මහනුවර ප‍්‍රදේශයේ හෝටලයක හිමිකරුවකු සහ එහි සේවකයකු එක්ව සේවය අවසන් කර බස් රථයකින් ගමන් කරමින් සිටියදී හදිසියේ තිරිංග පෑගීමෙන් සේවකයා බස් රියේ තබා තිබූ මල්ල වැටී තැම්බූ බිත්තර දහයකට වඩා විසිරීම නිසා හෝටලයේ මුදලාලිට තරු පෙනීමේ සිද්ධියක් පසුගියදා සිදු විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
මහනුවරට නුදුරු ප‍්‍රදේශයක පිහිටි හෝටලයක සේවය කරන සේවකයෙක් සහ එහි හිමිකරු රාත‍්‍රියේ වැඩ අවසන් කර නිවෙසට යාම සඳහා ගියහ. දෙදෙනාම ගියේ එකම බස් රථයකය.
හෝටලයේ සේවකයා තමන්ගේ ඇඳුම් ඇතුළු දෑ දමා ගත් මල්ලක් ද රැගෙන පැමිණියේය. බස් රථයේ සෙනග පිරී සිටි බැවින් සේවකයා සිය මල්ල බස් රථයේ රියැදුරුට ආසන්න ස්ථානයක තැබුව ද තවත් ටික දුරක් යන විට මෙම දෙදෙනාටම අසුන් ලැබිණ. එහෙත් සේවකයාගේ මල්ල එසේම තිබිණ.
එක් වරම බස් රථයේ තිරිංග තද වූ අතර බස් රථය හෙල්ලී නැවතුනේය. එම සෙලවීමට හෝටල් සේවකයාගේ මල්ල විසිවුණු අතර එතුළ තිබූ තැම්බූ බිත්තර 10 ක් පමණ බස් රථය තුළ සීසීකඩ විසිරිණ.
එය දුටු හෝටලයේ හිමිකරුට යකා නැග්ගේය. එහෙත් කිසිවක් නොකිව් ඔහු බස් රථයෙන් බහින තුරු සිටියේ සේවකයාගේ සේවය අවසන් කිරීමටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම නවතන්න ඕනෑ නම් පටන්ගන්න ඕනෑ ඉහළම තැන ඉඳලා. එහෙම නැතුව මේ බිත්තරයක් හොරකම් කළා කියලා, කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොරකම් කළා කියලා නඩු දැම්මට වැඩක් නැහැ, ලොක්කෝ බරපතල විදියට හොරකම් කරනකොට. රූපවතී, ඔයාගේ කෑම වට්ටෝරුව නම් නියමයි (නි)
හොරකම්කර කන බිත්තරේට වැඩිය සම්බෝලයි බතුයි කන එක වටිනවා මොකද හොරකමින් පවක් පිරෙනවා වගේම අහුවුනාම රැකියාවත් නැති වෙනවා බැරිවෙලාවත් පොලිසි උසාවි යන්න වුනොත් දරුවන්ට සම්බෝලයි බතුයි වත් දෙන්න කෙනෙක් නැති වෙනවනේ තමන්ට හැකි විදියට උපයල උපයපු විදියට වියදම් කරන්න පුරුදු වුනානම් කාටවත් කරදරයක් නැහැ (බ)
මම නාවත් මගේ නමින් අදහස් තිබෙන නිසා නොලියන්නයි හිත තිබුනේ. ඒත් සිතුම්ගේ අදහස කියවද්දී ඇස් දෙකේ කදුළු පිරුනා. මට මගේ පුංචි කාලේ මතක්වුණා. අල්ලපු ගෙදර නැන්දා කුඹුරු වැඩවලට කෑම හදද්දී මම පොල් ටිකක් ගාලා ලූණු එහෙම සුද්ද කරලා දෙන්නේ වෙලේ ගිහින් කමතේ බත් කන්න ආසාවට. (නි)
