විවාහකයකු වූ ඔහු පෞද්ගලික ව්‍යාපාරිකයෙකි. ඇය පෞද්ගලික ආයතනයක සේවිකාවකි. දෙදෙනා අතර සබඳතාවක් වුවත් එය ගෙවල්වලට මෙන්ම රටටද රහසක් විය. පසුගිය දා යතුරුපැදියෙන් ගිය ඔහු මහ වැස්සෙන් බේරීමට මහ මඟ වූ වෙළෙඳ සලකට ගොඩ විය. මහ වැස්සට හසුවූ ඇය ද එහි වූවාය. එහෙත් ඇගේ අතෙහි කුඩයක් විය. දිගු වේලාවක් කතාබහේ නිරතවූ ඔහු ”මේක පායන වැස්සක් නොවේ. ඔයාට ඔෆිස් වෙලාව වරදිනවා. කුඩේ ඉහළගෙන බයික් එකේ යමු” කීවේය. එයට මුලදී අකමැති වූ ඇය පසුව එකඟ වූයේ වැස්සේ අඩුවක් නොවූ නිසාය. කුඩය ඉහළාගෙන ඔවුන් යතුරු පැදියෙන් ගියේ මඳ දුරකි. ඇය ඔහුගේ මුහුණ ආවරණය වන සේ කුඩය ඇල්ලීම නිසා යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව කාණුවකට පෙරළිනි. ඔහු බේරුණත් ඇයට සුළු තුවාල සිදු විය. අමාරුවෙන් නැගිට ගත් ඔහු සිදුවූයේ කුමක්දැයි ඇසූවිට ඇය කීවේ ඉදිරියෙන් තම සහෝදරයකු ආ නිසා ඔහු හඳුනා ගනීවි යැයි සිතා කුඩයෙන් මුහුණ ආවරණය කළ බවකි. ඔහුට යකා වැහුණත් ඒ බව නොපෙන්වා යළි ඇය යතුරුපැදියට නංවා ගත්තේ රෝහලට යාමටලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මේ දේවල් කරන්නේ දෙවියන් වෙන්න ඇති නේද? (නි)
කෙල්ලන්ගේ වැඩ නිසා අමාරුවේ වැටෙන්නේ මේ වගේ කොල්ලෝ තමයි (ස)
ඔහොම වෙලා මදි. අපරාදේ අහුවෙන්නමයි තිබුණේ. (නි)
බයිසිකලයට හානියිද? (නි)
ඔන්න ඇත්ත නෝනා එනවෝ.... (නි)
හොද වැඩේ තහනම් ගහට නගින්න යනවට ඔහොම බේරුනේ අපරාදෙ...(නු)
මට දුක බයිසිකලය ගැනයි..
ලංකාවේ ගෑනුන්ගේ මොලේ හැදි මිටේය කියන්නේ ඕකනේ (ස)
පද්මිගේ යාලුවගේ මොළය තිබුණේ හැදි මිටේ නෙමෙයි, කුඩ මිටේ. (නි)
අනේ මට නුඹ ගැන දුකයි.. නංගි ගැනත් දුකයි.. බයිසිකලේ ගැනත් දුකයි.. අනේ අම්මපා ඔය කුඩේ තිබුණෙ නැත්නම් අපි කවුරුවත් රෝහලට යන්නේ නැහැනේ නංගෝ..!(නු)
අයියෝ සල්ලි
හොඳ වැඩේ ඔහොම වෙලා මදි (ස)
මට හරි හිනා (ස)
අයියෝ සල්ලි
තහනම් ගහේ ගෙඩි කනවට හොද පාඩමක්. (නි)
තහනම් ගහ ටිකක් අමාරුයි නංගී (ස)
කනගාටුයි
ඔෆිස් යන්න වේලාවේ ප්‍රමාදයයි යතුරුපැදියෙ උපකාරේ ගත්ත හොඳයි අවේලාවේ කොයි යනවද වැස්ස තදයි සහෝදරය මේ වේලේ වැඩේ කැතයි (ස)
ගැහුණු මොලේ හැදි මිටේ තරමට කිව්වට තැනට සුදුසු නුවන ගැහැණියට තියෙන බව නේද මේ කිව්වේ (ස)
තව පොඩ්ඩෙන් සේරම කුඩේ කුඩු..!(නු)
දැන් බලන්නකෝ, හෙටත් ඕකම නොකරයිද කියලා. (නි)
අනේ ඔහොම වෙලා මදි ඔය වගේ අයට..!(නු)
මෙහෙම කාන්තාවන් සමග හාදකම් පවත්වන මෝඩ පිරිමින්ට මේවා හොද පාඩම්. (නි)
මේ වගේ අය ඉන්නකම් පිරිමින්ගේ විනාශය තමයි ඉතිං..!(නු)
මෝඩ ජෝඩුව (ස)
ලංකාවෙ ගැහැණු ප්‍රතිශතය වැඩි නිසා පිරිමින්ට තමයි අඩුම තරමින් දෙක දෙක වත් කරගන්න වෙන්නෙ..?(නු)
මුළු ලොව මගෙන් අසාවී...දැන් මම කුමක් කියම්දෝ (ස)
මෙහෙමත් මෝඩ ගෑනියෙක් (ස)
යනවානම් අනේ මන් අරන් ..යන තැනකට යන්න රත්තරන් (ස)