කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
සිය මාමණ්ඩියගේ සොහොන යැයි සිතා සූර් පිට කිලෝ මීටර් කණුවකට ඉටි පන්දම් පත්තු කර පැමිණි පුද්ගලයකු පිළිබඳව වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
එම ගම තරමක් දුෂ්කර ගමකි. නගරයේ මෙන් ආදාහනාගාර නොමැති හෙයින් කනත්ත භූමියේ මිනී භූමදානය සිදු කරයි. දුප්පත් පුද්ගලයන් සාමාන්‍යයෙන් මිනිය භූමදානය කරන අතර, පොහොසත් පිරිස් සොහොන් කොත් නිර්මාණය කර වසරක් පාසා ගොස් ඉටි පහන් හෝ මැටි පහන් දල්වා මියගිය පුද්ගලයන් ස්මරණය කරති.
මෙම කනත්ත ප්‍රධාන මාර්ගයකට ආසන්නව පිහිටා ඇති අතර, පාර පුළුල් කිරීමේදී කනත්ත දෙසින් නොව අනෙක් පසින් පාර සකස් කර ඇති හෙයින්, කනත්ත භූමියේ පැරැණි කිලෝ මීටර් කණුවක් ද තිබේ. එම කණුව නව පාර තැනීමේදී එම ස්ථානයෙන් ඉවත් කර නොමැති අතර, වටේ ඇති සොහොන් සමග පස්වලින් යට වී සොහොන් කොතක් සේ දිස් වේ.
මෙම ගමෙහි ජීවත් වූ තරමක් ධනවත් පවුලක කාන්තාවක් සිය පියාගේ වසර හතේ පින්කම නිමිත්තෙන් සොහොන ශුද්ධ කර ඉටි පහන් දල්වා පැමිණෙන ලෙස සිය ස්වාමිපුරුෂයාට පවසා ඇත.
පසු දින තමන් සොහොනට මල් කලඹක් තැබීමට යා යුතු බව ද ඔහුට පවසා ඇත. ඉතා බියගුලු පුද්ගලයකු වූ ඇයගේ සැමියා බිරියගේ කීම අහක දැමීමට නොහැකි නිසා හා ඇය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් ලැබෙන ප්‍රතිවිපාක දන්නා හෙයින්, මිතුරකු හා කනත්ත වෙත යාමට කටයුතු කර ඇත්තේ ඇයට සිතින් සාප කරමිනි.
රාත්‍රී කාලයේ පහන් දැල්විය යුතු බැවින්, එතෙක් බිය මඳක් හෝ අඩු කරගැනීමට මිතුරා සමග අවන්හලකට ගොස් හොඳ හැටි මත්පැන් පානය කර තිබේ. පසුව රාත්‍රී උදා වූ පසු දෙදෙනා බොහෝ අපහසුවෙන් කනත්ත වෙත ගොස් මාමණ්ඩියගේ සොහොන් කොත සොයා කනත්ත පුරා ඇවිද ඇත.
මාමණ්ඩියගේ නම කේ.එම්. යනුවෙන් පටන් ගන්නා අතර, මිතුරා බොහෝ අපහසුවෙන් කේ.එම්. සොහොන් කොතක් සොයා ගෙන ජයග්‍රාහි ලීලාවෙන් ඔහුට කතා කර තිබේ. පසුව එම ස්ථානය එහෙන් මෙහෙන් ශුද්ධ පවිත්‍ර කර, බිරිය කෑන් එකකට දමා දුන් නැවුම් කිරිවලින් කොත සෝදා ඉටිපන්දම් දල්වා ඉක්මනින් එතැනින් ගොස් ඇත්තේ වෙරි පිටමය.
බිරිය මල් කලඹක් රැගෙන පියාගේ සොහොන වෙත සැමියා සමග ගොස් ඇති අතර, පෙර දින සැමියා සිය පියාගේ සොහොන වෙත කිසිවක් කර නොමැති බව දැක යකා ආරූඪ වී තිබේ. එවිට ඔහු බියෙන්, බිරිය අමතා, “නැහැ, නැහැ. මගේ යාළුවා හොඳට නම බලලා ශුද්ධ කරලා කිරිවලින් සොහොන නාවලා හේදුවේ” යැයි පවසා ඇත. පසුව ඔහු වටපිට බලද්දී කිලෝ මීටර් කණුව අසල දැවී ගිය ඉටිපන්දම් හා කිරි ගෙනා කෑන් එක දැක, තමන් මාමණ්ඩියගේ සොහොන යැයි සිතා කිරිවලින් සෝදා ඉටිපන්දම් දල්වා ඇත්තේ කිලෝ මීටර් කණුවකට බව දැක, ඒ දෙස දත් මිටි කමින් බලා සිටින බිරිය දෙස බලා ලැජ්ජාවෙන් එතැනින් හිමිහිට මාරු වී ඇත්තේ බිරියගේ කටේ ශක්තිය ඇයගේ අත පයවලට ඒමට පෙරය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සොහොන් කොත වැරදී කණුවට ඉටිපන්දම් පත්තු කරලා