(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මෙට්ටයකට දුන් රුපියල් 2000 ක මාසික ණය වාරිකය වෙනුවට 21 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි කියන 65 හැවිරිදි මාමා කෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක මාස 08 ක් වයසැති දරුවෙකු සිටින 21 හැවිරිදි එක්දරු මවක් පදිංචිව සිටින්නීය. මෙම මව පදිංචිව සිටින්නේ 27 හැවිරිදි සැමියාගේ මව සහ මාම සමගය. ඇගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන අතර මසකට වරක් නිවසට පැමිණෙන්නේය.
මෙම මව මසකට වරක් සිය ගම් ප්‍රදේශයට පැමිණෙන ලොරි රථයකින් දරුවා තැබීමට යැයි පවසා මීට මාස කිහිපයකට ඉහතදී මෙට්ටයක් ගෙවීමේ පදනම මත ලබා ගත්තාය. ඇයට මාසයකට මෙට්ටයට ගෙවීමට තිබුණේ රුපියල් 2000 කි.
මෙට්ට ලොරි රථය පැමිණෙන දිනය ළං වෙමින් තිබුණි. ලොරි රථයට රුපියල් 2000 ක මුදලක් ලබා දෙන්නේ කෙසේද? සැමියා පැමිණීමටත් තව සතියක් පමණ කල් ඇති බවත් රුපියල් 2000 ක මුදලක් අත නොමැතිව එක්දරු මව කල්පනා කරන්නට වූවාය. අසල්වැසියන් කිහිප දෙනෙකුගෙන් ද එක්දරු මව හුවමාරුවකට රුපියල් 2000 ක් ඉල්ලා සිටිය ද කිසිවෙකුත් ලබා දී නොතිබුණි.
දිනක් නිවස ඉදිරිපිට ඇති මාර්ගය දිගේ ගමන් කරමින් සිටින බිරිඳ විදේශ රටක රැකියාවක් කරන මුනුපුරු මිනිපිරියන් හත් අට දෙනෙකු සිටින 65 හැවිරිදි මාමා කෙනෙකුගෙන් රුපියල් 2000 ක් සැමියා පැමිණි විගස ලබා දෙන බව පවසා බැගෑපත්ව එක්දරු මව දරුවා වඩාගෙන ඉල්ලා සිටියාය. තමන්ගේ දරුවන්ටත් වඩා බාල එක්දරු මවගේ ඉල්ලීම ඇසූ 65 හැවිරිදි මාමා කමිසයේ සාක්කුවට දකුණු අත දමා රුපියල් දාහේ කොළ දෙකක් 21 හැවිරිදි මව අත තැබුවේය.”
අනේ මාමේ ගොඩක් පිං සිද්ධ වෙනවා මාමාට. මහත්තයා ආපු ගමන්ම මාමාගේ සල්ලි ටික මම ඉක්මනටම ගෙදරටම ගෙනත් දෙන්න කියන්නම් කෝ මාමේ යැයි 21 හැවිරිදි එක්දරු මව සිනාමුසු මුහුණින් පැවසුවාය.
මෙට්ට ලොරි රථය පසු දින පැමිණියේය. එක්දරු මව දරුවාත් අතැතිව ලොරි රථය අසලට දිව ගොස් රුපියල් 2000 ක මුදලයි කාඩ්පතයි කළමනාකරු අතට දී මාසික වාරිකය පියවා දැම්මාය.
රුපියල් 2000 ක මුදල දුන් 65 හැවිරිදි මාමා පසු දින 21 හැවිරිදි මවගේ නිවසට පැමිණියාය. නැන්දම්මත් මාමාත් එකී මොහොතේ නිවසින් බැහැරව ගොස් තිබුණි. නිවසේ සිටියේ 21 හැවිරිදි මවත් ඇගේ මාස 08 ක් වයසැති දරුවත් පමණි “දුවේ මම එදා ඔයාට දුන්න රුපියල් 2000 ක මුදල ආපසු මට එපා. ඒක ඔයා තියාගන්න. පුළුවන් නම් දරුවා ගෙදර තියලා අපේ ගෙදර මිනිත්තු කිහිපයකට ඇවිල්ලා යන්න. අපේ ගෙදර කවුරුත් නෑ” යැයි 65 හැවිරිදි මාමා සිනාමුසු මුහුණින් පවසා නිවසින් පිටව ගොස් තිබුණි.
21 හැවිරිදි මව තමාට මුහුණ දීමට සිදු වූ සියල්ල මොහොතකට පසුව නිවසට ආ නැන්දම්මාටත් සීයාටත් පැවසුවාය. වරෙන් කෝ ආයේ මේ පාරෙන් යන්න යැයි සිතූ නැන්දම්මා සහ සීයා පසු දින යළිත් රුපියල් 2000 ක මුදල දුන් සීයා ඇගේ නිවසටම පැමිණියේය.
මොකට ද බොල ඊයේ ලේලියට මිනිත්තු කිහිපයකට උඹේ ගෙදර එන්න කිව්වේ යැයි පවසා දර ලීයකින් පහර කිහිපයක් නැන්දම්මා එල්ල කළාය. පසුව 65 හැවිරිදි මාමා යන්න ආ ගමන පසෙකලා ගෙදර බලාම දිව ගියේය. දින කිහිපයකට පසුව 21 හැවිරිදි මවගේ සැමියා නිවසට පැමිණියේය. සියල්ල ඈ තරුණ සැමියාට කීවාය. ඔහු ද පසු දින නිවසට ගොස් රුපියල් 2000 ක මුදල දී හොඳ වචනවලින් සංග්‍රහ කර ඇතැයි වාර්තා වෙයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හැටපහේ මාමා ලේලියගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා