහක තරුණියක වුවත් ඇය නිතර විහිළුවෙන් විනෝදයෙන් කාලය ගත කරයි.
මේ පිළිබඳව ඔහුගේ බිරිය වෙතත් ආරංචි වී ඇත්තේ කාර්යාලයේම ඇයගේ හිතවත් සේවිකාවන්ගෙනි. 
තරුණියද තමන් දරන තනතුර පවා නොසිතා විහිළු තහලු‍ කරන අතර ඔහු ඒවා ගණනකට නොගත්තේ එම විහිළුවලින් තමන්ට හෝ තම තනතුරට හානියක් නොවන බැවිනි. එම නිසාම ඇය හා තමන් අතර සම්බන්ධයක් ඇතැයි කාර්යාලයේ සේවිකාවන් තැන තැන කතා කර ඇති අතර ඔහුගේ බිරිඳ වෙතද එම කතාව ගොස් තිබිණි. ඇය මේ සම්බන්ධයෙන් විමසුම් කළ අවස්ථාවල ඔහු පවසා ඇත්තේ ‘ඒ ළමයා කාත් එක්කත් විහිළුවෙන් තමයි’ යැයි පවසමිනි.
කෙසේ වෙතත් සිය බිරිය ගැන දන්නා ඔහු ඒ ඇය තමන් කියූ දෙය විශ්වාස නොකරන බව දන්නා නමුත් වැඩිදුර ඒ පිළිබඳව වෙහෙසී නැත්තේ තමන් වැරදි නොකරන බැවිනි.


කෙසේ වෙතත් පසුගිය දිනක ඔහු කාර්යාලයේ වැඩ නිමවා පැමිණ නාන කාමරය තුළ සිටියදී සිය බිරිඳ යක්ෂාරූඪයෙන් අඬමින් කෑගන අයුරු ඇසිණි. ඒ නිසා ඔහු පැමිණ ඇත්තේ ගිය කාරිය පවා බාගෙට සිදු කරමිනි. සිය ජංගම දුරකතනය අතේ ඇතිව සිටි ඈ මුලින් එයින් පහර දී පසුව අතට හසුවන සියලු‍ම උපකරණවලින් පහර දීමට පටන් ගෙන ඇත්තේ ඇයගෙන් හේතු කාරණා ගැන දැන ගන්නටවත් අවස්ථාව නොදෙමිනි. 
පහරදීම අවසානයේ ඇය සිය එකම දියණියත් සමග නිවෙසින් පිටව ගියාය.


වේදනාව පැත්තකින් තැබූ ඔහු සිය ජංගම දුරකතනය පරීක්ෂා කර ඇත්තේ මෙහි අග මුල සොයා ගැනීමටය.
සිය ජංගම දුරකතනයේ  තිබූ වට්ස්ඇප් පණිවිඩය දැක ඔහුට කාරණය අවබෝධ විය. එහි සටහන් වී ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්”‍ යැයිද ? දෙවැනුව සඳහන් කර ඇත්තේ  ”‍ සර් දැන් බිසීද ? මැසෙජ්යක් බලන්නේ නැති නිසා ඇහුවේ...”‍ යනුවෙනි. 
ඉන් එහා එකදු මැසේජයක් ඇය එවා නොමැති අතර ඇයට බැණ වැදී සිද්ධිය කීමට ඇයගේ දුරකතනය වෙත ඇමතුම් ලබා ගත්තද එය ද ක්‍රියා විරහිතවී තිබිණි. කළ හැකි දෙයක් නොවූයෙන් ඔහු සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා ෆාමසියකට ගොස් ඇත්තේ නාන කාමරය තුළ ඇද වැටුණ බව පවසමිනි. 
තුවාලවලට බෙහෙත් දමා ගන පැමිණ නැවත ඇයට දුරකතන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ‘‘සර් මම ප්‍රෙග්නට්... හෙට පොඩි පරීක්ෂණ වගයකට මහත්මයා එක්ක යන්න තියෙනවා... මට නිවාඩුවක් ගන්න පුළුවන් ද? එ්කයි මැසෙජ් එකක් දැම්මේ.... ඉතුරු මැසෙජ් එක එවන කොට  ෆෝන් එක ඕෆ් වුණා..”‍ යැයි ඇය පැවසුවාය.
 “ඔයාට විතරක් නෙමෙයි මටත් සතියක් විතර  නිවාඩු ගන්න වෙලා තියෙන්නේ... ඇයි ඔයා ඔය මැසෙජ් එක එක පාර එව්වේ නැත්තේ...? ඒකට කමක් නැහැ... හෙට ඇවිත් මගේ නෝනා හම්බ වෙලා ඔය ටික කියනවා...”‍ යැයි පවසා ඇත්තේ කෙඳිරියත් සමගය.

 



අදහස් (1)

සේවිකාවගේ මැසේජ් එකට නෝනත් ගෙදරින් ගිහින්

himal Tuesday, 07 November 2023 09:07 AM

මේක මේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ පරණ විහිළු කතාවක්නේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site