උඩරට පාසලකට පත්වූ නව විදුහල්පතිවරයෙකි. තම ඥාතියකු බලවත් ලෙස රෝගාතුරව කොළඹ ප‍්‍රතිකාර ලබන බව ආරංචි වූ ඔහු රාජකාරි කටයුතු නිසා එහි යාමට නොහැකි බව දන්වා සිය සොහොයුරකු එහි යැවීමට ක‍්‍රියා කළේය. ”මම අයියට රාජකාරි දුම්රිය බලපත‍්‍ර පෝරමයක් පුරවල දෙන්නම්. ඒක ස්ටේෂන් එකේදී මාරු කර ටිකට් එක ගන්න” කියූ ඔහු හිතවත් ගුරුවරයකුගේ නමින් බලපත‍්‍රයක් ලියා දුන්නේය. සොහොයුරා එය රැගෙන පසුදා උදේම දුම්රියපොළට ගියත් ඒ වනවිට දුම්රිය අද්දමින් තිබිණ. එහි අමාරුවෙන් එල්ලූණේ ටිකට් පත අවශ්‍ය නැතැයි සිතාගෙනය. අතරමගදී ටිකට් පරීක්ෂකවරයකු තම රාජකාරිය කරමින් ඔහු අසලට එනවිට සොහොයුරා බලපත‍්‍ර අයදුම්පත ඔහුට දුන්නේ ”රාජකාරි” කියමින් මහත් අභිමානයෙනි. අයදුම්පත පිළිබඳ වංහුං සෙවූ ටිකට් පරීක්ෂකවරයා මෙය වංචාවක් බව දැනගෙන අනෙක් අයටද පවසා පරීක්ෂණ ආරම්භ කිරීම නිසා දැන් විශාල පිරිසක් අමාරුවේ වැටිලාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න දෙයක් නැහැ. වෙලා තියෙන්නේ “ලු “ නේ. (නි)
මේ විදුහල්පතිතුමා මහා වරදක් කළා කියල හිතන්න එපා. ඔයවගේ අහිංසක වංචා වලට පන්න පන්නා දඩුවම් දෙන රටේ තක්කඩි සුවෙන් ඉන්නවා. (නි)
සංජු , පැහැදිලි මදි මෝඩකමට බෙහෙත් නෑ..(ස)
කෝච්චියට නගින්න කලින් ටිකක් බලන්නෙ නැද්ද? (නි)
මුලු රටටම ආදර්ශමත් විදුහල්පති කෙනෙක්.බණින්න එපා, ගහන්න අත්පුඩියක්. (නි)
මේකේ තේරුමක් නැහැ. (නි)
විදුහල්පති කෝච්චියකට අහුවෙලා .අයයි බාප්පෙකුට අහුවෙලා.(ස)
ටිකට් එකක් නැතුව වේදිකාවට ගියේ කොහොමද? (නි)
විශාල පිරිසක් කොහේද අනේ. විදුහල්පතියි, ගමන ගිය කෙනයි , අනෙක් ගුරුවරයායි විතරයිනේ අප්පා. (නි)
කමක් නැ. මේක “ලු“ කථාවක් නේ (නු)
පැහැදිලි මදි (ස)
ෂුවර් එකටම සංජු වෙන්න ඇති කොච්චියේ එල්ලුනේ..ඒකනේ තාම පැහැදිලි මදි කියන්නේ.. (ස)
තමන්ගේ මල්ලි ගැන හරියට නොදන්න අයියෙක්. (ස)
උගත් මල්ලිගේ මෝඩ අයියා.. (ස)
අයියෝ විදුහල්පති
මීට වඩා මොනවා පැහැදිලි කරනනද ? (ස)
පිස්සු නැත්නම් ශෝක් (ස)
මෝඩකමට බෙහෙතක් තවම හොයාගන නැත. (නි)
ඔහොම වෙලා මදි.. (ස)