හලාවත බලා යන දුම්රියට මරදානෙන් ගොඩ වූ විදේශීය සංචාරකයෙකි. ඔහු දුටු මගියෙක් තම අසුන ලබා දීමට තරම් කාරුණික විය. දුම්රිය ධාවනය වන අතර තරුණ සංචාරකයා දෙස බැලූ යාබද අසුණේ මගියා, ‘‘වෙයාර් ආර් යූ ෆ්‍රොම්’’ (ඔබ කොහේ ඉඳන්ද?) යැයි විමසීය. ‘‘ෆ්‍රොම් මූන් (හඳේ ඉඳන්) සංචාරකයා සමච්චලයෙන් පවසා අනෙක් මගීන් දෙස ද බැලීය. ඉංග‍්‍රීසි බස තේරුණු මගීහු ඉවත බලා ගත්හ. සුළු වේලාවකින් විදේශිකයා නිදි කිරන්නට විය. ඔහුගේ හිස ප‍්‍රශ්නය ඇසූ මගියාගේ උරහිසේ තදින් වැදුනි. ‘‘වෙරි සොරි සර්’’ විදේශිකයා සමාව අයැදීය. පසුව ඇති වූ දෙබස මෙසේය.
මගියා:x ඔයාට සමාව එකට සිය පාරක් දෙන්න පුළුවන්. හැබැයි මම ඔයාගේ රට ගැන අහද්දී ඔයා දුන්න පිළිතුර නම් අවිනීතයි.
විදේශිකයා:- මම විහිළුවක්නේ කළේ.
මගියා:- ඒ වුණාට මගේ හිත හොඳටම රිදුනනේ. අපි ශ්‍රී ලාංකිකයෝ ආගන්තුක සත්කාරයට කැමතියි. ඔයාට කරදරයක් වුණානම් මේ අය ඔක්කොම ඔයාට උදව් කරාවි. ඔයා මේ කෝච්චියෙන් බැහැලා ඕනෑම දුප්පත් ගෙදරකට ගිහින් කෑමට මොනාහරි ඉල්ලන්න. තමන් කන කෑම එක හරි එයාලා දේවි.
විදේශිකයා:- මම එච්චර දුරට හිතුවේ නැහැ
මගියා:- දැන් බලන්න. ඔයාගේ රටේදී ඔයා විදේශිකයෙකුගෙන් ඇහුවොත් කොහේ ඉඳන් ද ආවේ කියලා. එයා කීවොත් හඳේ ඉඳන් කියලා ඔයාගේ හිත රිදෙන්නේ නැද්ද?
විදේශිකයා:- (කඳුළු පිරි දෙනෙතින්) දැන් මට තේරුණා. මගේ තමයි වැරැුද්ද. මම නැවත වාරයක් සමාව ඉල්ලනවා කියලා
මගියා:- හොඳයි. මම ඔයාට සමාව දෙනවා. දැන් මට හේත්තු වෙලා නිදා ගන්න. ඊට ඉස්සරවෙලා කියන්න කොහෙන්ද බහින්නේ කියලා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් වන්නේත් දෙවියන් වන්නේත් මිනිසාමය කියන්නේ මේ නිසාය. බල්ලා හැපුවාට මිනිහා බල්ලා සපා නොකයි. වෙල් සෙඩ් සර්. ඔබට බොහොම ස්තුතියි.(නදී)
සුද්දෝ කොහොමත් හිතා ඉන්නේ අපි තාම උන්ගේ යටත් විජිත වැසියෝ කියලයි......ඔය හැම ආකාරයකම කෙනෙහිලිකම් වලින් අපි ඒ බව තේරුම් ගත යුතුයි......ඒ කොහොම වෙතත් ඒ කිව්ව මහත්මයා ඒ විදේශිකයාට දුන්න පිළිතුර ගැන මමත් සතුටු වෙනවා......සුද්දා බලු උනාට අපි බලු වෙන්න ඕන නැහැ......ඒ වගේම ඔය කොයි....කොයි බාසාවත් දැනගන ඉන්න එක හොඳ බව මේ කාරණයෙන් හොඳටම ඒත්තු යනවා.. (ස)
බුද්ධිමත් මගියෙක්. දවසක් එක සංචාරකයෙක් (මහාචාර්යවරයෙක්) බෝට්ටු පදවන්නගෙන් ඇසුවලු "ඩු යු නෝ සයිකොලොජි ? කියල " බෝට්ටු පදවන්නා කිව්වලු "නැහැ කියලා" ඊට පස්සේ මහාචාර්යවරයා එයා දන්න අරලොජි මේලොජි ඔක්කොම ඇහුවලු.බෝට්ටු පදවන්නා සමාවෙන්න මම දන්නේ නැහැ කියල හැම දෙයටම කිව්වලු.කේන්ති ගිය සංචාරකයා කිව්වලු තමුසේ මහා බුරුවෙක් පොතක් පතක් කියවන්නේ නැද්ද කියලා.ඔන්න දැන් බෝට්ටුව ගඟ මැදට එනකොට පෙරලුනලු.පීනන්න දන්නා බෝට්ටුකරු ඇහුවලු " ඩු යු නෝ ස්විම්ලොජි කියල"මහාචාර්ය වරයා කිව්වලු නැහැ කියලා.එතකොට බෝට්ටුකරු කියනවලු ඔහේ මහාචාර්යවරයෙක් වුනාට පීනන්න දන්නෙත් නැහැ "බිකෝස් ඔෆ් යුවර් බෑඩ් මවුතොලොජි, අයි විල් නොට් හෙල්ප්ලොජි, ක්‍රොකඩයිල්ලොජි විල් ඊට් යුවර් බැක්ලොජි කියලා. (ස)
