වයඹ පළාතට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක පසුගිය දා ස්වයං රැකියා දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රාදේශීය දේශපාලකයන් කීපදෙනකු හා නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි. මෙහිදී ස්වයං රැකියාවලදී කිසිවකුට වහල් නොවී තම කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති ඉඩකඩ පිළිබඳවත්, මෙබඳු ස්වයං රැකියා සඳහා පවුලේ හැමෝගේම ශ‍්‍රමය ලබාගත හැකිවීම පිළිබඳවත් දීර්ඝ දෙසුමක් කළ නිලධාරියකු ස්වයං රැකියා කරන අය මුහුණ පාන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ට කඩිනමින් අයැදුම්පතක් පුරවා දෙන ලෙස ඉල්ලීය. එහි ස්වයං රැකියාව හා ඊට ඇති බාධක ලියන ලෙස ද දැන් වූ නිලධාරියා පසුව ඒවා එකතු කොට සාකච්ඡුාවට යද්දී එක් අයකු සැපයූ පිළිතුරකින් තිගැස්සී ගියේය. ස්වයං රැකියාව, කසිප්පු පෙරීම, බාධාව පොලිසියෙන් අල්ලා ගෙන යාම යනුවෙන් එහි සඳහන් වූ බව පැවසූ ඔහු එය ලියුවේ කවුදැයි විමසුවත් සභාවෙන් සිනාවක් මිස පිළිතුරක් නම් ලැබුණේ නැතිලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනං මනං වැඩක් නැහැ බොලවු. අහුවෙනකල් ස්වයං රැකියාව කරමු. (නි)
මෙහෙම යනකොට ගණිකා වෘත්තියත් ස්වයං රැකියාවක් වෙයි. (නි)
ගණිකා වෘත්තිය නම් අපේ සමහර ටෙළි නිළි නංගිලා ඉතාමත් හොදින් කරගෙන යනවා, ස්වයං රැකියාවක් විදියට. (නි)
අපේ පැත්තේ නම් එක ගමක්ම තියෙනවා ඔය රැකියාව කරන. (නි)
පහන් , නියම කතාව හොඳේ (ස)
'' මතට තිත'' කෙසේ වෙතත් '' තිතට මත'' ක්‍රියාත්මක වෙනවා (ස)
මතට තිත.... හෙහ් හෙහ් හෙහ්... (නි)
කසිප්පු ප්‍රමිතියකට පෙරන්න ඉඩ දීලා, ගණිකා වෘත්තියත් ප්‍රමිතියකට අනුව නීතිගත කළා නම් පිටරටට යන සල්ලි ගැලුම් ගණන් ඉතුරුයි. (නි)
තමන්ගේම කර්මාන්තයක්
දීප්ත හොඳ විවේචනයක් (ස)
අතිශය සාධාරණ තීරණයක්
එතකොට ස්ව්‍යං රැකියාවක් වෙච්ච ගණිකා වෘත්තියේ ඇති වරද කුමක්ද ? (ස)
ඒක තරම් හොද නැහැ
කසිප්පු කියන නම මාරුකරලා වෙන නමන් යොදන්න. ගෘහ කර්මාන්තයක් හැටියට ලාබදායි ව්‍යාපාරයක්. (නි)
ජයවේවා
ඔහොම යනකොට අපේ චූටි නංගිලා ටික ස්වයං රැකියාවක් විදියට ගණිකා වෘත්තියත් එකතු කරයි. (නි)
මගේ වුවමනාවට මම ගෙදර පෙරාගන්නවා. (නි)
ඒකෙ ඇති වැරැද්දක් නැහැ. (නි)
තමන්ගේම රැකියාවක් නේ
කසිප්පු අතහැරලා තෙලිජ්ජවලට මාරුවෙන්න ඕන. දැන් බජට් එකෙන්ම සම්මතයිනේ..(ස)
ස්ව්‍යං රැකියාවක යෙදෙන ගැමියෙකුගේ අවංක සත්‍ය කතාවක්.හරියට හරි (ස)
ඕවා ඒ තරම් හොද වැඩ නොවෙයි
ඇත්තටම දීප්ත මේ ප්‍රශ්නෙට කාටවත් උත්තර නෑ .(ස)
ඔව් මේකේ ඇති වරදක් නැහැ තමයි.ස්වයං රැකියාව නීත්‍යානුකූලද නැද්ද යන්න මෙතනදි අහල නැහැ නේ? අනික නිත්‍යානුකූලව මත්පැන් නිශ්පාදනයට ඉඩක් තියේනවනම්, හොරට මත්පැන් පෙරන අයගෙ ගැටළුව නීත්‍යානුකූල නොවීම නේන්නම්..හහ් හහ් හා මේ කතවේ යටි පෙළ අර්ථය හරිම ගැඹුරුයි.. (ස)
කොහොමද ඒක ස්වයන් රැකියාවක් වෙන්න්
තනිතරුවේ.....ඔබත් ඔහොම ඔතන ඉන්න.... මමත් මෙහෙම( 8 කෑන් එකත් අරන්) මෙතන ඉන්නවා (නි).......
හරිනේ ඉතිං. ඒ මනුස්සයා කරන ස්වයං රැකියාවනේ එයා දාලා තියෙන්නේ. (නි)