හෝටලයේ ඉතිරිවුණ බිත්තර නම් අරගෙන ගියත් කමක් නැහැ. නමුත් කියලා ගෙනියන්න තිබුනා, රක්ෂාව රැකගන්නවත්. පව් කියලත් හිතෙනවා. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කියනවනේ. නේද? (නි)
ඉනෝකාත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි වගේ. හොඳයි, හොඳයි, ඔහොම යමුකෝ.... (නි)
වේටර්ගේ රස්සාව නැතිවුණත් හෙට වෙන හෝටලයක රස්සාව ලැබෙනවා. හෝටල් වල සේවක ප්‍රතිලාභ දෙන්නේත් නැහැනේ. (නි)
ඉනෝකාටත් පුදුම ආශාවක්නේ තියෙන්නේ? (නි)
සමන්තී,දැන් නම් මට තියෙන්නේ එකම ආශාවයි.ළමයින්ගෙන් නිදහස් වෙලා කොණ්ඩෙත් බුගාගෙන කොහෙටහරි ගිහින් අතුරුදහන් වෙන්න. මේ යාන්ත්‍රික ජීවිතය මට එපාවෙලා තියෙන්නේ. බිත්තරයකින් පටන්ගෙන මදැයි ගිය දුරක්.....! (නි)
නැතිබැරිකම කියන්නේ අනෙක් මිනිසුන් මහන්සියෙන් හම්බකරන දේ හොරෙන් අත්පත් කරගන්න දෙන ලයිසන් එකක් නෙමෙයි. (නි)
මමත් වැඩ කරන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ හෝටලයක. අපේ හෝටලේ ලොක්කාත් ඒ වගේ කෙනෙක්. විසිකරන දෙයක්වත් සේවකයෙක් කනවා දැක්කොත් බිලක් දාලා පඩියෙන් කපනවා. (නි)
ඉනෝකා, ඔබ අර වැඩකාර ළමයා ගැන අනුකම්පා කරපු එක මම ඉතාම අගය කරනවා.. අපරාධයකට අනුබල දෙන එක ඊට වෙනස්. ගෙදරවල් වල වැඩකරයින්ට කන්න දෙන්නේ නෝනලා මහත්තුරු කාල ඉවර වුණාම. නමුත් ඒ මිනිස්සු මහන්සිවෙලා වැඩ කරලා බොහෝවිට බඩගින්නේ ඉන්නේ. ඔබ විශාල පිනක් සිදු කරගත්ත...(බ)
මම ලංකාවේ සිටියදී මගේ ව්‍යාපාරයට ඉල්ලගෙන කන මිනිස්සු එනවා. සමහරදාට මම දවල් කෑම කමින් සිටියදී ළමයින් වඩාගෙන සමහර දුගී කාන්තාවන් පැමිණෙන අවස්ථා තිබෙනවා. මම මගේ කෑම පිඟානේ කටවල් කීපයක් කා තිබු තැනින් අනපු බත් ටික ඉවත්කරලා වතුර එකකුත් එක්ක දෙනවා මේක දරුවත් එක්ක කන්න කියලා. ඉන් මා පුදුම සතුටක් වින්ඳා. අසරණයෙකුට කෑම ටිකක් දෙන එක ආත්ම ගානක් පින්ලැබෙන සද්ක්‍රියාවක් ..!! (නි)
