පුද්ගලික ආයතනයක් අසලට ඉඳහිට පැමිණෙන යාචකයෙකි. පිරිසිදු ඇඳුමෙන් සිටින ඔහුට සමහරු මුදල්වලින් හා ආහාර පානවලින්ද සංග‍්‍රහ කළහ. ආයතනයේ සේවකයෙක් සමග කුළුපග වූ හෙතෙම පැවසුවේ දිනපතා සිඟමනේ නොයෙදෙන බවකි. ආයතනයේ ප‍්‍රධානියෙක් මෙම සේවකයා ලවා ආහාර පැකට්ටුවක් ගෙන්වා ගැනීම සිරිත විය. සේවකයාට මෙම කෑම ඇදීම එපා වී තිබුණේ ගෙනෙන කෑම පාර්සලය රස නැතැයි නිලධාරියා පවසන නිසාය.
දිනක් වෙනත් ආයතනයක නිලධාරිනියක් තම පියා සිහිකර හෝටලයෙන් මිලදී ගත් කෑම පාර්සලයක් පෙරකී යාචකයාට ලබාදුන්නාය. යාචකයා මස්වර්ග නොකන නිසා කෑම පාර්සලය කාටත් හොරෙන් සේවකයාට දී, ‘‘මහත්තයා මේක චිකන් කෑම එකක්. මහත්තයා කන්න.’’ යනුවෙන් පැවසීය. මේ අතර එදිනද සේවකයාට මුදල් දුන් නිලධාරියා, ‘‘හොඳ තැනකින් චිකන් කෑම එකක් ගේන්න’’ යැයි කීය. සේවකයා තමාට ලැබුණු කෑම පාර්සලය බෑගයක දමාගෙන එළියට ගොස්, කෑම අසුරණයේ සඳහන් දුරකතන අංකයට කතාකොට, ‘‘චිකන් ෆ‍්‍රයිඞ් රයිස් එකක් කීයදැයි’’ විමසූ විට ‘‘රුපියල් තුන්සීයයි’’ පිළිතුරු ලැබිණි. ස්වල්ප වේලාවක් නගරයේ රස්තිියාදු වූ ඔහු ප‍්‍රධානියා වෙත ගොස් යාචකයාගෙන් ලද කෑම පාර්සලය ලබාදුන්නේය. එය අනුභව කළ ප‍්‍රධානියා සේවකයා අමතා ‘‘ෂා කෑම රසයි... මීට පස්සේ එතනින් ගේන්න’’ යැයි පැවසීය. සේවකයාට තරු විසිවුණේ කෑම පාර්සලය සපයනු ලැබූ හෝටලය ඇත්තේ කොතැනකදැයි ඔහු නොදන්නා බැවිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගොඩක් දෙනෙක් හිඟමන බිස්නස් එකක් කරගෙන. ඇත්තටම දියයුතු කෙනෙකුටවත් දෙන්න නොසිතෙන්නේ ඒ නිසානේ.(අ)
ඔයාල කවුරුවත් නොදැකපු දෙයක් ගැන මම ලියන්න හිතුව. බලන්න මේ හිඟන්න කොච්චර හොඳ කෙනෙක්ද ඔහු මස්මාලු නොකන කෙනෙක් ඒ නිසා තමා ඔහු එය විසි නොකර එවැනි දෙයක් කර අත්තේ අනික ඔහු අද රටේ සිටින දේශපාලුවන්ට වඩා හොඳ ආදර්ශයක් දී තිබෙන්නේ එම කෑම පාර්සලය ගෙන ඇති කඩෙන් කෝල් කර හරියටම මිලද දැනගෙන එම මිලටම විකුණා තිබෙන්නේ අපේ දේශපාලුවන් වගේ 100 ට අරගෙන 200ට විකුණලා නැහැ ඔහු කළ දේ වැරද්දක් නැහැ කියලා මම හිතන්නේ. (අ)
සෑම්, ඇම්බියුලන්ස් තියෙන්නේ බත් ගෙනෙන්න නෙමෙයි. ඔබ කර තියෙන්නේ බරපතල වරදක්. (නි)
අමිල, නියම කියමන (නි)
සුද්දන්ගේ රටවල නම් කොච්චර අංඝ විකල උනත් උදව්වක් කරන්නේ නැහැ. රජයෙන් දෙන මුදල මදි. අනික පිටින් අාපු අයට දීමනාවක් නැහැ. (නදී)
රටේ දුෂිත දේශපාලකයෝ වැඩි වීමට ඡන්දදායකයෝ නොසැලකිලිමත්ව ඡන්දෙ දීම හේතු වෙනවා සේම, යාචකයෝ වැඩි වීමට ප්‍රධාන හේතුවත් වන්නේත් ඔවුනට මිනිසුන් සල්ලි දීම. (නදී)
රොෂාන්, එතකොට කරන්න ඕනෑ අරගෙන විකුණන එක නොවෙයි. පළවැනි එකෙන් පසු ලැබෙන ඒවා ගන්නේ නැතුව ඉන්න එක. (නි)
රුවන්, වික්‍රම , මමත් ඔබගේ අදහස් වලට එකඟයි (නි)
