190 ගොඩගම සිට පිටකොටුව දක්වා ගමන් ගන්නා බස් රථයකි. පාසල් නිවාඩු නිසා සෙනඟ අඩුය.
නමුත් රියදුරු වේගය අඩු නොකොට මගීන් කලට වේලාවට රාජකාරි සඳහා රැුගෙන යාමේ උත්සහයක නිරත විය.
දිගින් දිගටම බසය පුරා කොන්දොස්තරගේ අණ පැතිරි ගියේ ද ඉතා කාරුණික අයුරිනි. මෙසේ ගමන් කළ බස් රථයට පිටු පසින් තවත් බස් රථයක් වේගයෙන් එනු හදිසියේ පෙනුණි.... රියැදුරු කළබල නොවිය.
මේ අතරින් බසය මැදින් ශබ්දයක් ඇසිණි. ‘‘ඉතිරි සල්ලි දෙනවා.....මම රුපියල් විස්සක් දුන්නේ, ගාන දාසයයිනේ... හොර හැත්ත, උදේ ඉඳන් අපිව මංකොල්ල කනවා... මුන්ට හරි යනවනේ...” එසේ කියමින් මගියෙක් මහත් කෝපයෙන් කොන්දොස්තරට බැණ වදින්නට විය. ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය. ”මහත්තයට රුපියල් හතරක් ද ඕනේ හතරක් නොවෙයි මම මහත්තයට රුපියල් දහයක්ම ඉතිරි දෙන්නම්....හැබැයි මහත්තයා මට දුන්නේ විස්සේ කොළයක් නොවෙයි.....”
”මොනවා විස්සක් නොවෙයි....යකෝ මුන්ට හොඳක් වෙන්නේ නෑනේ..” එසේ බැන වදින්නට වූ ඔහු දිගටම ආඩපාලි කියන්නට විය.
ඒ සමගම කොන්දොස්තර මෙසේ කීවේය.
”මහත්තයෝ ඔය කුකුල් කේන්තිය අඩු කර ගත්තේ නැත්නම් මහත්තයාට පාඩු ගොඩක් විඳින්න වේවි.”
අනික අපි බස් එකේ යන එන උදවියට මනුස්සකමට කතා කරපුවාම අපි නිවටයෝ කියලා හිතන්නේ. අපිටත් පුළුවන් ඔය පුතා කියන වචනයට තව ඉස්සරහට ස්ත‍්‍රී ලිංග පදයක් එකතු කරලා මිනිස්සුන්ට කතා කරන්න.
ඒත් මිනිස්සුත් අපි ගැන හිතන්න ඕන. මම මේ රස්සාව කරන්නේ නිකමෙක් වගේ ඉන්න අකමැති නිසා. මේ පාරේ දුවන බස් දෙකක් අයිති මටයි. මට වංචාකරලා රුපියල් හතරක් අරගෙන වැඩක් නෑ.
එසේ කියමින් කොන්දොස්තර මගීයා අතේ රුපියල් 484ක් තැබීය.... තබා මෙසේ කීවේය.
”මහත්තයෝ.....මහත්තයා මට දුන්නේ රුපියල් 20 නොවෙයි, 500 කොළයක් මේ තියෙන්නේ....”