මට පෙනෙන්නේ බහුතරයක් රැකියාවට යන්නේ එතන දෙයක් හොරෙන් කඩාවඩා ගත්තට මක්වෙනවාද කියන ආකල්පයෙන්. ලංකාව දියුණු කරන්න බැරි හේතුවත් මේකමයි. ඊට පස්සේ කියනවා දේශපාලකයන් මහජන මුදල් අතපත ගාන එක වැරදිලු. එකම වැරැද්ද කොහොමද කට්ටියකට හා තව කට්ටියකට වැරදි වෙන්නේ. දැන් කියාවි ආ ඉතින් නැතිබැරි නිසා එහෙම කරනවා නම් කමක් නැහැ කියලා. (නි)
අපි පුංචි කාලේ හිටිය පොල් අතු පැල්පතේ එක පැත්තකින් තිබුනේ උස තාප්ප වලින් වට වෙච්චි සංචාරක හෝටලයක්. ඒකෙන් වීසි කරන (කුණු) දේවල් අතරේ තිබුණු ලස්සන බෝතල් සෙල්ලම් බඩු කෑලි, සුවද විලවුන් වල ඉතිරිය එකතු කරන්න අපි පුරුදුවෙලා හිටියා. මේක දන්නා ඒ හෝටලේ කුණු දමන අය සමහර වෙලාවට අපිව දැකලා තම්බපු බිත්තර, චීස් කෑලි වගේ දේවල් විසි කළා. ඒ අය කලේ වැරද්දක් උනත් ඒ දේවල් වල මඩ අපේ ඇදුම් වලින්ම පිහදාගෙන කනකොට දැනුනු සතුට... අද මම කන රස බෝජුන්වලින් වත් ලබන්න බෑ. එදා අපි වගේම අදත් බොහෝ දෙනෙක් ඒ වගේම ඇති කියලා හිතෙනේකොට දැනෙන්නේ පුදුම කනගාටුවක්... (ර)
කරන දේ හරියට කරන්නකෝ මල්ලි, හත්පොළේම ගාගෙන නාගන්නේ නැතුව. (නි)
බිත්තර දුන්නා හෝ නොදුන්නා හෝ සේවකයාට තිබුනේ ස්වාමියාගෙන් අහන්න. කවුද දන්නේ මෙයා මීටපෙරත් මේ වාගේ දේවල් කළාද කියලා? (නි)
රෝහලක සාත්තු සේවකයෙකුටත් මේ සිදුවීමට සමාන දෙයක් වුණා දවසක් (නි)
සතපහක් හොරකම් කලත් කෝටියක් හොරකම් කලත් හොරකම හොරකමයි හොරා දුප්පතෙක් කියලා අනුකම්පාව වැරදියි(රේ)
යුනිපෝම් අඳින ආයතනක නිලධාරියකුටත් වුණා මෙහෙම අැබැද්දියක්. දවසක් එම නිලධාරියෙක් ඩියුටි ඔෆ්ෆ් වෙලා යනකොට ගේට්ටුවේදී ඉහළ නිලධාරියෙක් මුණට හමුවෙලා. රාජකාරි සිරිත් අනුව තොප්පිය ගලවා ආචාර කරන්න සිදුවෙලා. තොප්පිය ගලවනකොට එ්ක ඇතුලේ තිබුන බිත්තර සි සි කඩ විසිරිලා. (බ)
මහා පරිමාණ දූෂණ වංචා කොමිසමට මෙයාව යවන්නයි තියෙන්නේ (නි)
හොරකමට මොන ඉහළ පහළ තැන්ද පිටබැද්දර ජයා. ? හොරකමක් පටන් ගන්නේ පොඩි දෙයකින් තමයි. නඩු නොදැම්මත් ඒකට දැඩි අවවාදයක් තරම් දෙයක් වත් නොවුනොත් ඊළඟට පටන් ගන්නේ මහා පරිමාන හොරකම්. (බ)
අපි පත්තරේ බලන්න අන්තර්ජාලගත වෙන්නේ කාර්යාලයේ පහසුකම් පාවිච්චි කරලා නම් ඒකත් හොරකමක්. (ර)
