IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සොහොයුරා නොදන්නා වැඩකට යොදවලා විදුහල්පතිට තරු පෙනිලා

උඩරට පාසලකට පත්වූ නව විදුහල්පතිවරයෙකි. තම ඥාතියකු බලවත් ලෙස රෝගාතුරව කොළඹ ප‍්‍රතිකාර ලබන බව ආරංචි වූ ඔහු රාජකාරි කටයුතු නිසා එහි යාමට නොහැකි බව දන්වා සිය සොහොයුරකු එහි යැවීමට ක‍්‍රියා කළේය. ”මම අයියට රාජකාරි දුම්රිය බලපත‍්‍ර පෝරමයක් පුරවල දෙන්නම්. ඒක ස්ටේෂන් එකේදී මාරු කර ටිකට් එක ගන්න” කියූ ඔහු හිතවත් ගුරුවරයකුගේ නමින් බලපත‍්‍රයක් ලියා දුන්නේය. සොහොයුරා එය රැගෙන පසුදා උදේම දුම්රියපොළට ගියත් ඒ වනවිට දුම්රිය අද්දමින් තිබිණ. එහි අමාරුවෙන් එල්ලූණේ ටිකට් පත අවශ්‍ය නැතැයි සිතාගෙනය. අතරමගදී ටිකට් පරීක්ෂකවරයකු තම රාජකාරිය කරමින් ඔහු අසලට එනවිට සොහොයුරා බලපත‍්‍ර අයදුම්පත ඔහුට දුන්නේ ”රාජකාරි” කියමින් මහත් අභිමානයෙනි. අයදුම්පත පිළිබඳ වංහුං සෙවූ ටිකට් පරීක්ෂකවරයා මෙය වංචාවක් බව දැනගෙන අනෙක් අයටද පවසා පරීක්ෂණ ආරම්භ කිරීම නිසා දැන් විශාල පිරිසක් අමාරුවේ වැටිලාලූ.



අදහස් (0)

සොහොයුරා නොදන්නා වැඩකට යොදවලා විදුහල්පතිට තරු පෙනිලා

වරුණ Tuesday, 18 September 2012 01:07 PM

පිස්සු නැත්නම් ශෝක් (ස)

:       0       0

තතසර Thursday, 20 September 2012 08:46 AM

කෝච්චියට නගින්න කලින් ටිකක් බලන්නෙ නැද්ද? (නි)

:       0       0

අප්පු Tuesday, 18 September 2012 01:10 PM

මීට වඩා මොනවා පැහැදිලි කරනනද ? (ස)

:       0       0

දයා Tuesday, 18 September 2012 01:24 PM

අයියෝ විදුහල්පති

:       0       0

තාරා Thursday, 20 September 2012 10:21 PM

මේ විදුහල්පතිතුමා මහා වරදක් කළා කියල හිතන්න එපා. ඔයවගේ අහිංසක වංචා වලට පන්න පන්නා දඩුවම් දෙන රටේ තක්කඩි සුවෙන් ඉන්නවා. (නි)

:       0       0

අරැණ Tuesday, 18 September 2012 07:48 PM

කමක් නැ. මේක “ලු“ කථාවක් නේ (නු)

:       0       0

කමල් Tuesday, 18 September 2012 07:43 PM

විශාල පිරිසක් කොහේද අනේ. විදුහල්පතියි, ගමන ගිය කෙනයි , අනෙක් ගුරුවරයායි විතරයිනේ අප්පා. (නි)

:       0       0

ලංකා Tuesday, 18 September 2012 04:35 PM

ගණන් ගන්න දෙයක් නැහැ. වෙලා තියෙන්නේ “ලු “ නේ. (නි)

:       0       0

සුනිල් Thursday, 20 September 2012 05:35 PM

සංජු , පැහැදිලි මදි මෝඩකමට බෙහෙත් නෑ..(ස)

:       0       0

දන්ද්‍රසිරි Tuesday, 18 September 2012 01:56 PM

උගත් මල්ලිගේ මෝඩ අයියා.. (ස)

:       0       0

තිලක් Tuesday, 18 September 2012 10:07 PM

ටිකට් එකක් නැතුව වේදිකාවට ගියේ කොහොමද? (නි)

:       0       0

සරත් Tuesday, 18 September 2012 02:02 PM

තමන්ගේ මල්ලි ගැන හරියට නොදන්න අයියෙක්. (ස)

:       0       0

ප්‍රවීන් Tuesday, 18 September 2012 02:22 PM

ෂුවර් එකටම සංජු වෙන්න ඇති කොච්චියේ එල්ලුනේ..ඒකනේ තාම පැහැදිලි මදි කියන්නේ.. (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 18 September 2012 11:01 PM

විදුහල්පති කෝච්චියකට අහුවෙලා‍ .අයයි බාප්පෙකුට අහුවෙලා.(ස)

:       0       0

සංජු Tuesday, 18 September 2012 11:36 AM

පැහැදිලි මදි (ස)

:       0       0

අමිල-ඩුබායි Thursday, 20 September 2012 03:05 AM

මුලු රටටම ආදර්ශමත් විදුහල්පති කෙනෙක්.බණින්න එපා, ගහන්න අත්පුඩියක්. (නි)

:       0       0

නදීක Tuesday, 18 September 2012 11:44 AM

ඔහොම වෙලා මදි.. (ස)

:       0       0

රාජා Tuesday, 18 September 2012 12:30 PM

මෝඩකමට බෙහෙතක් තවම හොයාගන නැත. (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 19 September 2012 01:44 AM

මේකේ තේරුමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 209 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1005 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site