"අයි විල් ඊට් යුවර් බැක්ලොජි" කියල කිඹුලා පැන්නලු ..පද්මේ ඔයා දැක්කේ නැතිද? (ස)
දත ගලවන්න එන්නතක් විදගෙන ආප්ප කාලා යටතේ දමා තිබු ප්‍රතිචාර කියවා බැලුවා කණගාටුයි .තවදුරටත් මෙම තීරයේ රැදී සිටීම පලක් නැති ගානයි .අවසාන වශයෙන් මේ කතාව යටතේත් කට්ටිය මරාගත්තොත් මම මේ තීරයෙන් ඉවත් වෙනවා .අනිත් ඒවා බලන්නේ නැතුව දෙයියෝ සාක්කියට විතරක් එන්නේ වෙලාව නැති නිසා එතනත් පිරිහෙනවා නම් වෙන විකල්පයක් නැහැ ඉවත් වීම හැර. (ස)
පහන් මඩුගල්ල ..යු ආර් නොට් ගොයින් එනි ලොජි ..ප්ලීස් ..!! අපිට ඔයා නැති එක ලොජියක් වත් වැඩක් නැතිය ...?ඔයා තමයි අපිට ගල් ගහන මිනිසුන් අතරින් හිනා මලක් ගෙනදෙන එකම හිතවතා ..? (ස
පහන් එහෙම හිතන්න එපා.වැදගත් අදහස් විතරක් කියවන්න.මටත් ඒකට පුරුදු වෙන්න කල් ගියා.ඔයාගේ කතා මම අනිවාර්යෙන් කියවනවා.කවුරු ගහ මර ගත්තත් ඒවා කියවන්න මහන්සි වෙන්න එපා.බුද්ධිමතුන් නැති තැන මෝඩයෝ බැබලෙනවලු. (ස)
වට් ගල් ලොජි රුප නැන්දා? හිනා ලොජි එන්ජෝයි නැන්දා...නෝ ෆෙටෝ ලොජි නැන්දා. (ස)
මෝඩ සුද්දට වහ කන්න හිතෙන්න ඇති. (ස)
ගොඩක් සුද්දෝ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ පට්ට පල් මෝඩයෝ කියලා. මහත්මයා හොඳ පාඩමක් උගන්නලා තියෙන්නේ සුද්දට. (ස)
අපේ රටට හැම තිස්සෙම අපහාස කරන අපේම සමහරුන්ට පේන්න මේ කතාවට දාන්න ඕනේ නම " නොහැදිච්ච සුද්දෙක් සහ හැදිච්ච ශ්‍රී ලාංකිකයා" කියලා. (ස)
අනේ මම හිටිය නම් අහන්නේ, බුරුවන්ටත් හඳේ පුරවැසිභාවය තියෙනවද කියලා. (ස)
හිතවත් පහන්, මම නම් කියවන්නේ බොහොම කිහිප දෙනෙක්ගේ අදහස් පමණයි.ඔයාගේ කතා කියවනවා.අදාල නැති අදහස් නම දැක්ක ගමන් අයින් කරනවා.එහෙම කියවන්න.මුලදී මටත් අපහසු වුනා.නමුත් ඉවත් නොවී දිගටම ලියන්න. (ස)
පහන් මඩුගල්ල මහත්මයාණෙනි, කරුණාකර ඉවසීමෙන් රැදී සිටින්න. (ස)
පද්මෙගේ කතාවට මට තවමත් හිනා. (ස)
පද්මේ ඔයාගේ කතාව නම් මල් හතයි..මරු හොඳේ ..!! තාමත් හිනා හලෝ ..! අනේ ඔයා මගේ කවි, විරිඳු කියවන්නෙත් නැද්ද පද්මියෝ...!! (ස)
පහන් ඔයත් යන්නද හදන්නේ..?ඇත්තටම එහෙනම් මමත් නොලියා ඉන්නවා. (නි)
නියම කතාව අරුණ. ඒක තමයි අහන්න තිබුණේ. සුද්දන් කිවුවම රටවල් ගණනකින් එක එක මට්ටමේ අය එනවානේ. හැමෝගෙම හැදියාව එක වගේ නැහැ. (නි)
අයියෝ..!! අදහස අනුව ලියන්න බැරි උනානේ.., කොහොමද අපේ සිංහලයාගේ මොලේ - දළ ඇති ඇතුන් දණ ගස්සල පෙන්නන රජ කොල්ලෝ ...!!කමෝන් පුතා ..!! නියමයි (2) ඒ සුද්දත් ඉතාමත් නිහතමානීව වැරැද්ද පිළිගත් එකත් අගේ කොට සැලකිය යුතුයි. (ස)
