කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය.
ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය.
ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ඉහළින් ඇති කෙස් රොද වෙනම තෝරා එයට කළු පැහැයක් ආලේප කළාය.
දෙවනුව සුදු පැහැති ක‍්‍රීම් වර්ගයක් දෙකම්මුල මත ආලේප කළාය. එය මඳ වේලාවකින් පිසදමා තවත් දියරයක් මුහුණේ ආලේපකොට පුටුවේ ඇන්ද තමාගේ පපු ප‍්‍රදේශය දක්වා පහත්වනසේ සකසා ගත්තේය. ඊළඟට ඇත්තේ ඇහි බැමි සැකසීමයි.
ඒ සඳහා අසල මේසයෙන් නූල් තුන් පොටක් ගෙන එකක් කටින් හපා ගත් ඇය අනෙක් දෙකෙළවර ඇහි බැමි මතින් ඇතිල්ලූවාය.
මෙසේ පැය භාගයකින් පමණ පසු දෙවුර වටා එතූ ආවරණය ඉවත් කළාය. හරි. ”වැඬේ ෆිනිෂ්”
එතෙක් වේලා පුටුවේ පහළට හැරවූ ඇන්ද මත හිස තබා සිටි ඔහු තමා ඉදිරියේ ඇති කණ්ණාඩිය දෙස බැලූවේය. ඈ මටවත් මා අඳුනගන්න බෑ නේ..... ඇයි මෙච්චර අයි බ්‍රෝ හීන් කළේ?
අනේ මිස් ඕක තමයි දැන් ෆැෂන් එක රේන්බෝ හැඩය මිස්, කවුද මිස්? මම මිස්, කෙනෙක් නෙවේ. මිස්ට කෙනෙක් ඔහෙලගේ ඇස් පේන්නේ නැද්ද...
එසේ කියූ ඔහු ඉහළට ඔසවා සකසා තිබූ කෙස් රොද වලින් නළල වසාගෙන රූපලාවන්‍යාගාරයෙන් පිටව ගියේය.
ගෑනුන්ගේ මෝස්තර පිරිමිත් පිරිමින්ගේ මෝස්තර ගෑනුත් කරන්න ගියාම ඔහොම තමයි අයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙයාලට ගැහැණු පිරිමි අදුනාගන්න බැරිද?(නු)
කීයක් කෑවද?(නදී)
පැෂන් කියන්නේ මොකද්ද කියලා නොදන්නකමේ ඵල විපාක තමා. (නි)
ගැහැනියකගේ මනස සකස්වී ඇත්තේ බොහෝ කටයුතු එකවර කළහැකි අයුරිනි. ඇයට එකිනෙක සම්බන්ධතාවයෙන් තොර ක්‍රියාවන් කිහිපයක් එකම විට කළහැකිය. ඇගේ මොළය කිසි විට කාර්යයක නොයෙදී නොපවතියි. සෑම විටම එය ක්‍රියාශීලීය. අප පිරිමි ළමයින් හා ගැහැනු ළමයින් සර්ව සම දරුවන් ලෙස ඇතිදැඩි කරන නමුත් විද්‍යාව ඔප්පු කරන්නේ ඔවුන්ගේ සිතීම පැහැදිලිව පෙනෙන පරිදි වෙනස් බවය. ඒ එසේ වී ඇත්තේ මානව දේහය තුළ ක්‍රියාකාරීව පවතින හෝමෝන නිසාය. අප සම්පූර්ණයෙන් අපේ රසායනික සංයුතියේ ප්‍රතිඵලයයි. පිරිමි ළමයින් යනු හැමවිටම ගැහැණු ළමයින්ගේ පසු පසින් සිටින කොටසක් නොවන බව වටහා ගත යුතුය (නි)