මමත් මේක වෙනමම තියාගෙන හිටියේ රුපියල් විස්සේ කොළයට මාරු වෙන නිසයි. ඔය ඉක්මන් කේන්තිය අඩු කර ගන්න නැත්නම් ජීවිතයට ලොකු පාඩු විඳින්න වේවි. එතෙක් වසවර්තියකු ලෙස කෝප වී සිටි මගියා ඒ වනවිට ලජ්ජාවට පත්ව බිම බලාගෙන සිටියේය. රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහ හෝල්ට් එක බහිනවා ...... බහිනවානම් ඉතින් සිමෙන්ති ටිකක් දාපන් කොලුවෝ .(කොන්දොස්තර මහතා තරගාවලියේම වීරයාය )(නදී)
අනෙක් බස් වල රියදුරන් සහ කොන්දොස්තර මහත්වරුන් මේ වගේම මහත්වරුන් වෙනවා නම් කොයිතරම් අගේද? (නි)
කොන්දොස්තරතුමාට තව බස් කීපයක් පාරට දමන්න ශක්තිය ධෛර්යය අවස්ථාව, දේව ආශීර්වාද ලැබේවා! (නි)
මේ කතාව ගොඩක් හිතන්න දේවල් ඉතුරු කරලා තියෙනවා. අර රූමත් තරුණිය සහ කොන්දොස්තරවරයා අතර සම්බන්ධයක් ගොඩ නගුනාද? විස්සේ මහතා ඊළඟ දිනයේ දාහේ කොලයක් දුන්නාද? මගීන් විස්සේ කොලයක්දී පන්සීයක ඉතුරු බලාපොරොත්තු වුනාද? ආදී වශයෙන්. පිළිතුරු චිතරපටයේ දෙවෙනි කොටසෙන් බලාපොරොත්තුවන්න.(නදී)
කොන්දොස්තර මහත්මයාගේ පපුව හොඳයි. එයාට වරදින්නේ නැහැ. ඉස්සර කොන්දොස්තරලා කියපු කතාවක් මතක් උනා.ඔය පොල්ල ඔය පොල්ල අල්ලාගෙන ඉස්සරහට යන්න කියලා. ඉතින් කාන්තාවන්ට හරි හිනා.(නදී)
මේ බසයේ ගිය රූමත් තරුණිය අපේ රූපවතී අක්කම වෙන්න බැරිද? එක දවසකුත් මෙයා බස් එක නතරකරවාගෙන කූඹි කාලා දගලන මනුෂ්‍යයෙක් දිහා බලාගෙන හිටියා (නි)
ඔව් රූපවතී අක්කේ,ඒ මම තමයි! මට හිතෙන හැටියට මගේ දිහා බලාගෙන හිටියේ චන්දිද කොහෙද? (නි)
රූමත් තරුණියගේ ආදරය ඒ අවංක කොන්දොස්තරවරයාට ලැබුනද? (නි)
ඕක ගණන් ගන්න එපා බොස්.(නදී)
ඕක ගණන් ගන්න එපා බොස්.(නදී)
චන්දි නංගි ..මමත් දැක්ක අපේ සරත් මල්ලි ..!උදේ පාන්දරින්ම ..කාටත් හොරෙන් ඉස්සරලම, කෝපි කෝප්පෙකුත් අරන් කැන්ටිමේ උඩින්ම පුටුවකුත් තියාගෙන හිටගෙන ඉන්නවා ...? (නදී)
මෙච්චර කාලෙකට යහපත්..හැදිච්ච ...නිහතමානී ...කොන්දොස්තර කෙනෙක් ගැන අහපු පළමු වතාව.....අම්මප හරිම සතුටක් දැනුනා. ඔබගේ යහපත් ගතිගුණ හැම කොන්දොස්තර කොල්ලෙකුටම බෝ වෙන්න ඕනා. එතකොට තම මගීන් වන අපිට සැනසිල්ලේ ගමනාන්තය දක්වා යන්න ලැබෙන්නේ. (නදී)
කාලෙකින් හොද ආරංචියක්. හොද මහත්මයෙක්. ඔබට මල් මිටක්. (නදී)
හායි..!රූපවති අක්කේ, දැක්කේ නැද්ද? උඩින්ම තියෙන්නේ (නි)
රූමත් යුවතිය ගැන කොටස නම් අතින් දාපු එකක් වගේ.(නදී)
මොනවද ලියන්න ඕනෑ? හොද මහත්තයෙක් (නි)
ඹබ කල දේ අති විශිෂ්ටයි!.. ඔබට ඉදිරියට යන්න මගෙන් සුභ පැතුම්!.. (ස)
රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි. එකටත් සුබ මංගලම් ... (ස)
අලුත් 20 කොළෙත් 500 කොළේ වගේමනේ? මගියාට වරදින එක පුදුමයක් නෙමෙයි.නමුත් කොන්දොස්තර මහත්මයා කරපු වැඩේ අගය කල යුතුයි. අද කාලේ සෑම වෘත්තියකම වගේ හිඟ අවංක මිනිහෙක්.(ස)
කොන්දොස්තර මහත්තයෙක් නෙවෙයි මහත්මයෙක්. දැන් තියෙන බස් 2කට තව බස් 2කක් අවඩා ආයුබෝවේවා! (නදී)
පහත් තැනින් යයි ගලා ජලය (අ)
ඔබ බස් රියේ හිමිකරු නිසා ඉවසීමෙන් සිටියා. කොන්දොස්තර හිටියා නම් අර පදයට වඩා යමක් ගරු ඇතුව කියලා දෙයි (නි)
මගේ ප්‍රණාමය ඔබතුමාට! (නි)
මමත් යන්නේ එන්නේ ඔය පාරේ තමයි. හැබැයි 190 ගොඩගම පිටකොටුව ඉස්සර දැන් මීගොඩ -පිටකොටුව. ඇත්තටම කියන්න සතුටුයි සුපිරි රූට් එකක් තමයි 190 ඔය කියන මහත්මයවත් මම දන්නවා වගේ.හරි අවංක නිහතමානී මනුස්සයෙක්. ජය වේවා ..!! (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.ඔබට තුතී. (නි)
කට තිබ්‍බ පලියට අනිත් අයට කැහැගහල ලබන ආත්මෙ ගොලුචෙක් චෙයි..... 20 සේ මහත්තයා චවනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න....කියපු චවනයක් ආයේ ගන්න බැහැ (w)
එල කොල්ලෙක්.(අ)
කොන්දොස්තර මහත්තයො, රියදුරු මහත්තයො ඔබේ සේවය අති උදාරයි. (ස)
සැප දුක නිති පෙරලේ රිය සක මෙනි. (ස)
උගත් බුද්ධිමත් වැදගත් මහත්මයෙක් අද රුපියල් 20. 100. 500 හොයාගන්ඩ බැ අද මොකද රටට වෙලා තියෙන්නේ අද හැමතනම චන්ඩි බෝවෙලා පොඩි දේටත් කතා කරන්නේ මහ කැත විදිහට කොන්දොස්තර මහතාට මල් මිටක් ඔබ මහත්මයෙක්..... (ස)
ලොකු ඉවසීමක් තියන අවංක බුද්ධිමත් මනුස්සයෙක් (ස)
අන් අයට හොද ආදර්ශයක් ඔබට තුති මල් මිටක්... (ස)
"ඉස්සරහට යන්න ඉස්සරහට යන්න " (ස)
අද කලේ මිනිසුන්ට අනිත් අයට ගරුකරන දැන් නැ දහම් පාසලකට වැසක්ටවත් ගිහිල්ල නැ පොඩිකාලේ ඉදල හැදිච විදිය තමයි ඔය (දී)
"රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" බස් දෙකක් අයිතිකාරය ඉතින් මොන කතාද යුවතියට (අ)
ඇත්තටම අති උදාර මහත්මයෙක් !!!ඔබ වැනි අවංක අය අපේ රටට අවශ්‍යයි ඔබට දිර්ඝායුෂ පතමි. ඇත්තටම හොඳ පුරවැසියෙක් මගේ තුති මල් මිටක් ඔබට ''පුදමි''බස් දෙක.., හතරක් කර ගැනීමට ''ලැබේවා'' (ස)
අද කරන රැකියාව හරි අඳින ඇඳුමෙන් හරි මිනිස්සු මනින්න නරකයි. හොඳට ඉගෙනගෙන කොන්දොස්තර වැඩ කරන අය, බදාම අනන අය, ඕනෑතරම් මම දැකල තියෙනවා.කෝට් ඇඳලා ටයි දාල ඉන්න අය දෙක පාස් නැහැ. කොහොම උනත් මේ සමාජෙ පොතේ අධ්‍යාපනයට වඩා මනුස්සකම තියෙන්නේ දුක විඳලා දුක අඳුනන අය ගාව තමයි.. (ස)
