කොළඹ ප‍්‍රධාන රෝහලකි. අවේලාවේ පැමිණි මෝටර් රියක් වෛද්‍යවරුන්ගේ රථ ගාලේ නතර කළේ කිසිදු අවසරයක් නැතිවයි. රෝහලේ ආරක්ෂක සේවකයකු වේගයෙන් එදෙසට දිව ගියේය. ‘‘මහත්තයා මෙතැන වාහන නවත්වන්න පුළුවන් දොස්තර මහත්වරුන්ට විතරයි. ලෙඩුන් බලන්න එන අයට වාහන නවත්වන්න තැනක් වෙන් කරලා තියනවා.” ආරක්ෂක භටයා කරුණු පැහැදිලි කළේය. ‘‘දන්නවද මං කවුද කියලා. මං ප‍්‍රභූ ආරක්ෂක නිලධාරියෙක්. මට මෙතැන වාහන නවත්වන්න කාගෙවත් අවසර ඕන නෑ,” යැයි පැවැසූ ඔහු ලෙඩෙක් බලන්නට රෝහල ඇතුළට යන්නට උත්සාහ කළේ ආරක්ෂක භටයාගේ වචන තඹේකටවත් මායිම් නොකරමිනි. ”මහත්තයා මේ ලෙඩුන් බලන වෙලාවක් නෙමෙයි. ඔබට යන්න දුන්නොත් අපේ රස්සාවත් ඉවරයි.” රෝහල් සේවකයා මග හරස් කරමින් පැවසීය. යක්ෂාවේශ වූ ප‍්‍රභූ ආරක්ෂකයා, ”මං නවත්වන්න තමුන් කවුදැ” යි විමසා රෝහල් සේවකයාගේ කනට පහරක් ගැසීය. ප‍්‍රභූ ආරක්ෂකයාගේ ඔරලෝසුව වැදී රෝහල් සේවකයාගේ කන තුවාල වී ලේ ගලන්නට විය. මේ කලබලය දුටු සෙසු රෝහල් සේවකයෝ ද, වෛද්‍යවරු ද එතැනට පැමිණියහ. සිංහ වෙස්ගෙන සිටි ප‍්‍රභූ ආරක්ෂකයා වෛද්‍යවරුන්ගේ සහ රෝහල් සේවකයන්ගේ විරෝධය හමුවේ අසරණ විය. අවසානයේ මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කෙරිණි. පොලිසියට ගිය ප‍්‍රභූ ආරක්ෂකයා, ”මේක සමාදාන කරගනිමු. දුර දිග ගියොත් මගේ රස්සාවත් ඉවරයි,” කියමින් පින්සෙන්ඩු වන්නට විය. පොලිසියේ දී සමාව ගත් ප‍්‍රභූ ආරක්ෂකයාට තුවාල ලැබූ රෝහල් සේවකයා වෙනුවෙන් රුපියල් 5000ක වන්දියක් ද ගෙවීමට සිදු විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටිකෑවත් මොකෝ මුදල් ලැබෙනවා නම් (නි)
මෙවැනි සුළු දෙයකට කුපිතවී, නීති ගරුක සේවකයකුගේ බැගෑපත් ඉලිලීමට අවනත නොවී, නීති කඩකරමින් අමානුෂික ලෙස ඔහුට පහරදුන් මේ ප‍්‍රභූ ආරක්‍ෂකයාට සිංහයින්ගෙන් පමනක් නොව බලුකුක්කන්ගෙන්ද ඉගෙනගතයුතු විශේෂ දෙයක් ඇත. ඒ සතුන් පොරකෑමේදී තමා යටතට වැටුනු බැගෑපත්වූවනට කිසිටිටක සපා කෑමක් නොකරති. සත්ව ලෝකයේ ඇති මෙවැනි උසස් ගුණධර්ම බොහෝ මිනිසුන් ලඟ දකින්නට නැතිවීම ඉතාමත් කණගාටුදායකය. (දී)
ඕකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. හෙට තවත් තැනකට ගිහින් තව කවුරු හරි අහිංසකයෙක්ට ඔය වගේම ගණන් පෙන්නාවි. (දී)
ගොඩින් බේරා ගත්ත එක වැරදියි. ඒ සේවකයත් හිතල තියෙන්නේ තමන් ගේ වාසිය විතරයි. මේවැනි සිදුවීම් නීතිය ඉදිරියට ගෙන යා යුතුයි. නීති මගින් දඩුවම් දියයුතුයි.... (දී)
අමතක වෙලා වගේ මේ ලංකාවයි කියලා. (නි)
මේ වගේ අහිංසකයන්ට තමයි ඉතිං ගහන්නේ. (නි)
ඔය වගේ වැඩ කරන අය නීතිය ඉදිරියට ගෙනගොස් දඩුවම් කරන්න ඕන. නැත්නම් කොච්චර කිව්වත් සමාව ගත්තත් හැදෙන්නේ නැහැ..!!(නු)
ඔය කියන ප්‍රභූ ආරක්ෂකයාගේ නම කියන්න බැරිද? (නි)
අයියෝ! බලු වෙනවා කියලා ඔහොමත් බලු වෙනවද අප්පා? (නි)
සිංහයා බලු වේ (දී)
පොලිසි වලත් ඉන්නවා හරියට කතාකරන්න නොදන්න කට්ටිය (නි)
මේ අය හිතන්නෙ නැහැ එයාලත් සිවිල් සමාජයේ අයමයි කියලා (නි)
අනේ මට තියෙන දුක තමයි, රෝහල් ආරක්ෂකයා මේ වෙද්දී ජීවතුන් අතර ඉන්නවද කියන එකයි. (නි)
කොහොමත් කටු කන බල්ලා තමයි පොළොවට අඩියක් උඩින් යන්නේ. (නි)
මෙයාට නමක් නැද්ද? මෙහෙම වැඩඩ කරන අයගේ නම් මින්පස්සේ පත්තරේ දාන්න. නැත්නම් ප්‍රවෘත්තිය වැඩක් නැහැ. (නි)
සිංහයෝ කවදහරි බලු වෙනවා තමයි...(ස)
ඔයවගේ ඔලුව ඉදිමුණු නිලමැස්සන් රැසක්ම අද රටේ බෝවෙලා ඉන්නවා. (නි)
දැන් කාලේ තියෙන ෆිල්ම් බැලුවම සමහර මිනිස්සුන්ට ඔය වගේ දේවල් කරන්න හිතෙනවා....(ස)
අතක් පයක් කඩලා දාන්නයි තිබුණේ. (නි)
ඔයිට කලිනුත් මේ වගේ කෙනෙක් ටොරින්ටන් පැත්තෙන් හොඳට කෑවා...(ස)
අපරදේ මේ වගේ කෙනෙක්ට සමාව දුන්නේ....(ස)
අපිට නම් හෙළිකරන්න (නි)
අපිට තව විස්තර දෙන්න (නි)
මේවට තමයි කියන්නේ ඇදගෙන නානවා කියලා...(ස)
මෙයාලගේ තියෙන නැහැදිච්චකම තමයි පෙනෙන්නේ. (නි)
සිංහ නාදේ බලු කෙදිරිය.....(ස)
හොඳ වැඩේ ලොකු කම් පෙන්වන්න යනවට...(ස)
එක්කෙනා ගානේ හරි කමක් නෑ හැදෙනවානම්...(ස)
10000 ලැබුණනම් හොඳයි...(ස)
මේ වගේ අය සමාජයේ ඕනතරම් ඉන්නවා...(ස)
එතකොට අර රෝහල් ආරක්ෂකයාගේ ගරුත්වයට වෙන්නේ මොකක්ද? (නි)
හොඳ වැඩේ...(ස)
ප්රධාන හේතුව නූගත්කම (නි)
ගොඩක් හොඳ වැඩක්...(ස)
රෝහල් සේවකයාට අවුරුදු වගේ ඇති. (දී)
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ... (දී)