එම ආයතනයේ සේවය කළේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකි. ආයතනයේ උසස් නිලධාරියෙක් දිවා ආහාරය සඳහා පිටතට යන සෑම විටම මොවුන් දෙදෙනාගෙන් කෑම කෑවාදැයි අසන්නට අමතක කළේ නැත. එසේ අසන අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන් ආහාර නොගෙන සිටියත් පැවසුවේ ”කෑම කෑවා සර්” යනුවෙනි.
දිනක් සුපුරුදු පරිදි නිලධාරි මහතා දිවා ආහාරය සඳහා පිටතට යන විට ආරක්ෂක නිලධාරීන්ව දැක, ”ඔයාලා කෑම කෑවා දැයි” විමසීය. ඒ වන විට ආරක්ෂක නිලධාරීන්ට ආහාර සපයන සැපයුම්කරු පැමිණ නොතිබිණි. ඔවුන් සිටියේ ද දැඩි කුසගින්නෙනි. ”තවම කෑම කෑවේ නැහැ සර්”, ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ”මොනාද කන්නේ” මහතා විමසූවිට ” ඕන දෙයක්” ආරක්ෂක නිලධාරීහු පැවසූහ. ආපසු පැමිණි නිලධාරියා බුරියානි පාර්සල් දෙකක් ආරක්ෂක නිලධාරීන්ට දීමට කටයුතු කළේය. මාසයකට පස් හය වතාවක්් ඔවුනට බුරියානි ලැබිණි. ආරක්ෂක නිලධාරීන්ට ද මෙය ආර්ථික වාසියක් විය. සමහර දිනවල ආහාර සපයන්නාගෙන් දිවා ආහාරය නොගත් ඔවුහූ මහතා දුන් ඉස්තරම් ආහාරයෙන් සංතර්පණය වූහ. කල්යෑමේදී පෙරකී මහතාගේ මුදල් පසුම්බිය සිඳෙන්නට විය. ඒ අනුව බුරියානි කෑම සාමාන්‍ය කෑම බවට පත් විණි. අවසානයේදී ඒ මහතා ”කෑම කෑවාදැයි” ඇසීම නවත්වා දැමීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්, අනුරාධපුරය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතින් අරන් තියා ගන්නවා කියන්නේ ඕවට තමයි .(හේ)
කිසිම තේරුමක් නැති දේවල් නේද (දිල්)
බුරියානි දෙකක් දුන්නයි කියල පුද්ගලයෙක් දුප්පත් වෙන්නෙත්,ලැබුණු කෙනා පොහොසතෙක් වෙන්නෙත් නැහැ(දිල්)
එ් මනුස්සයගේ මනුස්සකම මේ මිනිස්සු කපටි කමකට හරවාගෙන කැතයි හොඳේ (නදී)
මිනිසුන්ගේ මනුස්සකම වැරදි විදියට තේරුම් අරගෙන වගේ. ඒකෙන් වැරදුනේ උසස් නිලධාරියාට නෙමෙයි ආරක්ෂක දෙන්නාට. (නි)