තාත්තා අමුතුම තාලෙට රොටී ආහාරයට ගෙන ඇති ආකාරය දුටු දියණිය පුදුම වූ පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
විවාහක සැමියාගේ බිරිය විදේශ රටකට ගොස් ඇත්තේ ගෘහ සේවිකා තනතුරකටය.
ඒ වැඩිමල් දියණියක හා බාල පුතෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් දීමට හා නිවසේ තිබෙන අඩුපාඩු සපුරා ගැනීම සඳහාය.
බිරිය රට යෑම නිසා ස්වාමියාට නිවසේ දරුවන් රැක බලා ගැනීම පැවරී ඇති අතර, ඔහුද ගොවිතැන් කටයුතු වෙනුවෙන් කැපවන්නෙකි.
උදේ සිට රෑ වනතුරු කුඹුරේ වැඩ කරන ඔහු ගෙට ගොඩවනවිට වැඩිමල් දියණිය ගේදොර වැඩපල සියල්ලක් කර තිබෙන්නේ අධ්‍යාපන කටයුතුවල නියැළෙන අතරවාරයේය.
තම පියා නිවසට පැමිණෙන ඇතැම් අවස්ථාවල දී මත් වතුර තොල ගෑම ද පුරුද්දක් කරගෙන තිබේ.
දිනක් පියා පදම ඉක්මවා ගොස් ගෙට පැමිණියේය.
දියණිය හා පුතා ඔහු එනවිට නින්දේ සිටියහ.
ඔවුන්ට කතා නොකළ පියා කුස්සියට ගියේ තම දුව උයා ඇත්තේ මොනවාද කියා සොයා බැලීමටය.
දුව පාන් පිටි රොටී හදා තිබෙන අයුරු ඔහු දුටුවේය.
රොටිය මතට කට්ට සම්බෝලය දමා එය තවත් බඳුනකින් වසා තිබුණේ පියාට කෑමටය.
ඒ අසල වාඩි වූ ඔහු එය අනුභව කර නින්දට ගියේය.
දුව උදේ කෑම සූදානම් කරන්නට නැගිට කුස්සියට ගියාය.
පිඟන් රාක්කයේ පෝලිමට තබා ඇති පිඟන් අතරේ රොටියද විය. රොටිය අතට ගත් දුව තාත්තාගෙන් ඒ ගැන විමසීමක් කළාය.
පදම ඉක්මවා සිටි පියා කට්ට සම්බෝල පමණක් ගිල දමා රොටිය පිඟාන යැයි සිතා එය පිඟන් රාක්කයෙන් තබා ඇති බව දියණිය වටහා ගත්තාය.
ඉන් ලැජ්ජාවට පත් පියා තමන්ට වූ සිදුවීම තම මිතුරන්ට පැවසීමෙන් සිද්ධිය දැන් මුළු ගමටම රහසක් නෙවෙයිලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැන්දෑවේ පදම වැඩිවී ’ලුණු මිරිස් තලිය’ ගිල රොටිය පිඟන් රාක්කයේ නවලා
upul Sunday, 25 December 2022 10:21 AM
නිතරම ඇහෙන කථාවක් මේක.