(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
මුරයට පොල්කඩන ලද වත්තකින් පුහු පොල් ඉල්ලා ගෙන පැමිණි කාන්තාවක් පුහු පොල් ගෙඩි පහක් හොඳ පොල් ගොඩට දමා හොඳ පොල් ගෙඩි රැුගෙන යෑමේ පුවතක් පසුගියදා අහුන්ගල්ලෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය. ඉඩම් හිමියා වත්තේ මුරයට පොල් කැඞීය. හොඳ පොල් ගෙඩි 500ක් පමණ තිබූ අතර පුහු පොල් ගෙඩි 20ක් පමණද එහි විය. තොගයට පොල් ගන්නා තොග වෙළෙන්දා පොල් රැුගෙන යාමට සවසට එන බව දන්වා පොල්ගොඩ ගැන යන්න ගියේය. ඒ අතර පුහුපොල් ඉල්ලාගෙන පැමිණි කාන්තාවකට ඉඩම් හිමියා පුහු පොල්ගොඩ පෙන්වා අරන් යන්නැයි දන්වා තිබේ.
ඉඩම් හිමියා වත්තේ සිටියදී පුහු පොල් අතට ගත් කාන්තාව ඒවා හොඳ පොල්ගොඩට දමා ඉඩම් හිමියාට ඇස් වසා හොඳ පොල් ගෙඩි පහක් රැුගෙන ගොස් ඇත.
සවස් වී තොගයට පොල් ගැනීමට කුඩා ලොරියද රැගෙන තොග වෙළෙන්දා පැමිණි අතර ඔහු පොල් ගෙඩි යළිත් ගණන් කරමින් ලොරියට දැමීමේදී පුහු බොල් ගෙඩි පහක් තිබෙනු සොයා ගෙන තිබේ. ඒ බව ඉඩම් හිමියාට දැන්වූ විට පුහු පොල් ගෙඩි හොඳ පොල් ගොඩට දමා එයින් ගෙඩි පහක් කාන්තාව රැුගෙන ගිය බව හෙළිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැට එකෙන් එකකට මුදලාලි අහු උනා එහෙනම් (නදී)
මහ මුදලිගේ වත්තේ පොල් හොරකමක් වෙනවලු. මේක නවත්තන්න මහමුදලි ගමේ මිනිස්සුන්ට කිව්වලු. මුරකාරයෝ දැම්මලු එ්ත් හරි ගියේ නැහැල්ලු. මේ පොල් හොරකම් කරන්නේ ගමේ ගැහැණුලු. ඉතින් බැරිතැන කාන්තාවෝ පොල් හොරකම් කරන්න ආපු වෙලාවේ ඇගේ නූල් පොටක්වත් නැතුව මහ මුදලි වත්තේ අැවිදිනවලු .ගෑණු පන එපා කියල දිව්වලු ආයේ පළාතේ අාවේ නැහැල්ලු. ඉතින් මහමුදලි කියලත් අහපු නැති වැඩේ ලැජ්ජා නැතිකම හින්දා නවැතුනාලු. ඊට පස්සෙලු ඔය ''ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි'' කියන්නේ (නදී)
පහන් ඔයා හරි ෂෝක් කතා දන්නවනේ. (බ)
පහන් කාලයක් මේ තීරුවට රසවත් කොමෙන්ට් දැම්ම කාලයක් නැතුව ඉදල ඔය ආයේ ඇවිල්ල ඉන්නේ (නදී)
කලකට පස්සේ පහන් හිත පහන්වන කථාවක් කිව්වා (බ)
ගැහැණු මායම් -යනවා සායම් (බ)
නියම කතාවක් පහන්. ගොඩක් කාලෙකට පස්සේ. (නි)
ඔන්න මමත් ගොඩක් කාලෙකට පස්සේ ආවා (ම)