(බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
හත් දවසේ දානමය පින්කමට පෙර දින රාත්‍රියේ තබන ලද තටුවේ කෑම පිඟාන කෑමට මියගිය මව පැමිණීමේ පුවතක් අම්බලන්ගොඩට නුදුරු ගමකින් වාර්තා විය.
ඉකුත් දිනයක මොහුගේ මව වයස්ගතවීමෙන් මිය ගියාය. අවමඟුල් කටයුතු සිදුකර හත් දින පිරෙන දවස නිමිත්තෙන් සාංඝික දානයක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබිණි. ඒ වෙනුවෙන් පෙර දින රාත්‍රියේ මතක බණ දේශනාවක් ද පැවැත් වූ අතර මධ්‍යම රාත්‍රියේදී ගොක්කොළවලින් ආසනයක් සකස් කර මල් පහන් හා කෑම පිඟානක් තබා මියගිය අයට පිළිගන්නා ලෙස ඉල්ලා සිටීම ඇතැම් ප්‍රදේශවල සිරිතක් වශයෙන් කරති.
හෝටල් සේවකයකු වූ මොහු ද වැඩිහිටියන්ගේ ඉල්ලීම පරිදි කෑම පිඟානක් තබා මියගිය මවට පැමිණ භුක්ති විඳින ලෙස ඉල්ලා සිටියේය.
තටුව තබා විනාඩි කිහිපයක් ගත වෙද්දී දාන ගෙදර සිටි අයකු එහි තිබූ තෙලෙන් බඳින ලද මාළු පෙත්තක් බයිට් එකට ගෙන තිබිණි.
මත්පැනට ගිජු මොහු ද මිතුරන් සමඟ මත්පැන් උගුරක් බී ගොටුවේ තිබී ගෙනෙන ලද මාළු පෙත්තෙන් කෑල්ලක් කෑවේය.
ඊට සුළු වෙලාවකට පසු අම්මා ගොටුව ළඟ පැමිණියේ දැයි බැලීමට පුතා ගියේය. ඒ යනවිට කෑම පිඟානේ තිබූ බැදපු මාළු පෙත්ත නැති බව දැකගන්නට ලැබිණි.
මාළු පෙත්ත ගෙන යාමට පැමිණි අයගේ පා සලකුණ ද තටුව අසල වැල්ලේ තිබිණි.
මහත් ප්‍රීතියට පත් පුතා තටුව ළඟට අම්මා පැමිණ ඇති බවත්, අම්මා වැඩියෙන්ම ප්‍රියකරන මාළු පෙත්ත අරගෙන ගොස් තිබෙන බවත් කියන්නට විය.
මාළු පෙත්ත ගෙනගිය මිතුරා පැමිණ අම්මා ආ බව නිවැරදිව කියන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියේය.
අම්මගෙ පා සලකුණ තිබෙනවා. හරියටම අම්මගෙ පා සලකුණත් මේ විදියටමයි. අම්මා පැහැදිලි ලෙසම පැමිණ ඇති බව පුතා උජාරුවෙන් පුන පුනා කියන්නට විය.
ඇතැම් අය නොයෙකුත් ප්‍රශ්න ඇසුවත් පුතාගේ විශ්වාසය නිවැරදි කරන්නට බැරි විය.
මොහොතකට පෙරදී අරක්කු බොන විට බයිට් එකට ගත්තේ ඒ මාළු පෙත්ත බව කියූවිට පුතා මහත් ලැජ්ජාවට පත්විය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හත්දවසේ දානය දා පැමිණි මියගිය මව තටුවේ තිබූ බැදපු මාළු පෙත්ත කාලා