එසැන පුවත් වල තිබෙනවා තමන්ගේ ගුරුතුමිගේ ගෙදර වටිනා දේවල් හොරකමේ ගිහින් තමන්ව අඳුනාගත්තම එයාව මරා දමලා. දැන් ඉතින් අනේ පව් නැති බැරිකම නිසානේ කියන්න. එහෙම නැතිනම් මේක පහළ මට්ටමේ හොරකමක් නිසා දඬුවම් අවශ්‍ය නැහැ කියන්න (බ)
මම පොඩි කාලේ ඒ කියන්නේ 1986 විතර, අපේ ගෙදර ආර්ථිකය සම්පුර්ණයෙන්ම තිබුනේ අනුන්ගේ රබර් දෙකෙන් පංගුවට කැපිම මත. වහින කාලෙට හාමතේ. මට මතකයි එක දවසක් අපේ තාත්තා ළඟ වත්තකින් මඤ්ඤොක්කා පඳුරක් හොරෙන් ගළවාගෙන ආවා. දරුවෝ අපි හය දෙනෙක් හිටියා. හැබැයි මම අල්ලපු වත්තේ කෙසෙල් කැනකින් ඉදුනු කෙසෙල් ගෙඩියක් හොරෙන් කෑවා කියලා තාත්තා මට හොඳටම ගැහුවා (නි)
රූපවතී, දුගීමගී අයට කෑම ටිකක් දෙන එක හොඳ වැඩක්. හැබැයි මෙතන කතාව තියෙන්නේ හොරකමක් ගැන. රූපවතී කියා තිබෙන කෑම වට්ටෝරුව එයා ලියපු එකක් වෙන්න බැහැ. තේරෙනවානේ බලනකොට. ටිකක් අමුතුයි වාගෙයි. (නි)
මස් කන අයට වඩා, කටු කන අය සැරයි කියන කතාව තහවුරුවුණා මම කියපු දේ වැරදියට තේරුම්ගත් අය දැක්කහම. (නි)
හොරකම සාදාරනීකරණය කරනවා කියලා කීවාට මෙය මගේ අත්දැකීමක්. වතාවක් මම ලංකාවට නිවාඩුවට ගිහින් සිටිද්දී, මගේ නෑදෑයෙක් ගෙදර මෙහෙකාරිය අතේ කෑම බඳුනක් එවා තිබුනා. රෝස්ට් කුකුලෙකුත් සමග.(ඒ අවස්ථාවේ මා ගැබිනියක්) ගෙදර එනවිට රෝස්ට් කුකුලාගේ බාගයක් එමින් ගමන් අර ළමයා කාලා. ඉතිරි ටිකත් කන්න කියලා මම ඒ ළමයාටම කෑම එක දුන්නා. ඇත්ත සිදුවීම තාමත් එයාලා දන්නේ නැහැ. මම මේ සිදුවීම ගෙදර කට්ටියට කියලා තිබුනානම් අර ළමයාට ගහලා රස්සාවෙනුත් අස් කරන්න තිබුනා. (ර)
ප්‍රසිද්ධ ආපන ශාලාවක, වේටර්වරයෙකුත් විකිණීමට තිබෙන තම්බපු බිත්තර හොරෙන් කාලා. කළමනාකාරතුමා ළඟට එනකොට ඒක දැකපු වේටර් බිත්තරය ගිලින්න හදනවලු. කළමනාකාරතුමා නොදැක්කා වගේ ආපහු ගිහින්. වේටර් බිත්තරය හිරකරගනී කියලා බයේ. පසුව කතාකරලා ඇතිතරම් බිත්තර කන්න දීලා, මීට පස්සෙ ඕනෑ නම් කියලා කන්න කියලා. ඒ උතුම් ගුණ ඇති කළමනාකාරතුමාට උපහාරයක් ලෙස මම මෙය පළකළෙමි. (නි)
ඒකනේ කියන්නේ හොරකමට වැඩි ආයුෂ නැහැ කියලා (නි)