මම මේ තීරයට ආපූ අලුත මේකේ තියන අදහස් දැකලා නිව්ස් එකට අදාල නැති අදහස් විවේචනය කලා.සංස්කාරක මණ්ඩලයට පවා මම බැන්නා.කාලයත් එක්ක මම ත්රුම් ගත්තා මේ තීරය මේ විදිහට ගලාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ, මමත් මේ විදිහට මේ තරයේ ගැලපෙන විදිහට අදහස් දාන්න ඕනේ කියලා ..හැබැයි පත්මේ කියනවා වගේ අදාල නැති අදහස් කියල මම අයින් කලේ නැහැ. මම හැමෝගෙම අදහස් කියෙවුවා .හැමෝටම සමානකමක් දුන්නා.ඒ නිසා ප්‍රබුද්ධ කියන අදහස් අපි ළඟත් තියනවා. ඒවා ඒ ඒ නිව්ස් වලට ගැලපෙන විදිහට අපි ලියනවා .පහන් මල්ලි ඔයාට නොලිය ඉන්න තරම් අසාධාරණයක් සිදුවෙලා නැහැ ..ඔයා ලියන එකත් අපි කියවන එකත් ඔබ සහ අපේ කටයුත්තක්.ඒ අනුව බලන කොට අනිත් අය මරා ගන්න එක ඔයාගේ කතාවලට බාධාවක්වත් පාඩුවක්වත් නොවෙයි ...සමහර විට ..ඔයා අදහස දල තියෙන්නේ පහන් මඩුගල්ලෙමද කියලත් මට සැකයි...මොකද පහන් බුද්ධිමත් දරුවෙක්. (ස)
පද්මේගේ කතාව කලින් අහලා තියෙනවා වෙන විදියකට... හැබැයි "ලොජි" ගැලපිල්ල නම් නියමයි... (ස)
තොටියා මහාචාර්යවරයට කිව්වලු ජිවිතයෙන් 3/1 ක් ඉවරයි කියලා. පස්සෙ ඔරුව පෙරලුනහම තොටියා කිව්වලු පීනන්න දන්නැත්නම් ඔයාගෙ ජීවිතේම ඉවරයි කියලා. (ස)
සිංහලය ගැන ආඩම්බරයි....හැබැයි හැමෝම මේ වගේ වැදගත් උනොත් තමා ගොඩක් හොඳ...ලඟදී ඉඳන් මේ පිටුවට පණ්ඩිත බුතයෝ ටිකක් ඇවිත්... පහන් අයියේ ගණන් ගන්ඩ එපා.... (ස)
අනේ මගේ පහන් පුතේ අපිව දාල යන්න එපා. ඔයාගේ කතා දෙයියෝ සාකිවලටත් වැඩිය හොඳයි සමහර වෙලාවට. (ස)
දුම්මලේ, ඔයා අපහු ආව එක ගොඩක් හොඳයි. මම කල්පනාවෙන් හිටියේ මගේ දුම්මලේට මක් උනාද කියලා. (ස)
මම නම් දන්නා තරමින් සුද්දෝ මහ පහත් එවුන්. ඉන්දියන්, චීන, ඉන්දුනිසිසා, ඉරාන, දකුණු ඇමරිකා මිනිස්සු හරි හොඳයි. (ස)
ඉන්දු මෙල්බෙර්න්, ඉන්දු - ලන්ඩන් , ඔය කතාව පලවෙනි පාරට මම කියෙව්වම මට හුස්ම ගන්නත් බැරි තරමට හිනා ගියා.මුල් කතාව මම මට මතක විදිහට ලිව්වේ.සමහර තැන් අඩු ඇති. (ස)
මහාචාර්යවරයා කිව්වලු මේවා ඉගෙන ගෙන නැත්නම් ඔයාගේ ජීවිතෙන් 3/1 ක් ඉවරයි කියලා. පස්සේ ඔරුව පෙරලෙන්න හදනකොට තොටියා කිව්වලු පීනන්න දන්නේ නැත්නම් ඔබතුමාගේ ජීවිතේම ඉවරයි කියලා. (ස)
අමතක කරලමු පැරණි කතා..... අනේ කවුරුවත් ඔය එක එක දේවල් ගණන් ගන්න එපා. සැර වුණත් මිරිස් කරලක් බැදල ගත්තම බත් එක කොච්චර රසයිද... ඒවගේ තමයි මෙතනත් රස වෙන්නේ විවිධ අදහස් අවාම තමයි. හැබැයි බුපේ දාල තිබුණට හැමදේම ගන්නේ නැතුව තමන්ට ඕන දේවල් විතරක් බෙදා ගන්නකෝ... (ස)
සමහර විදේශීය සංචාරකයෝ හිතාන ඉන්නේ ලංකාවේ ඉන්නෙත් අප්‍රිකානු ගෝත්‍රිකයෝ වගේ නොදියුණු මිනිස් කොටසක් කියලා. ඒකයි උන් ඔය වගේ කතා කියන්නේ. හොඳ පාඩම සොබනේ යන්නත් එක්ක. (ස)
පද්මේ අයියේ ඒ වුණාට කතාව නම් නියමයි. (ස)
පත්මේ සොයුර....? ඔයාගේ කතාව ගොඩක් ලස්සනයි ..අද දෙයියෝ සාක්කියත් ගොඩක් ලස්සනයි ...හිනා වරුසාවයි ..තැන්ක්ස් ...? (ස)
මෙහෙම කීවාම මටත් කතාවක් මතක් උනා ..සත්‍ය සිදුවීමක් ..මගේ සොයුරියකගේ මල්ලියක්..ඔහු සිගරැට් බී නිවැසියන්ට අසුවී ..ඒ ගැන අවවාද කොට සෙවිල්ලෙන් සිටි අතර ..පිටිසර ගමක වූ අපිට ..හූ ගාල ටෙලිපොන් දීමට ගමට ...මෙන් පුද්ගලයින්ට හරිම හදිසියි ..හැමෝම අලුත ලද ටෙලිපෝන් හිමියෝ..දිනක් මම පනිවිඩයකට අගනුවර සිට කතා කලෙන් .. ඒ නිවසේ මල්ලි රිසිවරයේ සිට කවුරුත් ගෙදර නැහැ ..කී විට ..කතාව ..අවසානේ ..මම ඔහුට කීව ..ඔයා දැනුත් සිගරැට් බීල නේද ඉන්නේ .?.නැහැ ? ඔය කොහොමද අක්කේ එහෙම කියන්නේ ..?මම කීව රිසිවරෙන් මට ගඳ එනවා කියලා ..ඇත්තද අක්කේ ? සොරි ..මම එකක් බීව තමයි ..ආයෙ බොන් නැහැ ..?මම නවත්තනවා ..කීවා.....?හොර වැඩේ අතේ මාට්ටු..මෝඩ කොලුවා ...? (ස)
පත්මේ, කතාව ලස්සනයි. හිනා ගියා තනියම. පහන් ලියන එක නවත්වන්න එපා. අර හංසයා වගේ "දියෙන් කිරි වෙන්කර ගන්න". (නි)
රුපවති අක්කගේ කතාව නම් එකදාස් අටසිය ගණන් වල එකක් වගේ, මහා මෝඩ මල්ලියෙක්නේ.. (ස)
ළමයි, මෙතැන සමහරු ලොකු තැන ගන්න, කැපී පෙනෙන්න අදහස් දානවා , ඒවාට ඉඩ තියන්න එපා. අපි ඔක්කොම එකයි ඔන්. ඕගොල්ලෝ මං ගැන ඇත්තටම හිතෙන දේ අනේ ලියන්න. (ස)
මම නම් ඉන්නේ ලංකාවේ. හැබැයි, මම ඔයගොල්ලන්ගේ අදහස් කියවලා ලොකු සතුටක් ලබනවා. අදාළ නැති අදහස් වුණත් වටිනවා කෙනෙකුකේ රුචි අරුචිකම් තේරුම් ගන්න. රස්සාව කෙසේ වෙතත් අපි අපේ අභිමානය ඔවුන්ට පෙන්විය යුතුයි..!! (නි)
රූපවති නැති දෙයියෝ සාක්කි තීරුව හරියට නිකන් ගොම නොවැටුණු කිරි කළය වගේ (නි)
සමදරා නැන්දේ,මෙතන අදහස් දාන්නේ ලොකු වුණු අය විතරමද? අපිත් කවදා හරි ලොකු වෙනවා.හදටත් යනවා. (නි)
ජයන්ත මල්ලි, අනේ අපිත් ඉන්නවා මෙහා පැත්තේ ගරාජයේ (නි)
ඔය ගොල්ලන්ට තේරිලා නැහැ. විදේශිකයා ගිහින් තියෙන්නේ සඳ ලංකාවට. (නි)
විදේශිකයන් සමග බලෙන් කතා කරන්න ගියොත් ඒ අයට බලෙන් උදවූ කරන්න ගියොත් ඒ අය බලන්නේ ඔබ දිහා අවිශ්වාසයෙන්. ඒ වගේම ප්‍රශ්නයක් ඇසුවොත් ඒකට ලැබෙන්නේ ඔබගේ හිත රිදෙන උපහාස්මක විහිලු සහගත පිළිතුරක්. අපේ මුහුණේ පොඩි වෙනසක් ඇත්නම් ඔවුන් අසන ප්‍රශ්නය ඔබට කොහොම ද?මේක ඇමරිකන් ඉංග්‍රීසි වලින් අහන්නේ ඉතාමත් උපහාසාත්මක විදියට. අපේ ලංකාවේ අයට ඒකට හරියට කේන්ති යනවා.ඒක කේන්ති ගත යුතු දෙයක් නොවේ.ඒක ඒ අයගේ හැටි. (නි)
එතකොට ඔය ලංකාවට එන සෑම විදේශිය සංචාරකයන්ම සුද්දෝද? (නි)
මානෙල් සුවදමය... කුඩමසු පිළීගදමය... දෙකට එක විලමය... හොදට නරකට දෙකට කටමය... (නි)
මේ ලඟදි අපේ ගමේ ලීබඩු සාප්පුවට ගොඩවුන සුද්දෙක් එහි විකිනීමට තිබුණු කෑම මේසයකට අතින් පොඩි තට්ටුවක් කර... දිස් ෂුඩ් බි කොස්ට්ලි යැයි කිවේය, [ වටිනාකමින් වැඩි ] එවිට කඩ හිමියා කිවේ පිස්සු කෙලින්න එපා මහත්තයා නියම තේක්ක ලීයෙන් හදල තියෙන්නේ යනුවෙනි,(නදී)
මේ සිද්දිය වුනේ වික්ටෝරියා වේල්ල හදන කාලේ, අපේ බාප්පා කෙනෙක් වැඩ කලා සුදු මහත්තයෙක්ගේ බංගලාවක රියදුරෙක් හැටියට. හැමදාම හවසට නෝනයි මහත්තයයි ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙනවා, සමහර දවස්වලට මහත්තය එන්න පරක්කු වුනොත් සුදු නෝනා අපේ බාප්පට කියනවලු ටෙනිස් ගහන්න එන්න කියලා. ඔන්න දවසක් සුදු නෝනයි අපේ බාප්පයි ටෙනිස් ගහනකොට සුදු නෝනා කිව්වලු අපේ බාප්පට යුවර් බෝල් ඉස් ටු ස්ලෝ කියලා. පස්සේ අපේ බාප්පා කිව්වලු.. වට්ටු ඩු මැඩම් වී ආර් යුසින් ලෝකල් අන්ඩර් වෙයාර් කියලා.(නදී)
එක සංචාරකයෙක් අප්‍රිකාවේ සංචාරයක ගිහිල්ලා ඇවිල්ලා චූ දෙයක් යාලුවෙකුට කිව්වලු.මේ සංචාරකයා කළේ ඇවිදින්න යනකොට සිංහයෙක් කඩා පැනලා මෙයා දුවන්න පටන්ගත්තලු.සිංහයා මෙයාව අල්ලගන්න ළගටම එනකොට සිංහයව ලිස්සලා වැටුනලු.මෙයා දුවනවලු.ආයිත් සිංහයා මෙයාට ළං වුණ ගමන් සිංහයාව වැටුනලු.ඔය අතරේ වනජීවී කාර්යාලේ ගෙයක් තිබිලා මෙයා ගෙට රිංගලා දොරවහගෙන.මේ කතාව අහගෙන හිටපු යාළුවා කියනවා උඹේ නිර්භීතකම හින්දා මිසක් මට එහෙම නම් ඇදුමේම මළපහ වෙනවා.එතකොට සංචාරයට ගිය යාළුවා කියනවා "'උඹ හිතන්නේ සිංහයා ලිස්සලා වැටුනේ මොනවා පෑගිලා කියලද "''? (නි)
විදේශිකයෝ හුඟදෙනෙක් හිතන් ඉන්නේ ලංකාව අන්ත අසරණ ,පැල්පත් නිවාස සහිත දුප්පත් මිනිසුන් ජීවත්වන නොදියුණු රටක් කියාය.......නමුත් ස්වභාවික සුන්දර පරිසරයක්,දේශගුණයක් ඇති රටක් කියාද ඔවුන් දනී.(නදී)
ඉන්දු ,චන්දි,අරුණ ,පද්මේ ,සමදරා ,උපාලිලා... රූපවති,පැංචි,ශාන්,මදූල,මඩුගල්ලේලා... එකතු වෙලා කරන කතා බලහන් රට හොල්ලලා.. තරු විසිවෙන පත්තරයක් කරමුද එකමුතු වෙලා... (නදී)
අනුන්ගේ ගු ගොඩවල් අවුස්සන යනවට හොඳ වැඩේ.(නදී)
සුද්දෝ කරන හැම පහත් වැඩක්ම අපේ මෝඩයන්ට ලොකුයි (නි)
ලෝකේ විවිධ සභ්‍යත්ව වල මිනිස්සු සිතන පතන ජීවත් වෙන ආකාරය වෙනස්. ඒ නිසා සුද්දාගෙන් කොපි කරලා අපේ මිනිස්සුත් ඒ වගේ ජීවත් වෙන්න අපට කියනවා. අපේ රටේ සංස්කෘතියට අනුව බස් එකක දුම්රියක යමින් සිටින විට ළඟ සිටින මගියා සමග "ආගිය කතා" කතා කිරීම ප්‍රස්නයක් නොවෙයි. මේ නිසා යුරෝපයේ මිනිස්සු මැරිලා ගඳ ගහනකොට තමයි අල්ලපු ගෙදර කෙනා පොලිසියට කියන්නේ. ඒත් අපේ අල්ලපු ගෙදර දෙපාරක් කැස්සොත් අපි අහනවා මොකක් හරි කරදරයක්ද කියලා . දැන් නම් අපිත් මෝඩ වෙලා. ඉස්සර නම් ගෙදර පොල් අතු ටික බැඳ ගන්න කුඹුර හාගන්න ගෙපැල කපාගන්න අහල පහල අය නැතිවම බෑ. දැන් ඉතින් ඔක්කොම කුලියට කාළා ගාන ගෙව්වා අපි නිදහස්. (නදී)
අනේ පහන් ඔයා නම් යන්න එපා .කරුණාකරලා ඉවසල ඉන්න (නදී)
සුද්දෝ කියන්නේ අමුතු ජාතියක්. වැඩිය ගනන් ගන්න හොද නැහැ. අපේ රට කෑවා.(නදී)
අන්න හරි ඔහොම තමයි ඉන්න ඕනේ. (නදී)
ජයන්ත බුද්ධිමතෙක් බව පේනවා. ඉදිරියටම යන්න මගේ පුතා (නි)
ගජමෑන් ඔය කියන එක මට තේරෙනවා මගේ පුතේ. ඒත් අපි ඒගොල්ලන්ට එහෙම කිවුවහම (අප්‍රිකානුවන්) ඒගොල්ලොත් අපිට සුද්දා කිවුව දේ අහලා වගේ තරහ යනවනේ (නි)
