(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ප‍්‍රධාන නගරයට නුදුරු උපනගරයක ඇති ආපන ශාලා දෙකක හිමිකරුවන් වූයේ එකම නාමය සහිත ඥාති සොයුරන් දෙදෙනෙකි. එකිනෙකා ළඟම ඥාතීන් වුවත් දෙදෙනා ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකක ප‍්‍රබල ආධාරකරුවෝ වූහ.
පසුගියදා බාල සොහොයුරාගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට බීම වර්ග ගබඩා කරන අධිශීතකරණයක් එවන ලෙස ඔහුගේ දේශපාලන ප‍්‍රබලයකු සමාගමකට මුදල් බැන්දේය. සමාගම එම ශීතකරණය රැගෙන යනවිට එම ආපන ශාලාව වසා තිබුණත් අනෙක් ආපන ශාලාව විවෘතව තිබිණි.
නම් දෙකේ සමානතාව මත එය අදාළ ආපන ශාලාව යැයි සිතා සේවකයින්ගෙන් විමසූ විට ඔවුන්ද කීවේ ශීතකරණයක් එවන බව කලින් කියූ බවකි.
ශීතකරණය එහි සවිකොට සමාගමේ නිලධාරිහු ආපසු ගියහ. තමාට හිතවත් දේශපාලකයා සවස නියමිත ආපන ශාලාවට ගිය විට සිදුවී ඇති දේ දැනගෙන අන්දමන්ද වුවත් එම ශීතකරණය ආපසු දීමට එහි ආපන ශාලා හිමියා එකඟවුයේ නැති ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම එකඟ නොවී ඉන්න බැහැ (නදී)
දෙයියෝ සාක්කි මෙහෙමත් කතා (නදී)
මේ සමාගම් යම් තැනක ලිපිනය බලා නෙමෙයිද ගෙනා බඩු බාරදෙන්නේ? (නි)
දේශපාලනයේ අවම බලය පාවිච්චි කරලා ශීතකරණය නැවත ලබාගන්න තිබුනනේ (නි)
මේක නම් දෙයියෝ සාක්කිම තමා. (නි)
දකුණේ ක්‍රමයට ඒක ආපසු දෙන්න එකඟ නොවී ඉන්න පුළුවන් ඇති මගේ හිතේ. (බ)
මේ මොකද්ද මේ (දිල්)
ඒවා හරියන්නේ නෑ.දැන් තියෙන්නේ මෛත්‍රී පාලනයක් (දිල්)
නියමිත ලිපිනයට භාර නොදුන්නනම් එය වගකීම් පහර හැරීමක්. ඒ වගේම ලැබුණු එක්කෙනාටත් එයා එහෙම එකකට මුදල් නොව්වානම් එය භාර ගැනීමත් වැරදි වැඩක්. (නදී)
දැන් මෛත්‍රී පාලනයක් තියෙන්නේ. ඒවා බැහැ රුවන් (නි)
පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා... (නි)