වන්දනා බස් රථයක් තේ බීම සඳහා උඩරට ප‍්‍රකට හෝටලයක් ඉදිරිපිට නතර කළ විට නඩයේ වූ දෙදෙනකු එහි ඇතුළු වී බනිස් දෙකක් හා තේ දෙකක් ගෙනෙන ලෙස ඇණවුම් කළේය. එය ලැබිණ. මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ. කෝපයට පත් පියා එම ආහාර සහිත පිඟාන උදුරාගෙන නඩයේ දෙදෙනා සිටි මේසයේ තැබුවේ ආරක්ෂාවටය. පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ සේවකයා දරුවන් විසින් කෑමට ගෙන තම මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද ඔවුන්ගේ බිලට එකතු කළේය. නඩයේ වූ දෙදෙනා කොතෙක් තර්ක කළත් බැරිම තැන ඔවුන් ඒ බිලද ගෙවා දැම්මේ ආත්මගරුත්වය රැක ගැනීමටලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවා සාමාන්‍ය දේවල්නේ..(ස)
ළමයින්ට කන්න දෙන්න බැරි නම්, ගෑණිව නඩත්තු කරන්න බැරි නම් බදින්න එපා. නමුත් අද හැම මිනිහම වගේ කරන්නේ පවුල් ජීවිත ගතකරන්න ඕනෑකමට බැදලා පවුලම අමාරුවේ දාන එකයි. ගණිකා නිවාස නීතිගත කළානම් මේ ප්‍රශ්න ඔන්න ටිකක් හරි අඩු වෙන්න තිබුණා. (නි)
සල්ලි වලට ඔයතරම් ලෝභ වෙන්න එපා. (නි)
තනියෙන් කනකොට ඔහොම තමයි.. (ස)
පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)
පොඩි දරුවෝ නිසා කමක් නැහැ.(නදී)
පොඩි දරුවන් නිසා කමක් නැහැ. (නි)
පොඩි ගැටළුවක් තියෙනවා.. අර පවුලේ කට්ටිය යන්න කලින් කෑම පිගාන බළලා බිල හැදුවෙ නැද්ද?(නු)
ලලිතගෙ කතාව ඇත්ත...(නු)
මේ කතාවේ මේ ටික මම තෙරුන්ගත්තේ මුණ බලන කන්නාඩියට අල්ලලා: "පවුලේ අය ඉවත්වූ පසු ආහාර බිල බැලීමට ආ "සේවකයා" දරුවන් විසින් කෑමට ගෙන "තම" මේසයේ තැබූ පිඟාන පරික්ෂා කරමින් දරුවන් කෑමට ගෙන තිබූ ආහාරවල බිලද "ඔවුන්ගේ" බිලට එකතු කළේය. තේරෙන්නේ නැත්නම් ඔයාලත් එහෙම කරන්න!
මේකනම් නියම කතාව...(ස)
සේවකයා 'බිල් ලාඩන්' කෙනෙක් වගේනේ. (නි)
කොහොමත් ඒ අය මගීන්ගෙන් වැඩියෙන් ගන්නවා..රියදුරාගෙයි,කොන්දොස්තරගෙයි තේ බොන ගාස්තුවත් මගීන්ගෙන් තමයි ගන්නේ.(ස)
කොන්ද පණ නැද්ද කතාකරන්න (ස)
මොනවා කරන්නද? ඇමෙරිකන් සිංහලද කොහේද? (නි)
අනේ ඕක මොකක්ද පොඩි දරුවො දෙන්නෙක් කාපු දෙයක්නෙ.(වි)
පොඩි අය එහෙමම තමයි කෑම සේරම ටික ටික කනවා..!!(නු)
ඕවා හෝටල්වල නිතරම වෙනවා.. සොසේජස් බන් ගෙන්නලා සොසේජස් කාලා බනිස අනිත් පැත්ත හරවලා තියෙනවා.. එක්කෝ වැඩියෙන් කාලා ගත්තෙ මොනවාද කිව්වාම අඩුවෙන් දේවල් කියනවා..!!(නු)
පව් අර දරුවෝ දෙන්නා කාපු දේකටනේ බිල ගෙව්වේ..පිනක් .යහපත් ක්‍රියාවක්.(ස)
"මවක් පියා හා දරුවන් දෙදෙනකු අසල වූ මේසයෙහි කෑම කමින් සිටි අතර දරුවෝ කට්ලට් හා රෝල්ස් කීපයක් ගෙන මදක් කා ”ඌයියා මිරිස්” කියා ඒවා පසෙක තබා තවත් කෑම වර්ග ගැනීමට අත දැමූහ." : අදහස් හොඳින් පැහැදිලි වන සේ විශිෂ්ටව සිංහල බස හසුරුවා තියෙනවා.(ස)