ගංවතුරින් නිවාස හා ආයතන යටවූ විට සැවොම ඒවා හැරගියහ. නමුත් සමහර ආයතනවල ආරක්ෂක නිලධාරීන්ට සිදුවූයේ දන හිසටත් උඩින් වතුර තිබුණත් ආරක්ෂක කුටියට වී ආයතනය ආරක්ෂා කිරීමටය. එක් ආරක්ෂක නිලධාරියකුට අනුයුක්ත කිරිමට කිසිවකු නොසිටියෙන් දින තුනක් පුරා ගත කිරීමට සිදුවූයේ ජලයෙන් යට වූ මුර කුටියේ කබල් මේසයක් මතය.
පිහිනිමට නොදත් ඔහුට විදුලිය විසන්ධි කර තිබූ නිසා කළුවරේ ද, මදුරු දඟර නොමැති කමින්, මදුරුවන් සිය ගණනකගේ ග්‍රහණයෙන් ද පසුවීමට සිදුවිය. උදෑසන මේස කබල මත සිටින ඔහුට දැකගත හැකි වූයේ දණහිසක් වතුරේ බැස ඔහු කරා පිවිසෙන පුද්ගලයෙකි. “අයියා කෑම ඕනෙද” හෙතෙම විමසීය. “දන්සල් ද?” ආරක්ෂක නිලධාරියා ඇසුවේ තමා සන්තකයේ තිබුණේ රුපියල් තුන්සියයක් හෙයිනි. “කෑම එකක් සීයයි” පුද්ගලයා පැවසීය. “එකක් දෙන්න” ඔහු පැවසුවේ දින තුනක්ම ආහාරයට ගෙන තිබුණේ බිස්කට් බැවිනි. මනා ලෙස ඇසුරූ කෑම පාර්සලයේ ව්‍යජංන තුන හතරක්ම විය.
“දවල්ටත් මම එකක් ගේන්නම්” අයියා වතුරට බහින්න එපා. වතුර පාර සැරයි” ඔහු පැවසීය. මදුරු දඟර සහ වේදනා නාශක බෙහෙත් පෙති මිලදී ගැනීමේ අරමුණින් ආරක්ෂක නිලධාරියා දිවා කාලදී බියෙන් වතුරට බැස්සේ සුනඛයින් ද වතුරේ ගමන් කරනු දුටු පසුය. ගංවතුර බැස ගිය ස්ථානයක මිනිසුන් පොරකනු දුටු ඔහු නෙත ගැටුණේ වාහනයකින් කෑම පාර්සල් බෙදා දෙන අයුරුය.
පෝලිමේ පැමිණි ඔහු කෑම පාර්සලයක් ලබාගනිද්දී උදේ කෑම පාර්සලය විකුණූ තැනැත්තා ද ඒ අතර විය. ආරක්ෂක නිලධාරියා දුටු ඔහු “අයියා මොකද ආවේ. මම කෑම ගෙනත් දෙනවානේ. උදේත් මේ කට්ටියම තමයි කෑම ගෙනාවේ” යැයි පැවසීය. ආරක්ෂක නිලධාරියා කිසිවක් පැවසුවේ නැත. වාර්තා වූයේ කැලණි ගඟ අසබඩිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහනාධාර කෑම පාර්සලය ගංවතුරට කොටුවූ අයකුට සීයකට විකුණලා
සහන් Monday, 30 May 2016 08:00 PM
මේක රැවටිල්ලක් නොවේ වංචාවක්. අවස්ථාවාදී ගසා කෑමක් (රේ)
රොෂාන් Tuesday, 31 May 2016 09:47 AM
රුපියල් 100 ට කුසගින්න නිවා ගැනීමට ලැබීම කොච්චර දෙයක්ද? අනික මේක ශ්‍රී ලංකාවනේ? (අ)
රොෂාන් Monday, 30 May 2016 12:53 PM
ඕවට තමයි ලංකාවේ බිස්නස් කියන්නේ? (ර)
රවිඳු Monday, 30 May 2016 02:43 PM
දහඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කර ගත්තාම ඉතින් මොකද වෙන්නේ? අපේ රටේ ගොඩක් අයියලා රැකියාව ලෙස කරන්නේ ඔයවගේ දේවල් තමයි. (ර)
සෑම් Monday, 30 May 2016 09:17 AM
දික්පිටියා කාලගෝලයාව රවට්ටපු ආකාරයට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවානේ (බ)
ලංකා Tuesday, 31 May 2016 10:04 PM
පිනට දෙනදේත් විකුණගෙන කන මිනිස්සු! (නි)