අලව්ව නගරයේ බස් නැවතුමේ සිට ගිරිඋල්ල බලා යන පෞද්ගලික බස් රථයකි. එහි ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. බසය ගමනාන්තය වූ ගිරිඋල්ල නගරය දක්වා ධාවනය වෙමින් තිබුණි.
හුම්බුළුව නගරයට ආසන්න වත්ම බසයේ මැද අසුනක සිටි මැදිවියේ පුද්ගලයකු තම අසුනේම සිටි මැදිවියේ කාන්තාවක් දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තාය.
‘‘තමුසෙ මාර මිනිහෙක්නෙ අයිසෙ..., බලනව..., තමුසෙ අලව්ව ඉඳලා, මගෙ ඇඟට කී පාරක් හේත්තුව දැම්මද? හේත්තුව දානවා ගෙදර ගිහින්, මේක බස් එකක්...,’’ යැයි ඇය මුළු බසයටම ඇසෙන සේ හඬ නඟා කීවාය.
බසයේ සිටි සියලූම දෙනා ඒ හඬ කෙරහි විපරමින් පසුවිය.
‘‘මම දැම්ම හේත්තුවක් නෑ...’’ යැයි මැදිවියේ පසු වූ ඔහු පවසන විටම ඇගේ කෝප සහගත හඬ තවත් තීව‍්‍ර විය.
‘‘කට අරින්න එපා. වැරැද්ද කරලා එනවා තව සුදනා වෙන්න.’’
‘‘මේවා ගෑනුන්ට හොඳ පාඩම්. අපිට තමයි අද කාගෙන්වත් රැකවරණය නැත්තෙ. මේ වගේ දේවල් වෙනකොට කාන්තාවො විදිහට අපි ප‍්‍රසිද්ධියෙ සටන් කරන්න ඕනෑ...’’ මේ වගේ නාකි හින්දා ගෑනියකුට බස් එකකවත් යන්න නෑ...
‘‘ඩ‍්‍රයිවර් මහත්තයගෙයි කොන්දොස්තර මහත්තයගෙ වගකීම තමයි මේවා ගැන ඇහැ ගහගෙන ඉන්න එක. බසයේ යන අනෙක් කාන්තාවන්ටත් මේ අනංගයාගෙන් පරිස්සම් වන්න’’ යැයි ඇය සීනුව නාද කර මඩවල බස් නැවතුමෙන් බැස ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි හරිම වනචර ජාතියක් (නි)
හොයලා බැලුවොත් වැඩි විස්තර දැනගතහැකියි. (ස)
කට තියෙන කාන්තාවන් කෑ ගහලා බේරෙනවා, නමුත් අර අහිංසක ළමයි මොන තරම් අපහසුවකින්ද යන්නේ බස් වල (දී)
ඔය කියන තරම් හොද අයත් බස් වල යන්නේ නැහැ. අපේ රටේ බස් වල යද්දි අපහසුකම් තියෙනවා... පවතින තත්ත්වය මත සැමදෙනාම තේරැම්ගෙන ගමන් කරන්න වෙනවා... සමහර අය බොරැවට කෑ ගහනවා...!(නු)
ඔයවගේ කේස් එකකදී මමත් හොඳටම ගුටිකාලා තියෙනවා. අම්මෝ ඊට පස්සෙ නම් ගෑනියක් ලඟින් වාඩිවෙන්නේ තියා පළාතේ යන්නේත් නැහැ. (නි)
අනේ පව් අසරණයාට නින්ද ගියා වෙන්න බැරිද (දී)
ලලිත් ලැජ්ජයි.(දී)
ලැජ්ජයි ලැජ්ජයි...!