වර්තමාන යුගයේ පිරිමි දරුවන් සිදු කරන විලාසිතා අනුව මේ තත්වය සැබවින්ම වුවද ඇති විය හැකිය. මන්ද නූතයේ බොහෝ පිරිමි දරුවන් ඇදුමින් පැළදුමින් හිස කෙස් සකසන විලාසිතා වලින් ගැහැණු දරුවන් මෙන් වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. මෙය පවතින සමාජ විලාසිතා වල ලක්ෂණයක් විය හැකිය. නමුත් තමන්ට වඩාත් ගැලපෙන හා තමන්ගේ ස්වභාවික ජීව විද්‍යාත්මක අනන්‍යතාව විකෘති වී පෙනෙන විලාසිතා නොකිරීමට පිරිමි හා ගැහැණූ දරුවන් සිතා ගත හොත් යහපත් බව මම සිතමි. මම මේ ටික කිව්වේ කාරුණික පියෙකු හා වැඩිහිටියෙකු ලෙස බවද කාරුණිකව සිහිපත් කරදෙමි.(ස)
මාර විහිළුව! අනේ තව කතාවක් කියන්නකෝ...! (ස)
එයා කවුද? (ත)
මේ කතාව බොරුවක් වෙන්න බැහැ. අද පිරිමි කොන්ඩා වවලා කණට කරාබුත් දානවා. කලිසම ඉනෙන් පහළට ඇදලා අඩිය තියලා යන්න බැරුව පැද්දෙනකොට අම්මපා පෙන්නේ ගෑනූ වගේමයි. එයාට ඒ එවගෙ දෙයක් වුණ එක සාධාරණයි. මොකද ඔයවගෙ පිරිමි ළමයකුට මටත් වැරදිලා නංගි කියවුණා.ඒ තරමටම අපි රෑවටෙනවානේ...මේක පිරිමින්ගේ අභාග්‍යක්ද ගැහැණුන්ගේ අභාග්‍යක්ද දන්නේ උඩ ඉන්න දෙයියෝ තමා. (නි)
මේකනම් විශ්වාස කරන්නත් අමාරු වැඩක්.. මේ වගේ දෙයක් ඇහුවමයි මගේ ජීවිත කාලයටම..!(නු)
බොරුද කොහේද? (නි)
අනේඅනිච්චං... කණේ කඩුක්කන්... (නි)
ගැහැණු පිරිමි අදුනාගන්න බැරිවෙලා තියෙනවා පිලිපීනයේදී මේක ඇත්තයි..!(නු)
ඔච්චර දෙයක් කරනතුරු මොන ලෝකෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
බොරුවක් නෙමෙයිනම් ෂෝක් (ස)
මෙන්න කාන්තා පිරිමි කෙනෙක්..!(නු)
අනේ අම්මපා මෙහෙමත් කතා! (නි)
මේ පුද්ගලයා ගැහැණු පිරිමියෙක්වද්ද? (නි)
ආන්දෝලනාත්මක කතාවක්. (නි)
අනේ මෙහෙමත් ලෝකයක් . ගෑනු පිරිමි අඳුරගන්න බැරිද මේ මිනිස්සුන්ට. නැත්නම් මෙයා දෙපක්ෂයටම අයිති නොවන කෙනෙක්ද ? (ස)
ගැහැණු පිරිමි අදුනාගන්න බැරි උනාද? හරිනෙ ඉතිං කොන්ඩෙත් වවාගෙන කාන්තාවන් වගේ වැඩ කරන්න ගියාම අපිත් හිතන්නේ ගැහැණු පිරිමියෙක් කියලා තමයි.. (නු)
පිරිමි කම තියාගෙන ඉන්නෙ නැතිව කාන්තාවන් වෙන්න ගියාම ඔහොම තමයි.,!(නු)
ඕක ඇත්ත කතාවක් කියලා ෂුවර්නේද ... (ස)
හොඳ වැඩේ එයාට (ස)
මම හිතන්නේ මෙයා කොණ්ඩය වවාගෙන කාන්තාවක් වගේ ඉන්න ඇති.,!(නු)
පිරිමි ගෑණු වෙස් ගත්තම ඔහොම තමයි ....(ස)
ස්ත්‍රී පුර්ෂ දෙපක්ෂය හදුනා ගන්න බැරිද ?