බසයේ සෙනග වැඩි නිසා තම අත් බෑගය අසුනක ඉඳගෙන සිටි කාන්තාවකට දුන් පසු බසයෙන් බසිද්දී එහි තිබූ රුපියල් හතළිස් පන් දහසක් වටිනා ජංගම දුරකථනය එම කාන්තාව විසින් සොරාගෙන ඇති අතර ත්‍රීරෝද රථ රියැදුරෙකුගේ විමසිලිමත් බව නිසා නැවත සැණින් සොයාගත හැකි වී තිබේ.
දාරාඔය සිට කොළඹ රැකියාවට යෑම සඳහා මෙම කාන්තාව හේවාහැට සිට දෙල්තොට යන බසයකට ගොඩ වී ඇත. බසයේ සෙනග වැඩි නිසා තම අත්බෑගය අසුනක ඉඳගෙන සිටි කාන්තාවකට දී ඇත. දෙල්තොටදී දෙදෙනාම බසයෙන් බැස ඇති අතර දුරකථන ඇමතුමක් ගැනීම සඳහා ජංගම දුරකතනය ගැනීමට යාමේදී එය බෑගයේ නොමැති බැවින් වහාම අසල සිටි හඳුනන ත්‍රිරෝද රථ රියැදුරෙකුට සිද්ධිය පවසා ඇත. දුරකථනය සොරාගත් කාන්තාවගේ හැඩරුව පවසද්දී එවැනි කාන්තාවක් දෙල්තොට රෝහල දෙසට ගමන් කරනවා තමන් දුටු බව ත්‍රීරෝද රථයේ රියැදුරු පවසා ඇත.
ඒ අසල රාජකාරි කළ සිවිල් ආරක්‍ෂක බළකා නිලධාරීන් දෙදෙනෙකු ද සමග දෙල්තොට රෝහල් පාර දිගේ යන විට අදාළ කාන්තාව හමු වී ඇත. තම බෑගයේ තිබූ ජංගම දුරකථනය නැති වී ඇති බව පවසා ඇති විට තමා බෑගය රැගෙන උදව් කළ බවත් එවැනි හොරකමක් කිරීමට අවශ්‍ය නැති බවත් පවසා එම කාන්තාව දොස් පවරා ඇත. පසුව තමාගේ දුරකථනයේ අංකයට වෙනත් දුරකථනයකින් ඇමතුමක් ගත් විට නැති වූ ජංගම දුරකථනය බසයේ ඉඳගෙන සිටි කාන්තාවගේ කුඩය තුළින් ඇසෙන්නට විය. එවිට සොරකමට සම්බන්ධ කාන්තාව මහත් අපහසුතාවට පත් වී අදාළ දුරකථනය නැවත ලබා දී ඇත. තමාගේ නැති වූ දුරකථනය හමුවූ බැවින් තමාට කොළඹ යාමට පරක්කු වෙන නිසා මේ සම්බන්ධව වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නොවන බව පවසා ත්‍රීරෝද රථ රියැදුරුට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට ස්තුති කොට ඇය ගොස් ඇත.
(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ ලංකාවේ බොහොමයක් මිනිසුන්ගේ ...මානසික තත්වය ඉතාම පහත් ..හොද ගුණධර්මයන් බොහොම අඩුයි මිනිසුන් තුල ..? (බ)
රූපවතී අක්කේ මේක ධර්මද්වීපයනේ. ඉතින් මේ දේවල් සිදුවිය හැක .(රේ)
ඊයේ විතරක් නොවෙයි, සමහර මිනිසුන්ගේ ගුණධර්මයන් ,ආකල්පයන් , සදාකාලයටම එක වාගේමයි....(රේ)
මේ හැමදේටම මුල රටේ නීතියක් නැතිකම. හොරකමට වංචාවට දැඩි දඬුවම් දියයුතුමයි. එ්ත් කොහොම කරන්නද? (නි)
අපේ හොද ගුණධර්ම වලට නීතිමය වටිනාකමක් දියයුතුයි. (නි)
ඔය වැඩේ මේ දකින කිසිම කෙනෙක් කරන්න එපා. ඕක අවුරුදු ගණක ඉදන් හුගක් හොරු කරන වැඩක්. (බ)
සසී ...මා ලියුවේ ? ඊ යා ලංකාවේ මිනිසුන්ගේ ...? කියලයි (බ)