ඔහු පෞද්ගලික අංශයේ කාර්යාලයක සේවය කරන ලිපිකරුවෙකි. ඔහු නිවසේ සිට ගල්ඔය හන්දියට පැමිණි බස්රථයේ නැගීම පුරුද්දක් කර ගෙන සිටියේය. හන්දියේ හෝටලයට ගොඩ වී කිරි තේ කෝප්පයක් බී හන්දියට වී බස්රථයක් එන තෙක් බලා සිටීමද ඔහුට පුරුද්දක් වී තිබිණ.
උදේ වරුවේ නියමිත වේලාවට දිනපතාම පැමිණෙන බසයට නැග ඔහු යයි. එම බස්රථය තම හිතවතෙකුගේ නිසා ඔහු වෙනත් බස්රථයක යන්නේ කලාතුරකිනි.
පුරුදු වේලාවට හන්දියට පැමිණි ඔහු නිතර යන බස්රථය එදින පැමිණියේ නැත. ඔහු ටික වේලාවක් බලා සිටියේය. ඔහු අත ඔරලෝසුවක් හෝ ජංගම දුරකතනයක්ද නොවීය.
කාර්යාලයට යා යුතු වේලාව ආසන්න වෙමින් පැවතිණි. ඔහු කඩියෙකු සේ හැසිරෙන්න විය. තවම බස් රථයක් එන ලකුණක් නොදුටු ඔහු අසල සිටි ගැටවර වයසේ පසුවෙන අයෙක් ළඟට කිට්ටු විය.
”මල්ලී වේලාව කීයද?”විමසුවේය.
”අනේ අයියේ, මේ ඔරලෝසුව මගේ අතේ බැඳ ගත්තේ මට වේලාව බලාගන්නයි. අර කඬේ පැත්තේ ගිහින් වේලාව බලාගන්න” තරුණයා කීවේය.
නොසිතූ පිළිතුරක් ඇසුව ඔහු පාරේ ඈත බසයක් එනතුරු බලා සිට විනාඩි කීපයකින් පැමිණි බසයට ගොඩවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ෂා අක්කේ, එයාට වෙලාව බලන්න දන්නේ නැතුව නෙමෙයි එයාගේ ඔරලෝසුවත් වැඩ නොකරන ගල් මෝලක් වෙන්න ඇති (නදී)
වර්ෂා නංගි කියබු කථාවට මම එකඟයි. (ස)
ඔහු සිටිය මානසික තත්වය මතයි උත්තර දෙන්න ඇත්තේ. (නදී)
මේකේ අදහස් දාන සමහරු ඒ කොල්ලටත් හපන් (නි)
මගෙන් ඇහුවා නම් "මහා උජාරුවට උත්තර දෙන්නේ" ඒ කාලේ. දැන් කව්රුත් වෙලාව අහන්නේ නැහැනේ. (නදී)
වෙලාව ඇහුවම වෙන මොනවා හරි අහනවා කියලා හිතුවද දන්නේ නැහැ. (නි)
අර කිව්වත් වගේ කට ගෙවෙනවද ඔය වෙලාව ටිකක් කිව්වම. බැටරි බැහැලාම තමයි (නදී)
කිව්වත් වගේ මල්ලිගේ, බැටරිය බැහැලා ඇති. (අ)
අන්න කිව්වා කතාවක් රොකියා. කෙසේ උවත් කිසිම මනුස්ස කමක් නැති මහා නැහැදිච්ච බක පණ්ඩිතයෙක්. ඇයි වෙලාව කිව්වම කට ගෙවෙනවද? (නදී)
ඔය හින්දා තමයි ප්‍රේමදාස මහත්තයා රට පුරාම ඔරලෝසු කණු හැදුවේ! (නි)
මල්ලිගේ බැටරිය බැහැලා, වෙලාව වැඩ කරන්නේ නැතුව ඇති. (නි)
ඔය ගොඩක් පොඩි කොල්ලෝ බොරු ෂෝ එකට වැඩ කරන්නේ නැති ඔරෝලෝසු බදාගෙන කෙල්ලන්ට පෙන්න පෙන්න යනවා, වෙලාව ඇහැව්වහම කියන්න විදියක් නැහැ. මෝඩ කොලු ගැටව් (ස)
මහා ජඩ මල්ලියෙක් (ස)
මමත් මහේෂ්ගේ අදහසට කැමතියි (නදී)
වෙලාව කාටවත් කියන්න කවුරුවත් බැඳිලා නැහැ වගේම වෙලාව නොකියපු එක ඒ තරුණයාගේ වැඩක්. මනුස්සයෙක් වශයෙන් වෙලාව කිව්වා නම් හොඳයි. සමහරවිට කැඩිච්ච ඔරලෝසුවක්ද දන්නෙත් නැහැ. ඒ මනුස්සයාගේ පැත්තෙනුත් මොකක්හරි හේතුවක් ඇති.අනේ අයියේ, මේක කැඩිච්ච එකක් කියන්න බැරි නිසා එහෙම කිව්වද දන්නෙත් නැහැ. හැබැයි ඉතින් අර කිව්වා වගේ මමත් ඔරලෝසුවක් බඳින්නේ මට වෙලාව බලාගන්න තමයි. එහෙත් මනුස්සයෙක් විදිහට කව්රුහරි වෙලාව ඇහුවොත් කියනවා. දකින දකින මිනිහා අතේ.... බැඳලා ඔරලෝසු ඇතේ.... ටයිම් එකට කිසිම වැඩක් නෑ ඕයි! කිව්වලු. (නි)
ඔරලෝසුව බැඳ ගත්තට වෙලාව බලන්න දන්නේ නැතිව ඇති. එහෙමත් නැත්නම් කැඩිච්ච ඔරලෝසුවක් වෙන්න ඇති. (ස)
ඔරලෝසුවේ බට්ටා, වැඩ කරන්නේ නැතුව ඇති. සමහර විට බැට්රිය බැහැලා ඇති. (නදී)
වැඩකරන්නේ පුද්ගලික අංශයේ. හැමදාම කඩෙන් කිරිතේ බොන්න තරම් වත්කමක් ඇති නමුත් දුරකතනයක් හෝ ඔරලෝසුවක් නැති කෙනෙක් ? (නි)
අද රටේ උදව් තියා අදහාගන්න බැරි මිනිස්සු කොට්ඨාශයක් ඉන්නේ. (නි)
පුදුමයි අද කාලේ ඔරලෝසුවක් හෝ ජංගම දුරකතනයක් නැති කාර්යාල වල වැඩ කරන අය ඉන්න එක. (අ)
වෙලාව බලන්න දන්නැති බක පණ්ඩිතයෙක් වෙන්න ඇති.නැත්නම් අමු ම අමු පිස්සෙක්. (අ)