(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පංතියකට පැමිණෙන එක්තරා සිසුවකු සිංහල විෂයේ පැවරුමකට ලියා තිබූ රසවත් කෙටි යෙදුමක් පිළිබඳව පුවතකි මේ.
එය වාර්තා වූයේ වයඹ පළාතේ එක්තරා නගරයකිනි. එම සිද්ධිය මෙසේයි.
එම පංතිය මෙහෙයවන ගුරුවරයා කලින් සතියේ දරුවන්ට භාවිතයේ ඇති සිංහල කෙටි යෙදුම් 50ක ලැයිස්තුවක් ලියා රැගෙන එන ලෙස පැවරුමක් දී තිබූ අතර එදින පංතිය ආරම්භ කර ඔහු මුලින්ම සිදුකළේ දරුවන් ලියා තිබූ එම ලැයිස්තු පරීක්ෂා කිරීමයි. එය පරීක්ෂා කරමින් සිටියදී පංතියේ එක් සිසුවෙක් සිය කෙටියෙදුම් ලැයිස්තුවට එක්කර තිබූ “අ.බෝ” නම් වූ කෙටි යෙදුමේ අදහස වටහා ගැනීමට ගුරුවරයාට නොහැකි විය.
ටික වේලාවක් කල්පනා කළද එහි අදහස වටහා ගැනීමට අසීරු වූ ඔහු සිංහල ගුරුවරයකු වූ සිය මිතුරෙකුට මේ පිළිබඳ විමසා දුරකතන ඇමතුමක් ලබා දුන්නද එහි අදහස පැහැදිලි කරදීමට එම මිතුරාද අසමත් විය.
අවසානයේ කෙටි යෙදුම ලියා තිබූ සිසුවා තමා අසලට කැඳවූ ගුරුවරයා එහි අදහස කුමක්ද කියා ඔහුගෙන් විමසීය.
“සර් ඔය කෙටි යෙදුම මම ඉගෙන ගත්තේ අපේ තාත්තාගෙන්. අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා ටවුමේ වෑන් එකක් හයර් කරන අංකල් කෙනෙක්. එයා පෙරේදා උදේ ටවුමට යනකොට මමයි තාත්තයි හිටියේ අපේ ගෙදර ගේට්ටුව ළඟ. තාත්තා එයාට කිව්වා “මල්ලී අද හවස එනකොට ටවුමෙන් මට “අ.බෝ. එකක් ගේන්න ආවම සල්ලි දෙන්නම්” කියලා. මට ඒ වචනෙ තේරුණේ නෑ.
එදා හවස අර අංකල් ගෙදර යන ගමන් තාත්තට පාර්සලයක් දීලා ගියා. මං ඒ වෙලාවේ හිටියේ මිදුලේ. තාත්තා ඒ පාර්සලය ගෙයි ඉස්සරහා එයාගේ ඔපීස් කාමරයට අරන් ගිහින් ඒක කාමරේ තියලා ළිඳ ළඟට ගියා නාන්න.
මම හොරෙන්ම කාමරයට ගියා. ඒ පාර්සලය මේසේ යට හංගලා තිබුණේ. ඒකේ තිබුණේ පොඩි පෙට්ටියක්. මම පෙට්ටිය ඇරලා බැලුවා. පෙට්ටිය ඇතුළේ තිබුණේ අරක්කු බෝතලයක්.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුවාගේ කෙටි යෙදුමට ගුරුවරයාත් හොල්මන්
Janahitha Tuesday, 27 June 2017 02:28 AM
ඔය වගේ කෙටි යෙදුම් අපේ භාෂාවේ අද කොච්චර නම් තියනවද? ඔය ගුරුවරු කියන අය නොදැන ගත්තට .
gayan Tuesday, 27 June 2017 11:19 AM
අපිනම් දැන් තියෙන අ.බෝ වල ගණන් නිසා බොන්නෙම "ග.බෝ" තම..
Wmal Saturday, 01 July 2017 10:31 AM
අපිත් ගේන්නේ අ.බෝ. තමයි.
kumar Monday, 03 July 2017 07:43 PM
මම ගන්නේ ක.බෝ දේශීය නිෂ්පාදනයට මම අත දෙන්නේ.
asokaa Thursday, 06 July 2017 08:01 AM
පේනවද දරුවන්,..දෙමව්පියන්ව කොච්චර දුරට ආදර්ශයට ගන්නවද කියලා?