පව් අසරණයා කිව්වහම ඒ හෝටල් සේවකයද නෑත්නම් හෝටලයේ හිමිකරුද කියන එකයි ප්‍රශ්නේ. මොකද මේ හෝටලයේ හිමිකරුත් ගෙදර යන්නේ සේවකයත් සමඟ එකම බස් එකේ. ඒ කියන්නෙ එයත් ලොකු සල්ලි කාරයෙක් නෙවයි. උත්සහවන්ත මිනිස්සු ව්‍යාපාර පටන්ගන්නේ සල්ලි වැඩිපුර තියෙන නිසා නෙවෙයි. රටට බරක් නොවී රජයෙන් රැකියා ලැබෙනකන් බලා නොයිද තමන්ගෙ ශක්තියෙන් නෑගී සිටින්න. නමුත් ඒ තැන්වල ඉන්න සමහර සේවකයන්ට එහි කිසිම බරක් පතලක් නෑ හොරකම් කරනවා. ඒ විතරක් නෙවෙයි නාස්ති කරනවා. අවසානයේ එම ව්‍යාපාරත් කඩා වැටිලා සේවකයන්ට රැකියාත් අහිමි වෙනවා. මේ වගේ හොර බොරු කරන මිනිස්සු නිසා තමයි අපේ රටවල් දියුණු කරන්න බැරි (ම)
අපි සේවය කරලා හරි හම්බ කරන තැනට අවංක වෙන්න ඕන. නැති බැරි කම් හින්දා කියා ඔක්කොම සේවකයන් මෙහෙම හොරකම් කලොත් හෝටලේ වහන්න වේවි. කාටද පාඩු ? කන්න බොන්න එන අයටද ? ඒ මිනිස්සු හෙට වෙන හෝටලයකට කන්න බොන්න යාවි. (ම)
අයියෝ! ඉතින් බිත්තර කාලා ඉවරයි (ම)
හෝටලේ සේවකයා ගෙදර ගෙනියන්නම කියලා හොරෙන් බිත්තර දහය තැම්බුවාද? එහෙම නැත්නම් ඉතිරිවුණ ටික මල්ලකට දාගෙන ගියාද? ඔය ගෙවල් වල වැඩට ඉන්න සමහර කාන්තාවෝ හැන්දෑවට ගෙවල් වලට යනකොට උම්බලකඩ වාගේ පොඩි පොඩි දේවල් හොරෙන් අරගෙන යනවා. හොරකම අනුමත නොකළත් දුප්පත්කමටනේ ඔය වාගේ දේවල් කරන්නේ. (නි)
බිත්තර, මස්, මාලු හොරෙන් කෑම සහ ගෙවල් වලට ගෙන යෑම ගැන ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ රජයේ සමහර ගිලන්හල් වල සේවය කරන ඇතැම් පිරිස් (නි)
අයියෝ පවු අසරණ සේවකයා (නි)
රියදුරාගේ බ්‍රේක් පහර වැදිලා තියෙන්නේ, සේවකයාගෙ රස්සාවට (නි)
අපේ රටේ හරි හරිම විලාසිතාවක් තමයි මේ නැති බැරි උදවිය හොරකම් කළා ට කමක් නැහැ කියලා හොරකම් සාධාරණීකරණය කිරීම. (හේ)
කවුරුහරි අසරණයෙක් ඉෂාරගේ කුස්සියට වැදිලා තම්බලා තියපු බිත්තර ටික ඉස්සුවා නම් බලන්න තිබුනා. (ර)
ඔය පවු පවු කියන උදවිය බැරිවෙලාවත් මහන්සියෙන් ව්‍යාපාර කරනකොට සේවකයන් හොරකම් කළාම ඔහොම කියාවිද? (නි)
පවු අසරණයා! (නි)
