“කොත්තුවක්” මිලට ගැනීමට හෝටලයක් වෙත ගිය එක්තරා තරුණයෙක් එහි සිටි හෝටලයේ හිමිකරුගේ රූමත් දියණියගෙන් තොත්තුවක් ද ඉල්ලීමට ගොස් ඉතිරි මුදල් රුපියල් 700ක මුදලක් ද අහිමි කරගත් පුවතකි මේ. එය වාර්තා වූයේ වයඹ පළාතේ කුඩා නගරයකිනි.
එම තරුණයා ප්‍රධාන මාර්ගය අසල වූ හෝටලයට ගොඩවූයේ සිය සමීප මිතුරන් දෙදෙනකු සමඟ මත්පැන් පානය කිරීම සඳහා බයිට් එකට චිකන් කොත්තුවක් මිලදී ගැනීමටය. එදින හෝටලයේ හිමිකරු තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා කොත්තු රයිස් ආදිය පාර්සල් කර පාරිභෝගිකයින්ට දෙනු ලැබුවේත් පාරිභෝගිකයන්ගෙන් මුදල් ගනු ලැබුවේත් ඔහුගේ දියණිය විසිනි. හෝටල් හිමිකරු මුදල් ගන්නා කවුන්ටරය අසලම වාඩි වී විවේකයෙන් සිටියේ සියලු කටයුතු අධීක්‍ෂණය කරමිනි.
තරුණයා චිකන් කොත්තුවක් ඇනවුම් කළ අතර ඔහුගේ කොත්තුව දමන තෙක් ඔහුට ටික වේලාවක් එහි රැඳී සිටීමට සිදුවිය. තරුණයා ඇනවුම් කරන ලද කොත්තුව සකස්කර අවසන් වූ පසු හෝටලයේ හිමිකරුගේ දියණිය එය පාර්සල් කර තරුණයාට ලබාදුන් අතර තරුණයා සාක්කුවෙන් රුපියල් 1000 නෝට්ටුවක් ගෙන එය හෝටලයේ හිමිකරුගේ දියණිය අතට දී කොත්තුව ගන්නා අතර වාරයේ “නංගි තොත්තුවකුත් ගන්න පුළුවන්දැයි” විමසීය.
තරුණයාගේ එම ප්‍රකාශය ඇසුණු හෝටල් හිමිකරු කෝපයට පත්ව තරුණයා වෙත කඩා පැන්නේ “මොකද්ද කීවේ”යැයි පවසමිනි. සෙනඟ ඉදිරියේ කලබලයටත් ලැජ්ජාවටත් පත් තරුණයා ඉතිරි රුපියල් 700ක මුදල ද නොගෙන හෝටලයෙන් පිටතට පැමිණ සිය යතුරුපැදියෙන් එම ස්ථානයෙන් පිටව ගියේ විදුලි වේගයෙනි.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොත ගහන ළමයෙක් කොත්තුව මුදලාලිට ඇහිලා තියෙන්නේ තොත්තු වගේ අනික මේ මනුස්සය එදා අසනීපෙන් ඉඳල තියෙන්නේ ඔලුවත් නිකන් විකාරෙන් වගේ , තව ඩින්ගෙන් අහිංසක කොල්ල ගුටි කනවා අනික අද කාලේ කිස් එකක් කියනවා මිසක් කවුද මුදලාලි තොත්තු ගගා ඉන්නේ ? (බ)
ඉල්ලන් කනවා කියන්නේ ඔව්වාට තමයි.! (ම)
මේ තරුණයාට සමහරවිට සහෝදරියන් නොඉන්න පුළුවන්. එහෙත් උගත් වැදගත්කමක් තිබ්බා නම් මෙවැනි ප්‍රශ්න අහන්නේ නැහැ. (නි)
ඔලුව නිකන් විකාරවෙලා තියෙන්නේ කඩේ මුදලාලිට නොවෙයි, ජයාටයි. කොත්තුව අතට ගන්නා අතර වාරයේ තමයි තොත්තුව ඉල්ලලා තියෙන්නේ. කොත්තු බාස්ට කියලා කම්මුලේ දෙපැත්තටම කොත්තු කොටන හැන්දෙන් තොත්තු දෙකක්ම දෙන්න තිබුනේ මතක හිටින්නම. (නි)
එදා දවසේ ආදායම හොඳ ඇති. එහෙම වුණොත්, අනේ මුදලාලිට අසනීපෙ දැම්ම නම් හොඳවෙන එකක් නැහැ (නි)
බොන්න පෙර පැනලා දිව්වට බීමෙන් පසු ඇවිල්ලා රුපියල් 700 ගත්තද දන්නෙත් නැහැ (නි)
නලින් යහම්පත්, මේක සහෝදරියන්ගේවත්, උගත්කමේවත් ප්‍රශ්නයක් නොවෙයි. ඔයා ඔයකී දෙවර්ගයම මේ වගේ විහිළු කරනවා. ඔය කී ගැහැණු ළමයාගේ පියා නොහිටින්නට තොත්තුවක් දෙන්නත් තිබුනා. එහෙම තමයි අද සමාජය. ඔයා කරදර වෙන්න එපා. නොදන්නා දේවල් වලට කට දැමීමෙන් නිකම් අනාගන්නත් එපා. (නි)
මට පෙනෙන හැටියට ශිරානි පිටබැද්දරගේ සහෝදරියක් වගේ. දෙන්නම අර කොල්ලාව අපුල්ල අපුල්ල සුද්ධ කරනවා. (බ)
ශිරානි ඔයා ලංකාවේ නෙවෙයි වගේ ඉන්නේ. තවමත් ලංකාවේ සියලුම බවලතුන් දකින දකින පිරිමියාට තොත්තු දෙන තත්වයට පත් වෙලා නැහැ (බ)
ශිරානිටත්, පිටබැද්දරටත් පොඩ්ඩක් රිදුනා වාගේ. දෙන්නගේ ප්‍රතිචාරෙන් සිතාගන්න පුළුවන් මානසික මට්ටම සහ සමාජ මට්ටම (නි)
හොඳ කඩවසම්, සල්ලි තියෙන, කාර් එකකුත් එහෙම තියෙන කොල්ලෙක් ඉල්ලුවා නම් සමහරවිට ගන්න පුළුවන්වෙයි. (නි)
හොඳ කතාවත්, කමෙන්ට්ස් ටිකත් නැගලම යනවා. (ර)
වැරදිලාවත් ශිරානි හෝ පිටබැද්දර කඩපිල් වල නම් පෙනීසිටින්න එපා. අප්පච්චියේ, මොනවා සිද්ධ වේවිද දන්නේ නැහැ (නි)
මේක ශිරානිගේවත් පිටබැද්දරගේවත් වරදක් නොවේ. ඔවුන් හැදුන වැඩුන සමාජයේ සහ ඔවුන් උගත් ප්‍රමාණයේ අඩුකමක් පමණයි. එනිසා ඔවුන් දෙදෙනා ගැන සානුකම්පිතව සිතන්න (නි)