ලලිත් ලැජ්ජයි.(නදී)
ලලිත් ගැන ලැජ්ජයි. (නි)
හෙත්තුවෙන කෙනාගේ වයස හැඩරුව අනුව තමයි ඉතින් ගෑනුත් කෑගහන්නේ .(නදී)
මේකට සමිපුර්ණ වැරැද්ද ලංතාවේ මහාමාර්ග හැම තැනම වංගු. වංගුවක් නැති පාරක් තිෙයනවාද? වංගු ගන්න කොට හැප්පෙනවා. හැප්පෙනකොට කේන්ති යනවා. අහක යන මිනිස්සු බැනුමි අහනවා බනින මිනිස්සු බැහැලා යනවා.(නදී)
මට නම් මේක සැකයි. ගොඩක් වෙලාවට වෙන්නෙ ගෑනු අයත් හොදට හේත්තුව දාගෙන ගිහින් තුන් වන පාර්ශවයකට මාට්ටු උණාට පස්සෙ අර මිනිහට බනිනවා තමුන් සුදනා බව පෙන්නන්න. (නදී)
කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න බස් රථය තුලදී (දී)
ප්‍රගීත් ගෙ කතාව හරියටම හරි....ශාන්ති ලා, දිසානායක ලා, කුමාරි ලා.... සහ ප්‍රඥා... ප්‍රගීත් ගෙ කතාව ඇත්ත නේද?(නදී)
ඕක මොකක්ද? අනික ගෑනුත් රහත් වෙලායෑ? (නි)
බැනලා මදි (දී)
මම නම් පිරිමින්ව තදින්ම පිළිකුල් කරනවා. (නි)
ප්‍රශ්ණය නිරාකරණය වෙනවා පිරිමියා මැදිවියේ කෙනෙක් නොවුනා නම්. ඔය කොයි කාන්තාවොත් අපි දන්නවා. රාහුල හාමුදුරුවෝ කවියෙන් කියලා තිබුනේ.(නදී)
බස් වල යන හුගක් පිරිමි ඔය වගේ (ත)
සෙනග ගොඩක් මැද කෑගහපු ඒ ගැහැණු කෙනා ගැනත් ටිකක් හිතන්න වෙනවා. ලැජ්ජාවක් බයක් තියෙනවා නම් ඔහොම කෑ ගහයිද? (නි)
මටත් පාසල් සමයේදි වූ සිදුවීමක් මතක්වුණා. බසයේ ඇඟිල්ලක් ගැසීමට ඉඩක් නැත. ටියුෂන් පන්තියට යන තවත් සිසුවියක්, ඉදිරියෙන් පැමිණි තල්ලුවක් නිසා මගේ ඇඟට හේත්තු විය. ඇය ලජ්ජා, බය ඇති, අහිංසක සිසුවියකි. සැනෙකින් ඇය පොත් බැගය ළයට තුරුළු කර ගත්තාය.(ස)
පුදුම පිරිමිනේ... (නි)
පුංචි කුමාරිහාමි හැම පිරිමයෙක්ම එහෙම නැහැ. හොද අයත් ඉන්නවා. දැන් බලන්න තොච්චර නරක ගැහැණු අය ඉන්නවාද?(නදී)
කුමාරිහාමි, ඔයා හිතන්න එපා ගැහැණු හරිම ශුද්ධවන්තයි කියලා. ගැහැණු තමන්ගේ ස්වාමියාට හොරෙන් කරන හොර වැඩ අපි දන්නවා. (නි)
කුමාරිහාමි, ඔයා පිළිකුල් කළා කියලා අපිට මොකෝ? (නි)
මට නම් පිරිමි කියන්නේම පිළිකුල් කළ යුතු ජාතියක්. (නි)
ඉතින් එහෙම ගියහම මොකද වෙන්නේ? (නි)