මෙම බස් රථයේ මහතුන් දෙදෙනාට මගෙත් උපහාරය පුදනවා. මේ මාර්ගයේ තමයි අපිත් යන්නේ. (ස)
අන්න හොඳ මිනිස්සු. (ස)
කොන්දොස්තර මහත්මයෙක්. ටිකක් අඩු වුණත් තාම ඉන්නවා. මගේ ප්‍රණාමය එතුමාට. (ස)
එසැණ තීරයේ අදහස් දාන අපට හොඳ පාඩමක් මෙතන තියෙනවා. වැඩිපුරම අපි දකින්නේ පුවතක් පළවුන ගමන්ම තීන්දු දීල ඉවරකරන අය. උදාහරණයක් හැටියට රිය අනතුරක් ගැන පුවතක් නම් බොහෝවිට රියදුරාට මරණ දඬුවමත් දීල තමයි පස්ස බලන්නේ. ඒ වගේම තමයි "පුද්ගලික බස්" එකක් කියන වචනේ දැක්ක ගමන්ම ඔන්න කඩුව ගන්නවා අතට. "කොන්දොස්තර" කියන වචනේ දැක්ක ගමන් ඒ මනුස්සයට කලින් එයාගේ මව් ගැන හිතට එනවා. රියදුරුත් ඉන්නවනම් මිනිහව එල්ලලා මරන්න නියම කරනවා. ප්‍රවෘත්තිය අසම්පූර්ණද, බහින නිගමනය හරිද කියන කරුණු වැඩක් නැහැ. පුද්ගලික බස් කිව්වාම ඕක තමයි අපේ චිත්‍රය. මෙන්න අපේ මුල් බැසගත් චිත්‍රය ඉරල දාන්න හොඳ අවස්ථාවක්! ඒ වගේම පුර්ව නිගමන වල එල්ලිලා ඉන්න හොඳ නැතිබව පෙන්වන පාඩමක්. ඒ දෙපලට ස්තුතියි මේක කියා දුන්නට. (ස)
කතාවේ අන්තිම කැල්ල චිත්‍රපටියක් වගේ මොනවා උනත් සාධාරණ මනුස්සයෝ දෙන්නෙක්ම කතාවේ හිටියා. පොඩ්ඩක් හිතල බලන්න, බස් කර්මාන්තය කරගෙන යන්නේ හරිම අමාරුවෙන් මමත් බස් හිමියෙක්.(ස)
රූමත් යුවතියක් බලා සිටියා.... මට දෙමළ චිත්‍රපටියක් මතක් වුණා.(ස)
කතාව චිත්‍රපටියක් වගේ තමයි. "රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" (ස)
මටනම් මේ කතාවේ වැදගත්ම ආසම හිතෙන කොටස තමයි" "රූමත් යුවතියක් කොන්දොස්තර දෙස බලා සිටියේ වීරයකු දෙස බලන බැල්මෙනි" . මේ තරුණිය කවුරු වෙන්න පුලුවනිද? කොන්දොස්තර මහතාගේ බිරිදද? පෙම්තියද? අසල්වැසි කාන්තාවක්ද? නැත්නම් ට්‍රයි කරන කෑල්ලක්ද? (ස)
ඒ.. කොන්දොස්තර කොලුවා අපේ සරත් මල්ලිවත්ද ..ආඩම්බරේ බැරුවා...? සුබදවසක්...මහමග අතුරු අන්තරාවක් නොමවේවා..!!! (දී)
බලාසිටි රූමත් යුවතියට දැනගන්නත් එක්ක දාන්නකෝ වීරයා අවිවාහකද කියලා (දී)
ඉන්දු රූමත් යුවතියට අවංක සිතයි බස් දෙකයි ගැන සිතක් පහල වෙන්න ඇති .කෙසේ නමුත් පුද්ගලික බස් රියදුරන්ට සහ කොන්දොස්තරලට ලං .ග .ම. පුහුණුව අනිවාර්ය කිරීමෙන් විනීත සේවයක් ලබාගත හැක . (දී)
උපාලි, "නිවන් දකින්නට පින් මදි වෙන්නැති - එකයි අපි තවමත් සංසාරේ" (දී)
"පස්සෙන් සල්ලි ගන්න." මේ දිනපතාම ඇහෙන සංගීතයයි. මනුස්සකම අතින් ඉතා උසස් කොන්දොස්තර මහතෙක්. ඔබට යහපතක්ම වේවා.....!!!! (නි)
ඔව් ඔබ මට නම් වීරයෙක් (නි)