ආරියසේන, ඔබ සැබවින්ම දාර්ශනිකයෙක්. (නි)
මගේ පහන් පුතේ, ඔයා ගියොත් මමත් යනවා. නැවත එන්නේ නැහැ (නි)
වන්නි තිලක් ඔබ කියන අභාවය අපට ආවේ අපි බටහිර සිරිත් අන්ධානුකරණයෙන් වැළඳ ගැනීම නිසයි (නදී)
වන්නි තිලක් මේ යන විදියට අපේ රට කොහෙන් නතරවෙයිද? බලන්න වල් අලි ඉන්න සිගිරි කැලෙත් කපලා. අරහෙන් කැසිනෝ ගේනවා. සමහරු ගණිකාවන් ලියාපදිංචි කරන්නලු. රට සංවර්ධනය කියලා අපිට අපේකම අපිට නැතිකරගන්න පුලුවන්ද? අපි හොඳට ගොවිකම් කරගෙන හිටපු මිනිස්සු නේද? (නි)
සමදරා ,මගේ ජීවිතය වැඩිම කාලයක් සේවය කලේ පිටරට ,මට නොයෙක් විදේශකයින් ගැන අවබෝදයක් තියෙනවා.කුඩා රටක කෙනෙක් වෙනත් පිටරැටියන් පාලනය කරා කියල බොහොම ටික දෙනයි දන්නේ. මම ඉතින් මේ අදහස් කියවල ආශ්වාදයක් ලබනවා ලංකා දීපය නිසා.(නදී)
ආරි, මයේ කොල්ලෝ මම උඹ ගැන ආඩම්බර වෙනවා. තව ඉදිරියට පලයන් මයේ පුතෝ (නදී)
ඒ උනාට ආරි කොල්ලෝ උඹට විතරක් නෙමෙයි අපිටත් අවබෝදේ තියෙනවා අය අපි හදෙන් පාත් වෙලද ....ක්‍රිෂානි ලන්ඩන් ඔය නිකන් පත්තර කන්තෝරුවක් වෙන්නේ නැතුව ඉන්නවද නැද්ද සමන් කොලුවෝ (ස)
ෂෙරිෆ්, ලස්සන කතාව. කාලෙකින් නේද අවේ. දිගටම ලියන්න. මම නම් අසාවෙන් බලන්නේ. (ස)
අනේ වන්නි තිලක් එහෙනම් මගේ කුඹුරත් හාලා දියන්කෝ පුතේ....අනේ මොකටද මගේ කට ....ආවා මෙතන බේගල් ඇද බාන්න. (ස)
පහන්, ඔබේ හැර නොයාම මම අගය කොට සලකමි. විවේකය ලද සෑම විටම ලියන්න බලන්න මල්ලි. (ස)
වන්නි තිලක්. ඔබේ කතාව, දසක දෙක තුනක් ආපස්සට හරි බැලුව වැනියි. ඒ කාලේ කොයි තරම් සුන්දරද. (ස)
අපේ රටෙත් හිටියලු දත සුද්දෝ...ගිලීමලේ...දන්නවද? ඒ විතරක් නෙවෙයි පර සුද්දෝ රට පාලනය කොරන කාලේ කළු සුද්දොත් රට පාවා දුන්නා.. (ස)
මේක මාර පැටර්න් එකක්..මට මේ දිගේ කෑවා ඇති මම යනවා යන්න..පිස්සු ...ආදරේ හොයනවා..මල වාතයක් වෙලා..කවුරු ගියත් පෙත්ත යන්නේ නෑ ...දඟ කොරන්නේ නෑ..(ඉල්ලන් කන්නයි හදන්නේ) (ස)
මගෙත් වැඩි කාලයක් පිට රට - බඩ ඇතුලේ...කුඹුරු වැඩ ..හේන් වැඩ..ගොවිතැන් වැඩ...හොඳට පුරුදුයි.. (ස)
පහන් මඩුගල්ල ඔයා නම් හැමදාම අපිව හිනස්සනවා ..අනේ ..? ඔයාට බුදු සරණයි ..? (ස)
සමදරා... ඔයා දුම්මලේ කිව්වේ මටද?..... (ස)
පහන් මල්ලි, ඔයාට ස්තුතියි, අපිට හිනාවෙන්න කතා කියන නිසා, තව තවත් ලියන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා කියා පතමි, තෙරුවන් සරණයි පහන් මල්ලි ඔයාට ...!!! (ස)
වන්නි තිලක්, ඔබ කියපු දේ සම්පුර්ණ ඇත්ත, දැන් අල්ලපු ගෙදර අයත් තාප්ප බැඳගෙන වෙන් වෙලා. තව ටික කාලක් යන විට අපෙත් මරණයක් වුනොත් දැන ගන්න වෙන්නේ භූමිදාන කරන දවසට තමයි.., ඔයා හරියටම හරි වන්නි තිලක් ...!! (ස)
චමින්ද 2013-10-30 11:57:40 ගොඩක් සුද්දෝ හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ පට්ට පල් මෝඩයෝ කියලා. මහත්මයා හොඳ පාඩමක් උගන්නලා තියෙන්නේ සුද්දට ................... අයියෝ චමින්ද සුද්දෝ හිතන් ඉන්න විදිය හරි. ලංකාවේ ඉන්නේ පට්ට පල් මෝඩයෝ තමයි. නැත්තන් මේ වගේ අය විල මැද බංගලාවට යවාවිද? (ස)