එක දවසක් මම හදිසියෙන් නිවාඩු දමලා ගෙදර එනකොට දරුවාගේ බිත්තරයත් එක්ක ආයා ලොකු බත් පිඟානක් බෙදා ගෙන හරි බරි ගැහිලා කනවා. කන වෙලාවේ සතකුට වත් හිරිහැරයක් නොකළ යුතු නිසා මම වචනයක් වත් කිව්වේ නැහැ. ඊට ටික කලකට පසුව ඔත්පලව උන් නැන්දම්මාගේ මෝල්ටඩ් මිල්ක් වේගයෙන් අඩු වෙන බව අහු වුනා. මාසෙක පඩි වැඩියෙන් දීලා අයින් කළා. හොරකමට අනුකම්පා කළාම තව වැඩියෙන් ඊට පෙලඹෙනවා. (බ)
ඉනෝකා , සර්වන්ට් අතේ රෝස්ට් කුකුලාව එවලා තිබුනේ හිල්ටන් එකේ රෙස්ටෝරන්ට් එකෙන් වෙන්න ඇති නේද ? නැහැ ඉතින් සාමාන්‍යයෙන් ගැබිණි මවකට පොලොස් ඇඹුලක් අච්චාරුවක් කෙසෙල් කොලේ බත් වගේ දෙයක්නේ ලංකාවේ යැවෙන්නේ. ඒකයි ඇහුවේ. (ස)
අම්මෝ ඉනෝකාට එසේ මෙසේ බඩගින්නක් නෙමෙයිනේ ඒ කාලයේ තිබිලා තියෙන්නේ. එහෙම පිටින්ම රෝස්ට් කුකුලෙක් කන්න එවලා. ! (බ)
ඉනෝකා හරි පොෂ් කෑම නේද කන්නේ ? ලංකාවේදී මෙහෙම නම් පිටරටදී හැමදාම නාසි ගුරන් වෙන්න ඇති කනවා ඇත්තේ. (බ)
රෝස්ට් කුකුලා කන්න නොලැබුන එක හොදයි.නැත්නම් ළමයා කුකුලෙක් වෙන්න තිබ්බා ලොකු වෙලා (බ)
සේවකයා බිත්තර දහයක්ම ගෙදර අරන් ගියා නම් ඉනෝකා වගේම බඩගිනි කාරියක් ගෙදර ඉන්න නිසා තමයි. ආයේ දෙකක් නැහැ (බ)
ඒකෙන් මේකෙන් ඉනෝකාත් නයෙක් පාඨක සභාවට වැටෙන්න යැව්වා එහෙනම් (බ)
සේවකයාත් තාත්තා කෙනෙක් වෙන්න ඇතිනෙ.තමුන් හෝටලෙන් හොදට කද්දි, ළමයින්ට හොදට කන්න නැති එක ගැන පපුව පත්තු වෙන්න ඇති. තාත්තා කෙනෙකුගෙ දුක තේරුම් ගන්න. (බ)
අපොයි දරුවන් වෙනුවෙන් කියලා හොරකම් කරලා කවදා වෙනකන් ජිවත් වෙන්නද? දැන් ඉතින් ඉස්සර සම්බෝලයි බතුයි කාපු දරුවන්ට නේද මේ දැන් ඒ ටිකත් නැති වුනේ ? ආයෙත් රැකියාවකට යන්න කලින් වැඩ කළ තැනින් රෙකමදාරු ඉල්ලුවාම තමයි පපුවේ බිත්තර තම්බන්න වෙන්නේ. (බ)
මම ලංකාවට එන්නේ මෙහෙදී නොලැබන කොස්, පොලොස් ඇඹුල වාගේ දේවල් කන්න. පිටරට කුකුලෝ කාලම එපාවෙලා. කරවල බැදලා සම්බෝල එහෙම කව්රුවත් දෙන්නේ නැහැ. කුකුලෝ දෙනකොට එපා කියන්නද.....? (ර)
කට්ට කරවල, පොලොස් ඇඹුල, කරවිල බැදුම, තිබ්බටු, පොල් සම්බොල ,කිරි හොදි හදලා, එවන්නම්කෝ බත් මුලක් ඉනෝකා නගාට. (ර)
රුපවතී, ඔයයි මගේ නගා. මට කසාද බඳින වයසේ (23) දුවෙකුත් ඉන්නවා. ඒදවස්වල නැති ඒවා දැන් කුමකටද?ගමේ කෑම ටිකට නම් බොහොම ස්තුතියි. මෙහෙ දිය කෑම කකා ඉන්නවාට ඉන්නවා මිසක් හිත තියෙන්නේ ලංකාවේ. (ර)