(රෝහණ චන්ද්‍රදාස - අනුරාධපුර) - ඔහු පෙදරේරුවෙකි. රැුකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය. තරුණයා කඩවසම් ය. තරුණයා කෙරෙහි සිත් බැඳුණු පෙදරේරුවා ඔහුගේ අත්වැඩකරු ලෙස සේවයට ගත්තේය.
දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය. තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.
මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා රැුකියාවට ගොස් සතුටින් ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය. දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි. පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි. පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය. ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.
එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි. ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවා ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් කොච්චරවත් හොයනවා නමුත් මේ හිත හොඳ පෙදරේරු අයියා වගේ කෙනෙක් හමුවන්නේ නැහැනේ. ඒකටත් පෙර කරපු පිනක් ඕන වගේ (බ)
යහපාලනය ඇතිකළ යුතුමයි නේද? (නි)
මට හිතෙන විදිහට පෙදරේරු මහතා එක පැත්තකට ටිකක් බරයි වගේ. (නි)
ලෝකය ගෝලාකාරයි. එහි ජිවත් වෙන මිනිසුන් විවිදාකාරයි. සමහරක් මිනිස්සු පුදුම තරම් විෂමාකාරයි. (ර)
මේ මොන විකාරයක්ද ? (ර)
දෙගොල්ලෝ මරාගන්නේ නැතුව පවුල් කන්න පුලුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)
අනේ අම්මපා! මටත් අර පෙදරේරුවාගේ අත්වැඩකරුවෙක් ලෙස යන්න ඇත්නම්... (නි)
ඒ තුන්දෙනා අතර ගැටුමක් නැත්නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. අදහස් ගැලපීම ගැන අප සතුටු විය යුතුයි.තිදෙනා අතර මෛත්‍රී සිත් පහළවේවා.(දිල්)
අසල්වැසියන්ටත් මේ තිදෙනා ගැන මෛත්‍රී සිත් පහළවේවා! (බ)
හොරෙන් කරනවට වඩා මෙහෙම ගෙදරටම ගෙනා එක හොඳයි (නි)
මේවා පුදුම වෙන දේවල් නොවේ , මේවා අපේ රටෙත් වෙන් නැහැ රටවලත් බහුලව සිදුවනවා , මමත් මේ වාගේ අත්දැකීමක් විඳපු දැකපු කෙනෙක් (බ)
ඔතන සමලිංගික කාමුකත්වයත් මිශ්‍රවෙලා තියෙන්නේ.නැත්නම් දැක්ක ගමන් පෙදරේරු අයියාට තරුණයා ගැන හිතක් පහළවෙලා ගෙදරට ගෙනියන්නේ ඇයි? (නි)
සාමකාමී සහජීවනය කියන්නේ මේවාට. (ර)
සමාජය වෙනස්වීමේ වගක් විනා අන්කිසිවක් මෙතැන නැතිබවයි මට නම් පෙනෙන්නේ. (නි)
අනේ මෙහෙම ආශාවක්! (නි)
මටත් අත් වැඩ දෙන්න යන්න හිතනවා මිල්ස් එක දාල (නදී)
පෙදරේරු අයගේ ගන්න කෙනෙක් ඉන්නවා. මොකද කතාකරලා බලමුද? (නදී)
සමහරු මේකටත් හේතුව ආණ්ඩුව කියයිද දන්නේ නැහැ. (නි)
අනුරාධපුරේ ගංවතුර ගලන අතරේද දැන් මෙහෙම දේවල් වෙලා තියෙන්නේ? අනේ මන්දා ආශ්චර්යවත් සිදුවීම්! (නි)
තුන් දෙනාම හොඳ සතුටින් ඉන්නවා නම් එච්චරයි (නදී)
සමාජය සෝදා පාලු වෙලා ගිහින් තියෙන බවට හොද නිදසුනක්. මෙවැනි සිද්දීන් පලකල යුත්තේ මෙහි ඇති විපාකද පහදා දෙමින්. මෙවැනි සිද්ධීන් සිනාසී අමතක කර දැමිය යුතු ඒවා නොවේ. (නදී)
අනේ මන්දා....! (නි)
පෙදරේරු නොනාගේත් අකමැත්තක් නැහැ මගෙ හිතේ. (නි)
මේ ගැන යමක් ලිවීමට හැකිමුත් නොලියා සිටිමි (නි)
ඇත්තටම මටත් හිතෙන දේ ලියන්න අමාරුයි (නි)
මේ දේවල් සිද්ධවුණේ ගංවතුර ගලන පැත්තකද? (නි)
නියමෙටම ගැළපෙන ජෝඩුවක්. ගහමරා ගැනීමක් නැත්නම් පිට අයට තියෙන්නේ නොදැක්කා වගේ ඉන්න එකයි. එයාලට හොඳ නම් අපිට මොකෝ? (නි)
මේක නම් පුදුම කතාවක්. මේ ගෙදර එක් කෙනෙකුටවත් ලැජ්ජාවක් නැද්ද? (නි)
අනේ මන්ද මොනවා කියන්නද කියලා. රටට ගිය කලක් (නදී)
ඉහත නෙළුම් දැන් වසර 3ක් තිස්සේ මෙතන ලියන මම නම් නෙමෙයි. මගේ අදහසුත් ඔය වගේ නෙවෙයි . එච්චරයි. (ර)
නවීන තාලේ එක ගෙයි කෑමක්. මොනවා ලියම්ද? (නදී)
අනේ කාලේ වනේ වාසේ! (නි)
මෙවැනි සිද්ධි ඇත්තටම සිදුවෙනවා . මගේ කාර්යාල මිතුරියකගේ විවාහ දවසේ ඇයගේ මනාලයා සමඟ මම හොඳින් හිතවත් වුණා. දින කිහිපයක් මුහුණුපොතෙන් චැට් කිරීමෙන් අනතුරුව ඔහු පැවසූ දෙයින් මම කම්පනයට පත්වුණා. ඔහු මගේ කඩවසම් බවට පිස්සු වැටී සිටින බව පැවසුවා. මට මගේ මිතුරිය ගැන අනුකම්පා සිතුනා. ඔහුගේ යෝජනාව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළත් ඇයගේ පවුල් ජීවිතය ගැන සිතා සියල්ල රහසක් ලෙස තබාගත්තා (නි)
නියම පෙදරේරුවෙක්නේ! (නි)
තුන් දෙනාටම ඕනෑ දේවල් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ! (නි)
මේ ලිපියෙ හැටියට පෙදරේරුවා කවුද කියලා කාටවත් දැනුනෙ නැති එක පුදුමයි (නි)