IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හනිමුන් දා මනාලයා මනාලියගේ තෙල් කුප්පිය දොට්ට වීසි කරලා

තිහගොඩ උපසේන ලියනගම
සිය මලනුවන් හා නැගනියගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් සිය දිවිය කැපකොට ඔවුන්ට ආවාහ විවාහ කටයුතු ද සිදුකළ ලොකු අයියා කෙනෙකුට කල් ඉකුත්  වූ විවාහයේදී සිදුවූ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ වයඹ පළාතේ දුෂ්කර ගම්මානයකිනි.


මේ ලොකු අයියා තම මහගෙදරම තනිව සිටීම නිසා සංවේගයට පත් මව ඔහුට විවාහයක් කරදීමට ගත් උත්සාහයන් සාර්ථක නොවූයේ ඔහුගේ අකමැත්ත නිසාය. එහෙත් මවගේ ඥාති පාර්ශවයේම තමා මෙන් හුදකලාව වෙසෙන කාන්තාවක් හඳුන්වා දුන් මව ඒ බව කී විට එහි ගිය ලොකු පුතාට ඒ ගැන උනන්දුවක් ඇති  විය.


නිවසේදීම මංගල්‍ය කටයුතු මහ ඉහළින් සිදුකෙරුණු අතර මල්ලී නගරයේ ඉහළ මට්ටමේ උත්සව ශාලාවක කාමරයක් මධු සමයට සූදානම් කර තිබුණි.


මනාල යුවළ එහි ගියේ සෑම දෙනාගේම ආශිර්වාද මැද මහා සතුටකිනි. ඒත් එහි ගිය මොහොතේ සිට මනාලිය ‘හන්දිපත්  රිදෙනවා’කියමින් බේත් ආලේප කිරීම මනාලයාට ගැටලුවක් විය. මෙහි සීමාවක් නොදුටු මනාලයා ඒ ගැන විමසූ විට‘‘අද ඇවිද්ද වැඩියි අනේ. මේකෙන් ටිකක් දනිස්වල ගාන්නැයි’ මැදියම් රැයේ කී විට  ඔහු වාත තෙල් කුප්පිය ජනේලයෙන් එළියට විසි කළේ මේ මොන වාතයක් දැයි කියමිනි.



අදහස් (2)

හනිමුන් දා මනාලයා මනාලියගේ තෙල් කුප්පිය දොට්ට වීසි කරලා

arschfikaa Sunday, 01 January 2023 02:42 AM

ඔය මිනිහා ටියුබ් ලයිට් එකක් වෙන්න ඇති .මනාලිය මැදියම් රැයේ ඔයවගේ දේවල් කියන්නේ .දනිස්සට තෙල් ගාන්න කියන එකේ තේරුම .

:       0       14

manamaalan Sunday, 01 January 2023 02:30 PM

තෙල් කුප්පිය විසිකරලා ඉන්ජෙක්ෂන් එක දුන්නා විතරයි සියලු ලෙඩරෝග හන්දිපත් අමාරු දුරු උනානේ

:       0       14

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 757 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 769 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1136 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9454 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2034 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site