(පල්ලේබැද්ද රෝහණ සමරවීර)
දෙල්වල ප්‍රදේශයේ නිවෙසකට හිමිදිරි පාන්දර ඇතුඑව නිවෙසේ සිටින කාන්තාවගේ යට ඇදුම් හා ගවුම් ඇඟලාගෙන එම කාන්තාවගේ පහළොස් හැවිරිදි දැරිය නිදියමින් සිටි ඇඳෙහි පසෙක නිදියගෙන සිට රුපියල් හතළිස් දහසක මුදල් සොරා ගත් විවාහකයකු අත්අඩංගුවට ගත් බව දෙල්වල පොලිසිය කියයි.
සැකකරු දෙල්වල වෑබොටුව ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැරිදි විවාහකයෙකු වන අතර ඔහු ඇඟලා ගත් කාන්තා ඇඳුම් විසිකර දමා තිබියදී ඒ ඔස්සේ පොලිස් සුනඛයන් යොදවා සිදුකළ පරීක්‍ෂණයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම සැකකරු පසුගිය 21 වැනිදා පාන්දර 3.00 ට පමණ දෙල්වල ප්‍රදේශයේ නිවසක පිටුපස පිහිටි ජනේලයක් කඩා නිවසට ඇතුළුවී ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ නිවැසියන් තද නින්දේ පසුවෙමින් සිට ඇති අතර සැකකරු එම නිවෙසේ කාමරයකට ගොස් එහි අල්මාරියක් විවෘත කර එහි තිබුණු රුපියල් හතළිස් දෙදහසක මුදල් සොරාගෙන ගොස් ඇති බවට නිවැසියන් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙන බව පොලිසිය කියයි.
එම මුදල් සොරා ගැනීමෙන් අනතුරුව සැකකරු නිවෙස් හිමියාගේ තිස් හත් හැවිරිදි බිරිඳගේ යට ඇදුම්, තිසර පටියක් හා ගවුමක් ඇඟලාගෙන ඇති බවත් එම ඇඳුම් පිටින් සැකකරු එම නිවෙසේ පහළොස් හැවිරිදි දියණිය නිදියමින් සිටි ඇඳේ පසෙක නිදාගෙන සිටි මොහොතේ දැරිය එම සැකකරු දැක බියට පත්වී කෑ ගැසීම නිසා සැකකරු පැනගිය බව වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.
සැකකරු ඇඳ සිටි කාන්තා ඇඳුම් පිටින්ම නිවසින් පැනගොස් ඇති බවත් එම කාන්තා ඇඳුම් එම නිවෙසට කිලෝමීටර් හතරක පමණ දුරකට රැගෙන ගොස් තේ වත්තක දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
රත්නපුර පොලිස් මූලස්ථානයේ මාසි නැමැති පොලිස් සුනඛයා එම ඇඳුම් ඉවකර සැකකරු සොයා ගිය බවත් සැකකරු පැමිණිලි කරුවන්ගේ නිවෙසට මීටර් පන්සියයක පමණ දුරකින් ජීවත් වන පුද්ගලයෙකු බවට හඳුනා ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය නොමග යැවීම සඳහා සැකකරු එතරම් දුරක් එම රෙදි රැගෙන ගොස් විසිකර දමන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර අත්අඩංගුවට ගත් සැකකරු හා භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
දෙල්වල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අමල් කීර්ති මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ප්‍රියන්ත රුවන් පතිරණ, රාමනායක, පොලිස් කොස්තාපල් (83912) අජිත් යන නිලධාරීහු ඉදිරි පරීක්‍ෂණ සිදු කරති.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හතළිස්දාහේ හොරා කාන්තා ඇඳුම් ඇඳගෙන බුදියලා