දෙන දෙය හිත සතුටෙන් දෙන්න. පස්සේ එක ගැන හොයන්න එපා.(දිල්)
කොහොම හරි කෑම එක රහයි නේ.එච්චරයි (දිල්)
අනේ මන්ද මෙහෙමත් වැඩ. කොහොමත් හිඟමනේ යෙදෙන සෑහෙන කට්ටිය කරන්නේ බොරු (අ)
හිඟන්නෙකුට දිනකට බත්පත් කිහිපයක් ලැබෙනවා නම් ඔහු මොකද කරන්නේ? (නි)
කෑම එකේ මිල අහගන්න පුළුවන් නං තියෙන තැන අහගන්න බැරි මොකද? (අ)
ගොඩක් යාචකයෝ කෑම පාර්සල් විකුනනවා .(අ)
හොඳ වැඩේ හොර වැඩ කරනවට (නි)
කඩේට කෝල් කළා නම් තියෙන තැන අහගන්න තිබුණානේ. කඩේ නම් තියෙන්න ඕනෑ ළඟ.නැත්නම් හිඟන්නා සංචාරය කරන්න ඕනෑ. (නි)
ඉස්සර ඇස් වාට්ටුව හන්දියේ ඉන්නවා කකුල හෝ අතක් බැදගත් හිඟන්නන්. ඔවුන්ට කවුරු හරි ඒ තැනකින් කෑම එකක් අරන් දුන්නොත් එහෙම ඒ කඩේම තියල මුදලෙන් බාගයක් ගන්නවා. නැත්නම් කියනවා එහෙනම් මට මෙතනට කෑම එකකට මුදල් දීල යන්න කියල. අතේ කෑම එකක් නැති නිසා කවුරු කවුරුත් කෑම පැකට් එකකට සල්ලි දෙනවා. දවස අන්තිමට ඒ කඩෙන බාගෙට බාගේ සල්ලි අරගන්නවා.(අ)
මම ගොඩාක් වෙලාවට කෑම පාර්සල් හදලා පාරේ ඉන්න හිගන මිනිසුන්ට බෙදනවා.ඒ වුණට මම පහුගිය සතියේ දවසක මගේ පුතාගේ උපන් දිනය නිසා කැළණි විහාරය ඉස්සරහ හිටිය වයසක ආච්චි කෙනෙකුට කෑම එකක් දුන්නා. ඒ දීලා මම තව පාර්සල් වගයක බෙදලා බෙදලා එනකොට මම දැක්කා ඒ ආච්චි මම දුන්න කෑම එක පාරේ ස්වීප් විකුණන මනුස්සයෙකුර දීලා රු.20 ක ස්වීප් එකක් ගන්නවා.පාන්දර 03 ට නැගිටලා ගොඩක් මහන්සි වෙලා කෑම බෙදලා හිටිය මගේ හිතට දැනුන හැගීම ගැන මටම හිතා ගන්න බැරි වුණා.(අ)
බොරු ලිව්වට කමක් නැහැ අහුනොවෙන්න (අ)
ඉතින් එයා කෝල් එක ගත් අංකය දුරකතනයේ නැද්ද? (නි)
80 දශකයේ මා සේවය කල ආයතනයේ රියදුරෙක් ලවා අපි දවල්ට බත් ගෙන්නා ගන්නවා.. අපි ඔහුට වාහනයක් ලබා දීමට කටයුතු කරනවා. එක දිනක් වාහනයක් සොයන විට අලුත්වැඩියා කර අවසන් වූ ඇම්බියුලන්ස් එකක් තිබී ඒක ඔහුට ලබාදුන්නා. ඔහු එලියට ගොස් ටික වෙලාවකින් ජේ ඕ සී බෝම්බය පිපුරුවා. එතකොට හමුදාව, පොලිසිය සියලු දෙනාම හිතලා තියෙන්නේ මේක තුවාලකාරයින් ගෙනියන්න ආපු එකක් කියලයි. ඒ අය මේ වාහනය මල් පාරට යොමු කරලා තුවාල කාරයෝ පටවලා. අපේ රියදුරා ඔව්න්ව ගෙනියන්නේ කොහාටද කියලාවත් දන්නේ නැහැ. නමුත් කෙසේ හෝ අනිත් තුවාලකාරයෝ ගෙනියන පස්සෙන් හදිසි අනතුරු වාට්ටුවට ගෙන ගිහින්. කෙසේ හෝ එදින මේ රියදුරා ආපසු එන්න පෙර අපි ගෙවල් වලට ගියා.මොකද ඇඳිරි නීතිය දාවි කියලා බයේ. එදා දවාලට අපිට කන්න නැතිඋනාට කරදරයකදී කාට හෝ පිහිටවෙන්න ලැබීම ගැන අපි සතුටු වුණා. (අ)
මිල අහල තියෙන්නේ වෙන කඩේකින් ............. එක තේරෙන්නේ නැද්ද (අ)
ටෙලිපෝන් කරන්න පුලුවන්නම් මොකද තැන දැනගන්න බැරි (අ)
ඔබ හරි . (අ)