ෂෙරිෆ්, ඔයත් ලස්සන කතා ලියල තියෙන්නේ? ජයන්ත හරි විචාරකයෙක්නේ.පහන් ඔයා නම් පහනක්මයි. ඔයාගේ නෝනා හැම විටම හිනාවෙන් ඇති. (ස)
ඇත්තටම පහන්ගේ කතා වලට හොඳට හිනා වෙන්න පුලුවන්. ඔයා නම් යන්ඩ එපා, මේ තීරුවෙන්. මගේ ඇස්වල තවමත් කදුළු හිනා වෙලා. හැම දෙනාම සතුටින් යමු ඉදිරියටම. (ස)
යන්න එපා පහන්. මන් දැන් අදහස් දාන්නේ නැත්තෙත් මටත් ඔයාට හිතුන දේම හිතුන නිසයි. (නි)
හැබැයි මට මෙහෙමත් හිතෙනවා දැන් නම්. ඔය සුද්දාව අපේ කට්ටිය මීට කලින් හොඳට 'ගොනාට අන්දවලා' තිබුණද දන්නේ නැහැ. (නි)
ක්‍රිෂානි ලන්ඩන් ,,! ඔයාගේ කවිය හරිම අර්ථවත්.., හදමු හදමු ....!! (ස)
ඕන් ඕං එහෙනම් අහගන්න කෝ මගෙනුත් කතාවක්, ඔන්න එක පිරිමි විදේශිකයෙක් ප්‍රසිද්ධ රෙදි පිලි කඩයකට ගියාලු.මොහු සමඟ තවත් ලංකාවේ ටිකක් ඉංග්‍රිසි දන්නා කෙනෙකුත් ගියාලු. සුද්ද බතික් රෙදි දැකල හරි සතුටු වෙලා මග පෙන්නගෙන් ඇහුවලු.මේ රෙදි වලට මොනවද කියන්නේ කියලා.අපේ තරුණය කල්පනා කරලා කිව්වලු ලන්ක්ච්ලොත් කියලා.දිනක් සුද්ද තනියම ගියාලු නැවත මේ කඩයට මිනිහ ලොක්ක වගේ ගිහින් වැඩ කරන ලස්සන ගෑණු කෙනෙක් ගෙන් ඇහුවලු ලන්ක්ච්ලොත් කීයද කියලා.අර කාන්තාව කිව්වලු සිර ලන්කලොත් 500, එතුල්කලොත් 1000 කියලා. (ස)
සිරියලතත් ඉඳලා, ඉඳලා, කියපි කතාවක් ....!!! ඉතින් ඊට පස්සේ මොකද වුනේ සිරියලතා .......? (ස)
54.53 සහ 03.42 මම ලියපු කමෙන්ට් නෙවෙයි. මගේ නමින් වෙන කෙනෙක් ලියලා. (ස)
බටහිර රටවල, වැඩිහිටියන්ට ගරු කිරිම්, ආගන්තුකයන්ට සත්කාර කිරිම්, වලට උනන්දු නැහැ.ගණන් ගන්නේ නැහැ. බටහිර රටක දුම්රියෙන් ගමන් කරද්දි මම දැක්ක සිද්ධියක් මෙසේය. දුම්රිය සියලු අසුන් පිරි තිබුණි.සුදු ජාතික වයසක් කාන්තාවක් දුම්රියට ගොඩ උනි.අප්‍රිකානු හැඩ රුව තිබුණු මැදිවියේ කාන්තාවක් ක්ෂණිකව නැගිට තම අසුන මහලු කාන්තාවට පරිත්‍යාග කරන ලදී.නමුත් එම අසුන භාර නොගත් එම මහලු කාන්තාව අසුන පරිත්‍යාග කල කාන්තාවට සරදම් කලා, කළු ජාතික කාන්තාව තරුණ පෙනුම තිබුනත් හිටගෙන යන්න පණ කන්දක් නැති බැවින්.ඉන් එය කිව්වේ කන්න බොන්න නැති නිසා දුර්වල ශරිරයක් අප්‍රිකානු කාන්තාවට ඇති බවත් තමා වයසක උනත් හොඳින් කන නිසා හිටගෙන යා හැකි බවත්ය.එනිසා ඕනාවට වැඩ බටහිර සත්කාර කිරිමේදි අපි පරිස්සම් විය යුතුයි.මෙහි එන සිද්ධියෙදි ශ්‍රීලාංකික මහත්මයා ඉතාම බුද්ධිමත් පිළිතුරක් දිලා තිබේ.සතුටුයි.. (ස)
චන්දි, ඊට පස්සේ මම හිතන්නේ අර සුද්ද 1000 විතර දෙන්න ඇති අහ්හහැහැ (ස)