මම නම් ඒක ඉතාම ප්‍රිය කරන කටයුත්තක් බවත් නිර්භීතව ප්‍රකාශ කර සිටිමි. ඒත් මම නම් තවම ගෑනුන්ගෙන් ගුටි කාලා බැනුම් අහලා නැහැ. (නි)
මේ කාන්තාව ගිරිවුල්ලට එනකන් ජොලියේ ඉඳල බහින්න ලෑස්ති වෙලාද තද වුනේ.(නදී)
මොනවා කරන්නද බස් කාරයොත් එක පාරටම බ්‍රේක් ගහනකොට.(නදී)
උඩ පැන පැන කෑ ගහන ගැණුත් ඉන්නවා බස් වල. (නි)
තාරකත් ඉස්සර ඒ වගේ නේද (ස)
ඕකෙ දෙපැත්තක් තියෙනවා.. ඇඟේ ගෑවුනා කියලා ගෙවෙනවද ? සමහර නෝනලා නෙළුම් මල් වගේ ඇඟේ ගෑවෙන්න බෑ ඔරවනවා (ස)
කෑ ගහල මදි ඒ වගේ උන්ට බිම වැටෙනකම් ගහන්න ඕන... (ස)
ඇඟේ ගෑවෙන්නේ නැතිව යන්න ඕන නම් තමන්ගේ වාහනයක යන්නකෝ (ස)
අනුෂි, මේ අහන්න. ඇතැමි විට පිරිමින්ව මොනතරම් අපහසුතාවයකට පත්වෙනවද? පොල් පටවපු බස්වල නැග්ගම වෙසක් කූඩුව වගේ වටේට කැරකි කැරකී කමන්ගේ ආත්මගෞරවය ආරක්ෂා කරගන්න දැඩි උත්සාහයක යෙදෙන්න ඕනේ. මේ වගේ වෙලාවක අර කියපු වගේ කාන්තාවක් නැග්ගොත් දෙයියන්ගෙම පිහිටයි.(නදී)
යොහාන් ඔයත් ඒවගේ කෙනෙක්ද කොහෙද ? (ස)
අපෝ ලංකාවේ බස් ගැන නම් කියලා වැඩක් නෑ. සමහර අය ඉන්නවා මේ කටයුත්තටම යන අය. සමහර කොන්දොස්තරලත් අම්මලා අක්කලා වගේ ඉන්න අයටම පාඩුවේ යන්න දෙන්නේ නැහැ. හැමෝම නෙමේ. ඒත් සමාජය හැම අතින්ම පිරිහිලා (ස)
යොහානුත් ජැක්සන් කෙනෙක්ද කොහෙද? ගෑණියෙකුට තියා පොඩි ළමයෙකුටවත් බස් එකක යන්න අමාරුයි. අත්දැකීම් තියෙනවා ඕනෑතරම්. (නදී)
මේවගේ වෙලාවට ඇත්තට මෙහෙම දෙයක් වෙලා නම් කරන්න තියෙන්නෙ කටුවක් අරගෙන හිමින් එතනට තියන්න... හයියෙන් හේත්තුව දාලා කෑගහන්නෙ නැතැ!(නදී)
බස් රථයක් කියන්නේ පොදු ප්‍රවාහන සේවයක්. ඉතින් එහෙම යනකොට සමහර අය ඇගේ වදිනවා. එහෙම කියලා ජැක් ගහනවා නෙමෙයිනේ. ඉතින් පිරිමි එළියෙද යන්න ඕනේ. අනික දැන් ඇදන් යන ඒවා බැලුවම ගලවන්න දෙයක් නැහැ ගැලවිලා තියෙන්නේ. ඕවා ගෑනුන්ගේ වැරදි.(නදී)
මෙතන තියෙන ප්‍රශ්නය කාටවත් තේරෙන්නේ නැහැ. අපේ ලංකාවේ තියෙන බස්වල හදලා තියෙන ආසන වල දෙන්නෙකුට ඉදගන්න බැහැ. හේත්තුවෙන්න තමයි වෙන්නේ. මෙය බලධාරීන්ගේ අවධානය පිනිසයි.(නදී)
කාන්තාවන්ට හිරි හැර කරන එක මාහා පාපයක් (දී)
ඇත්තටම එහෙම කළා නම් වැරදියි. හැබැයි වැරදීමකින් ඇඟේ ගෑවුනා කියලා මෙහෙම බැන්න නම් බැනුම් අහපු කෙනාගේ තත්ත්වය තමන්ට ආදේශ කරන් බලන්න. (ස)
ගොඩක් නෙවෙයි සමහර කාන්තාවනුත් කැමතියි පිරිමි හේත්තු වෙනවට. මට කාන්තාවන්ම කියලා තියෙනවා.. (ස)
ඇති වාග් ප්‍රහාරයකින් බේරුනා (දී)
යොහානුත් මේ මනුස්සයා වගේ (ස)
මටත් බස් එක යන වෙලාවට නින්ද යනවා. ඒක නතර කරගන්නම බැහැ. ඒක නිසා මම නම් හිටගෙන ගියත් කාන්තාවක් ලග වාඩිවෙන්නේ නැහැ. අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙයි කියලා.(නදී)
මේ ගැන ගොඩක් සිතා බලා විසදුමක් ලෙස මා විසික් කාන්තාවන්ට ඇදුමක් නිරිමානය කළා. එය සායක්. මෙවර අවුරුදු සමයේ වෙළද පොලට ඉදිරිපත් කරන්නයි ඉන්නේ. එහි විශේෂත්වය වන්නේ අල්පෙනෙති පිටපසට ලස්සන රටාවකට අල්පෙනෙති සවි කර තිබීමයි.(නදී)
තාරක, ශාන්ති, ප්‍රදීපා මම ලිවිවේ හිටගෙන යනවිට ඇගේ ගෑවෙන එක නෙමෙයි ඉදගෙන යනකොට ඇගේ ගෑවෙන එක. එහෙමනම් රියදුරාට කියන්න වංගු ගන්නේ නැතිව කෙලින්ම යන්න කියලා.(නදී)
මෙයාට අනිවාර්යෙන්ම හේත්තුවා කියලා නමක් පටබැදිය යුතුය.(නදී)
ලජ්ජාවටම බැහැල යන්න ඇති (දී)
දවසකට කොච්චර වෙනවා ඇතිද මෙවන් වැඩ (දී)
අයියෝ මල්ලි? හේත්තුවත් මහ ලොකු වැරැද්දක්ද? (නි)
සමහර පිරිමින් ගැහැණූන් රොත්තක් මැද්දට ගියහම මැරිච්ච ලේනා වගෙයි. (නි)
මෙහෙම මිනිස්සු ඕනා තරම් ඉන්නවා බස් වල (දී)
දැන් ගෑනු උදවිය හිටගෙන ගියත් පිරිමින්ගේ පිටට හරි හේත්තුවක් දාන්නමයි බලන්නේ.. මට අත්දැකීම් තියනවා ගාලු පාරේ දුර ගමන් සේවා වල යනකොට..(ස)
බස් එකේ මිනිස්සු නොගහුවා ඇති (දී)
නීතියෙන් දඩුවම් කරන්න ඕනේ (දී)
ඒ මනුස්සයාට නින්ද යන්න ඇති අනේ (දී)
බස් වල යනකොට සමහර ගෑනු අය යන්නේ බාගෙට අපේ ඇගේ එල්ලිලා. ඒ වගේම සෙනග ඉන්න බස් වල අපි කොයිතරම් කිවුවත් සෙනග නගිනකොට, කොන්දොස්තර මැදින් යනකොට, සීට් වල ඉන්න අයගේ ඇගේ හැප්පෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඉන්න ගෑනුන්ගේ කටවල් ඉතිං වැසිකිළි කටවල්නෙ... (නි)
කාන්තා නිදහස නැති වෙලා (දී)
ඇති ගැහුවේ නැතුවා (දී)