IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හැට පැන්න සේවකයාට පැන්ෂන් යන්න කීවාම තරුණ වෙසින් වැඩට ඇවිත්

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර

වියපත් ආරක්ෂක නිලධාරියා වෙනුවට තරුණ නිලධාරියකු ලබාදෙන ලෙස ඉල්ලූ විට වියපත් නිලධාරියා  පැසුණු හිසකෙස් කළු කොට නැවත සේවය සඳහා පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවේ.

මහනුවර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා පුද්ගලික සමාගමකින් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය ලබාගෙන ඇත. එහි එක් ස්ථානයක සේවය කළ ආරක්ෂක නිලධාරියකු වියපත් බැවින් ඔහු වෙනුවට වෙනත් නිලධාරියකු ලබාදෙන ලෙස ආරක්ෂක නිලධාරීන් සැපයූ පෞද්ගලික සමාගමෙන් ඉල්ලා ඇත.

එම ඉල්ලීමෙන් දින කිහිපයකට පසු කර්මාන්තශාලාවේ වෙනත් ස්ථානයක හිසකෙස් කළු කොට ඇඳ ඇති කලිසම මේස්  දෙකට යට කොට උපැස් යුවළක්ද පැළඳ අදාළ සේවකයා සේවය කරන අයුරු කර්මාන්තශාලාවේ හිමිකරු දැක ඇත.

ඒ අනුව කර්මාන්තශාලා හිමිකරු  ආරක්ෂක නිලධාරීන් සැපයූ අදාළ පෞද්ගලික ආයතනයට කතාකොට තමන් රවටා වියපත් සේවකයා මොඩිෆයි කර එවා ඇති බවත් එවැනි ආයතනයකට කර්මාන්තශාලාවේ ආරක්ෂාව භාර දිය නොහැකි බැවින් පසුදා සිට සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඇත.

 



අදහස් (1)

හැට පැන්න සේවකයාට පැන්ෂන් යන්න කීවාම තරුණ වෙසින් වැඩට ඇවිත්

podiekaa Tuesday, 28 February 2023 03:14 PM

කොන්ඩේ පාටකරගෙන ඇවිත් හිටියලු .. ඒත් කලිසමේ කණපිට ඇඳගෙන හටිය නිසා ආපහු හරවලා අංගොඩ මානසික රෝහලට යැව්වලු .

:       0       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 754 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 766 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1135 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9449 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site