මේ දිනවල රූගත වන චිත්‍රපටයක් බැලීමට සිය මවගෙන් අවසර ඉල්ලීමට යාමේදී මවගෙන් ලැබුණු අපූරු පිළිතුරක් නිසා කවුරුත් සිනා සාගරයක ගිලුණු පුවතක් අඹන්පොළින් වාර්තා විය.
මෙම සිද්ධියට අනුව මේ දිනවල වඩාත් කතාබහට ලක්වන ළමා චිත්‍රපටයක් ඇතැම් සිනමා ශාලාවල නොමිලේ තිරගත වීම නිසා පාසල් දරුවෝ එය නැරඹීමට මහත් උනන්දුවෙන් පසුවෙති. තමා ඉගෙන ගන්නා පාසලේ ළමයින්ට ද එය නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලැබී ඇති බැව් දැනගත් දැරියක් ඉහ වහා ගිය සන්තෝෂයෙන් එම ආරංචිය තම මවටද පවසනු අටියෙන් පාසල ඇරී නිවෙසට ආවේ මිටින් හළ කුරුල්ලෙකු මෙනි.
“අම්මේ දන්නවද අපි හෙට තඹුත්තේගම යනවා”
‘ඒ මොකටද ?
මවගේ ප්‍රශ්නය තුළ තිබුණේ මහත් කුකුසකි. “ අපි හැමෝම යනවා හෝ ගාන පොකුණ බලන්න” මහත් කලබලයට පත් මව එකවර ම‘ හා...හා ... ඕවා බලන්ඩ ගියාට කමක් නෑ එබෙන්ඩ කරන්ඩ එහෙම යනවා නෙමෙයි. ඔය තැන්වල හරියට අනතුරු, ළඟට එහෙම යන්නඩ එපා. ඈත ඉඳන් බලන්ඩ ඕනෑ.”
මවගේ මේ කතාවෙන් හිනාව වාවා ගත නොහැකි වූ දියණියට පුංචි තරහක්ද ආවාය. මේ...... අම්මේ ‘හෝ ගාන පොකුණ’ කියන්නේ චිත්‍රපටියක්. හෙට ෆිල්ම් හෝල් එකේ නොමිලේ ඒ චිත්‍රපටිය පෙන්නනවා” යැයි දියණිය පිළිතුරු දුන්නෙන් මවටද සිනහව නවතා ගත නොහැකි වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අම්මලාගේ කාලේ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකා එන්නේ හෝ ගාන පොකුණ, අහස් යාත්‍රා, කටුගේ, සත්තු වත්ත බලන්නනේ. ඒක මතක් වෙන්න ඇති (නි)
හොඳ අම්මලා හැම වෙලාවේම කලබල වෙනවා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අම්මාත් කලබල වෙන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඇති (නි)
ඔයවගේ පුතෙක් යුරෝපයේ රටකට ඉගෙනගන්න ගිහින් අම්මට ලියුමක් ලියනවලු. අම්මේ මේ දවස්වල මෙහෙ ග්‍රීස්ම කාලය හරිම ලස්සනයි අපි යාළුවොත් එක්ක ස්ට්‍රෝබෙරි කඩන්න යනවා. අම්ම හැරෙන තැපෑලෙන් ලියනවලු අනේ පුතේ ඕව කඩන්න ගස්නගින්නේ ප්‍රවේසමෙන් කියල. නොතේරුම් කම උනත් දෙවෙනි බුදුන් අම්මගේ සෙනෙහසයි මම මෙතැනදී දකින්නේ (අ)
හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවා පරිස්සම් කරන්නේ ආදරේ වැඩි හින්ද. ඉතින් දරුවෝ ගැන හිතන තීරණ ගන්න කොට අම්ම කෙනෙක් ටිකක් කලබල වෙනවා. එ්ක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක පත්තරේ දාලා හිනාවෙන්න වටින්නේ නෑ කියන එකයි මගේ නම් අදහස. මේ අම්ම කියපු දේට මටනම් හිනාවක් නෙමේ එන්නේ හරිම ආඩම්බරයක්. (බ)
අපේ අම්මලත් අපිව අවවාද අනුශාසනා දීල හදාගත්ත හින්ද තමයි, අද අපි සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ඉන්නේ.(බ)
මට මතක් වුණේ "සැඩ සුළං" චිත්‍රපටියේ පෝස්ටර් දැකලා ගම්බද ජනතාව සුළි සුළඟක් එනවා කියලා වරදවා තේරුම්ගත් කතාව. (නි)
මේ අම්මත් ඉස්සර හෝගාන පොකුණ බලන්න එන්න්න ඇති. ඒක මතක්වෙලා තමයි දුවට කියලා තියෙන්නේ ප්‍රවේශමෙන් වැඩිය එහෙ මෙහෙ එබෙන්න එපා කියලා. දැන් ඉන්න දුවලා එබිලා බලලා පීනලත් ඉවරයි. (නි)
දරුවෝ ගැනම හිතන අහිංසක අම්මා කෙනෙක්. (නි)
හැබෑ මාතෘත්වය කියන්නේ ඕකයි. දරුවෙක් ගෙදරින් එළියට යනවා නම් ආරක්ෂාව ගැන කියන්න තිබෙන ඔක්කොම ඔවදන් ටික දීලා තමයි යවන්න හිතන්නේ. ඒ මෝඩකමට නෙමෙයි. දරු පෙමට. (නි)
නියම කතාව! (නි)
පවු අහිංසක අම්මා කෙනෙක් (නි)
මේක උපහාසයට ලක් විය යුතු දෙයක් නොවේ. මොන අම්ම කෙනෙකුට වුවත් තමා ගේ දරුවා රජෙකි. අම්මට මගේ උපහාරය ! (ර)
අපේ හැම අම්මා කෙනෙක්ම මේ වගේ තමන්ගේ දරුවෝ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ (නි)