ඉකුත් දිනෙක තලාතුඔය පොලිස් ස්ථානයට හදිසි ඇමතුම් 119 යටතේ ලැබී ඇති දුරකතන ඇමතුමකින් කියැවී ඇත්තේ නගරයට නුදුරු ගම්බද පෙදෙසක පුද්ගලයකුට තවත් පුද්ගලයෙකුගෙන් හිරිහැර සිදුවන බවකි. ඒ පිළිබඳව සොයා බැලීමට වහා ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දුරකතන ඇමතුම දුන් පුද්ගලයාගේ ප්‍රකාශයෙන් අන්දමන්ද වූ පුවතකි මේ.
සන්ධ්‍යා කාලයේ ලැබුණ මෙකී ඇමතුම පිළිබඳව සොයා බැලීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් වහා පිටත්ව ගොස් තිබේ.
කඳු හෙල් පසුකර දුෂ්කර මඟක් ඔස්සේ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දුරකතන ඇමතුම දුන් පුද්ගලයාගේ නිවස සොයා ඔහු හමුවට ගොස් තිබේ.
තමන්ට හිරිහැර කරන පුද්ගලයා කවුදැයි පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ විට මේ ආසන්නයේම කෙනෙක් තමයි. නිශ්චිතවම කියන්න බෑ. එයා මට කොඩිවිනයක් කරලා. මගේ ඇඟෙන් කිසිම දෙයක් පිටවෙන්නේ නෑ. මේ වින කිරීම නවත්වන්න කියන්නයි මම පොලීසියට කතා කළේ යි පවසා තිබේ.
මොනවද පිටවෙන්නේ නැත්තේ..? පොලිස් නිලධාරීන් පෙරළා ප්‍රශ්න කළවිට ඔහු කියා ඇත්තේ මට ශුක්‍රාණු පිටවෙන්නේ නෑ විනකරලා. මේ වින කිරීම නවත්වන්න කියන්නැයි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අවස්ථාවේ ඔහුගේ බිරිය ද පැමිණ ඇති අතර ඇය පවසා ඇත්තේ මොහුට මානසික රෝගයක් ඇති බවත් තමා නිවසේ නොසිටි අවස්ථාවේ මේ ලෙස 119 අංකයට අමතා ඇති බවත්ය.
පොලිස් හදිසි ඇමතුම් අංකය ඇත්තේ කිසියම් පුද්ගලයකුට සිදුවන හිරිහැරයක්, පහරදීමක් හෝ සොරකමක්, නැතහොත් හදිසි ආපදාවක් පිළිබඳව දැනුම් දීමට මිස මෙවැනි දේ සඳහා නොවන බවත් පොලිස් නිලධාරීන් දුෂ්කර මඟ ගෙවා පැමිණෙන්නේ ඉන්ධන පවා සොයා ගැනීමට අසීරු අවස්ථාවක බවත් මින් පසු මෙවැනි ඇමතුම් නොදෙන ලෙසත් ඔහුට අවවාද කර ඇති පොලිස් නිලධාරීන් ඉක්මනින් මොහු මනෝ වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස බිරිඳට පවසා ආපසු පැමිණ ඇති අතර මෙවැනි ඇමතුමක් තම ජීවිත කාලයටම යළි නොලැබෙන බවත් පවසා තිබේ.
තලාතුඔය ටී.එච්. සරත්
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හූනියමට ලෙඩවී 119ට පැමිණිලි කරලා