මව ලබාදුන් ඔත්තුවක් මත ගංජා අලෙවි කළ පුතෙකු ගංජා මිලිග‍්‍රෑම් දොළොස්දහසක් සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරු 29 හැවිරිදිය. ඔහු වැලිගම මදුරාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු ගංජා ජාවාරම පමණක් නොව, ගංජා ඉරීමට ද තදින්ම ඇබ්බැහි වූවකු බව පොලිසිය කියයි. මේ කටයුතු නවතා දමන ලෙසට මව තදින්ම අවවාද කර ඇතත්, එයින් ඵලක් වී නොමැත.
මේ නිසා තම පුතුට නීතිමය දඬුවමක් ලබාදී හෝ යහමගට ගැනීමට තීරණය කර පොලිසියට දන්වා තිබිණි. සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී.එච්.ඞී.එම්. ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.එම්.පී.පී.කේ. අබේසුන්දර, පොලිස් කොස්තාපල් ඞී.ඩබ්. සේපාල (59770) මහත්වරුන් විසිනි.
සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලිසිය කටයුතු කරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අම්මාට සමාජයේ ආචාරය ලැබිය යුතුය. එක ස්ත්‍රී දුෂණයක් පුතා කලවිට බොරු සාක්කි දී ඔහු එයින් ගලවා ගෙන තව අපරාධ වලට මග සාදන අම්මලා ඉන්න අද සමාජයේ මේ අම්මා කාන්තා රත්නයකි. (අ)
මීළඟට අපට අහන්න වෙන ප්‍රවුර්තිය " පුතා අතින් මව ඝාතනය වේ " (අ)
මවගේ ක්‍රියාව ප්‍රසංසා කල යුතු වුවත්... අද සමාජයේ දරුවන් වල්මත්වී ඇති හැටි දැක්කාම ..ඒ අම්මගේ මාරයා ඒ ගංජා පුතා නොවේද? කියල හිතෙන විට ..ලංකාව සම්පුර්නම තවත් එක්තරා විශාල මහනුවරක් කියා සිතෙන්නේ ..බය සැක ජීවිතේ කොතෙක් නම් අවිනිශ්චිතද යන හැගීමෙන් ..? (අ)
මේ අම්ම මේ සත්කාර්යය කලේ උතුම් පැතුම් හිතේ රුවාගෙන නිසා පුතා උනත් නිවිහන්හිල්ලේ හිතයි මගේ අම්ම මාව යහමගට ගන්න නේද මේක කලේ කියල ! ඒ නිසා අම්මට වෛර කරන එකක් නැහැ , (කෞ)
අම්මා ඔත්තුව දුන්න බව ප්‍රසිද්ද කිරීම මෝඩ වැඩක්. මේ කොල්ලට ඇප ලැබුනම ගෙදර ඇවිත් අම්මව මරන්නත් බැරි නැහැ. ගංජා ගහපු පුතෙකුගෙන් මිට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?අපරාදේ අම්මව තව තවත් කරදරේ වැටෙනවා. (කෞ)
මේ පුතා හිරෙන් එලියට එනකොට හොද නරක තේරුම් අරන් තියේවි. (ර)
ඒ මව කළ ක්‍රියාව අගය කළයුතුයි. නමුත් අපි එම සිද්ධිය අගින් පමණක් අල්ලාගෙන පූර්ණ නිගමන දීම වැරදියි. මේ පුතා උපන් දා සිට බහ තෝරන විය, පාසැල් විය යොවුන් විය ආදී සියල්ල ගතකර ඇත්තේ මේ මව සමඟ නොවේද? කුඩා කල සිටම ඔහුව යහමඟට ගැනීමට හැකියාවක් නොතිබුනිද? (නි)
ජයන්ත විදිහට හිතන්න පුරුදු වෙන්න. (නි)
අපේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද. හිතන්නෙම මහා පටුවිදියට. ඒ අම්මාට සමාජයේ ආචාරය ලැබිය යුතුයි. (ස)
ප්‍රසාද් කියනදේ සහතික ඇත්තෙකි. (ස)
මින්පසු අපිට මේ පුතා ගැන කුමක් අහන්න ලැබෙයිද? (නි)