සුද්දට හොඳ උත්තරයක් තම දීල තියෙන්නේ. නමුත් ඔය ඔයාගේ රට කොහෙද කියල අහන එක සුද්දොන්ට එපා වෙලා තියෙන්නේ මොකද ඕකට උත්තර දීල හොඳින් කතා කලොත් හුඟක් සුද්දොන්ට වෙන්නේ ලංකාවේ ගයිඩ් ලගේ කපටි කම් වලට අහුවෙන්ඩ තමා. ලංකාවට එන හැම සුද්දම පරිප්පු කනවා ලංකාවේ අය විශ්වාස කරලා...අපේ අය මාර වැඩ කරන්නේ සුද්දන්ව රවට්ටන්ඩ...ඔය ඔක්කොම පටන් ගන්නේ රට කොහෙද කියල අහල තමා (ස)
සාලිය ඔයා හරි.මමත් ඉන්නේ විදේශ රටක.එයාලට වුණ දේවල් ඇහුවොත්? (නි)
සුද්දන්ට තවම අපිව පෙනෙන්නේ අර ඉස්සර හිටි අසරණ මෝඩ සිංහලයා විදිහට. නමුත් අපි දැන් ගොඩක් ඉදිරියෙන්. අපේ පුත්තු දූලා මුළු ලෝකයේම ශ්‍රී ලංකා නම රදවනවා (නි)
මම දවසක් එයාපෝට් එකෙන් බැහැල එලියට ආවා. ඒ කාලේ ආරක්ෂක හේතු මත කිසිම වාහනයකට යන්න දෙන්නේ නෑ. යුරෝපීය ජාතිකයෙක් එළියේ කොළඹට යන්න දන්නේ නැතිව පිස්සුවෙන් වගේ දඟලනවා. කව්රුවත් උදව් කරන්නේ නෑ. මම දැකල කතා කළා. මම ඔබට උදව් කරන්නද. මම ඇහුවා. ඒ ඔවුන්ගේ ක්‍රමය. මම ඔහුට සහ බිරිඳට රජයෙන් නොමිලේ සපයා ඇති ඇවරිවත්තට යන බස් එක පෙන්නුවා. මමත් එකේ ගියා. එතනින් කොළඹට යන්න බස් එක පෙන්නුවා. එකේ යන්න ටිකට් දෙකකුත් අරන් දුන්න. ඔවුන් වහාම යුරෝ වගයක් ඇදල දෙන්න හැදුව. මම කිව මේක යුරෝපය නොවෙයි ලංකාව. ලංකාවේ මිනිස්සු ආගන්තුකයින්ට උදව් කරන්නේ සල්ලි ගන්න නොවෙයි කියල. ස්තුති කරලා මම මගේ ගෙදරින් ආපු වාහනෙන් යන්න ගියා. (නදී)
දැන් ලංකාවට එන සුද්දෝ දන්නවා ලංකාවේ අයගේ හැටි , ඒකයි කෙටි පිළිතුරු දෙන්නේ ., ලංකාවේ වෙළෙන්දොත් සුද්දෙක් දැක්කම රු..100 බඩුවක් කෙලින්ම රු.. 1000ක් කියනවා (නදී)
අපිව පෙනෙන්නේ අර ඉස්සර හිටි අසරණ මෝඩ සිංහලයා විදිහට....කට කට...ඔයා කියන්නේ අපේ සීයල මුත්තලා ගැනද? ගහනව හැරමිටියෙන්...බුලත් කෙල පාරකුත් එක්ක...මොකද එයාල කකුල් දෙකට කලිසම් දාල නැති නිසාද?(නදී)
කවුරු මගේ නමින් ලිවුවත් මට මොකද?මම කියන්න තිබෙන දේ කියනවා (නි)
දුම්මලේ, දැන්නම් මට අදහස් දාන්නත් හිත නැහැ.පෙත්ත පුතේ, මට විදේශයකට යන්නවත් වීසා එකක් එවපන් (නි)
එක්කෝ මේ සුද්දා ටිකක් මෝඩ පහේ කෙනෙක්. කොහොම වුණත් මෙයා ලංකාව පුරුදු කෙනෙක් (නි)
මට ඔය සිද්ධිය හරිම ප්‍රහේළිකාවක්.ඔයාලා හිතුවද ටිකකටවත් ඇයි එහෙම සුද්දා කිව්වෙ කියලා? අපේ සමහර මිනිස්සු නැති ආගන්තුක සත්කාර පෙන්නනවා සුද්දන්ට. ඔවුන් තමයි අපි තාමත් ගැති කියලා සුද්දන්ට හිතෙන විදියට සීට් දෙන්නේ. ඔය මිනිස්සු නිකමටවත් අපේ එකෙකුට සීට් එක දෙන්නෙ නැහැ. නිකමටවත් අපේ එක් කෙනෙක්ගෙන් අහන්නෙ නැහැ අම්මා කොහෙටද? කොහේ ඉඳලද එන්නේ? ආ.ඉඳගන්න කියලා (නි)
මෙම ලිපිය රසවත්. අදහස් ටික ඉතා රසවත්. (නි)
කවුද මගේ නමින් අදහස් දාලා. මීටපසු මම දෙයියෝ සාක්කි වලට ලියන්නේ නැත. (නි)
ලාල් අයියේ "ටිකක් මෝඩ පහේ " නම් තුන පහේ ටිකක් වැඩිපුර දාල මේසෙට ගනිමු ද? (ස)
"මට විදේශයකට යන්නවත් වීසා එකක් එවපන්" ඔන්න සල්ලි සල්ලි කියල බැලුවේ නෑ . විස ටිකකුයි පුන්නක්කු ටිකකුයි අද තැපෑලට දැම්ම නැන්දේ... (ස)
මං හිතුවේ කවුරු මොනවා කිවුවත්, පෙත්ත ