දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියක සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ඔහුට හදිසියේ දක්නට ලැබුණේ වසර ගණනකට පෙර දැඩි හිතවතකුව සිට කාලයකින් හමුනොවූ මිතුරෙකි. ඔහු කලින් දැඩිව රෝගාතුරව සිටි බව ආරංචි වුවද ඒ පිළිබඳව ස්ථිර තොරතුරු නොදැන සිටි නිසා ඔහුට සංඥාවක් දෙමින් යතුරුපැදිය එතනම නවත්වා ඔහු හමුවට දිව ගියේය.
මිතුරා ද ඔහු දැකීමෙන් අපමණ සතුටට පත්ව අසල වූ අවන්හලකට ගොඩවූයේ තොරතුරු කතාබහ කරන අතරතුර තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විදීමටය.
කාලය ගත වී ගියත් ඔවුනට ඒ බව නොදැනුනි. පැය දෙකකට පමණ පසු මිතුරාගෙන් සමුගත් ඔහු යතුරුපැදිය නවතා ඇති ස්ථානයට ගියත් එය එතැන නොවීමෙන් ඔහුට තරු පෙනිණ.
යතුරුපැදිය අවට කිසිතැනක නොවූයෙන් පැමිණිල්ලක් දැමීමට පොලිසියට ගිය ඔහු ගේට්ටුවෙන් ඇතුළුවත්ම දුටුවේ වෙනත් යතුරුපැදි රැසක් මැද තම යතුරුපැදිය ද ඇති බවය.
එහි මුරට සිටි පොලිස් නිලධාරියාගෙන් මේ ගැන විමසූවිට ඔහු කීවේ මහ මග ප්‍රවාහන කටයුතුවලට අවහිර වන පරිදි නවතා තිබූ යතුරුපැදිය පොලිසියට ගෙනා බවත් දඩ මුදලක් ගෙවා එය ආපසු ගෙන යා හැකි බවත්ය.
(තිහගොඩ - උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩය ගෙවන්න යාළුවත් උදවුකරන්න ඇති නේද? (නි)
මිත්‍රත්වය හැමදේටම වඩා ලොකුයි.... (නි)
මිතුරුකම ළඟ සියලු දේ අමතක වෙනවා, නැද්ද වික්‍රම? (නි)
කලකින් මුණ ගැසුණු මිතුරා සමග ප්‍රිය සමාගම් පැවැත්වීම වෙනම කාරණාවක්. නමුත් මාර්ගය අවහිරවන පරිදි වාහනය නවතා තබා යෑම නම් වරදක්. එය අනෙකුත් රියදුරන් හට මෙන්ම මගීන්ටත් විශාල හිරිහැරයක් බව බොහෝවිට මමද අත්දැකීමෙන්ම දනිමි. ඒනිසා එම වරදට දඩුවම් කළ යුතුමයි. (බ)
මම වුනත් කරන්නේ ඒටිකමයි .. කොහෙන් හරි කොබෙයිගනේ ටවුම දිහායින් පිටබැද්දර ජයා අයියව දැක්කොත් පුට් බයිසිකල් කටුව පාරේ අතැරලා යනවා පරණ තොරතුරු කොහොමද කියල බලන්න ඒක තමයි මිතුරු කම ..!! (බ)
පරණ බයිසිකල් පැදලා හොදට පුරුදුයි වගේ නේද? (බ)
හොද වැඩේ මේ මිනිස්සුන්ට කිසි සිහියක් නෑනේ.(හේ)
ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ (නි)
ඔය විදියට සිහිය නැතුව බයිසිකල් පදින අය තමයි අඬු කඩාගන්නේත්. (නි)
දවසක් මගේ මිත්‍රයෙකුත් මෝටර් රථය පාර මැද නවතා මට කතා කළා අවුරුදු 12 කට පස්සේ මුණගැහිලා. එහෙම දේවල් වෙනවා. (නි)
තමුන්ටත් මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඉතින් අඩුම ගානේ හොද යාළුකමක්වත් තියෙනවා කියලා සන්තොෂ වෙන්න පුලුවන්(ම)
සහතික ඇත්ත ජයා, අපිට ගෙවල් දොරවලුත් අමතක වෙච්ච දවස් තිබුනේ. ඕවා මොනවද?
මෙහෙම මිතුරෙක් කලකට පස්සේ හරි හමුවීම කොච්චර සතුටට කරුණක්ද? ඉතින් එහෙම වෙලාවට සමහර දේවල් අමතක වෙනවා. මට මතකයි දවසක් කටුනායක බැහැපු ගමන් දිව්වේ යාළුවන් දකින්නටයි. ඉතින් යාළුවන් දැකපු ගමන් අනික් දේවල් අමතකවුණා. පුදුම සතුටක්. ඉතින් එතැනදී එක ගමන් මල්ලක් මට අමතක වී තිබුනා. මිතුරුකමට වැඩිය තව මොනවද අනික් අය කියනවා වගේ (නි)
ෂුවර් එකටම අනුන්ගේ බයිසිකල් එකක් වෙන්න ඇති (හේ)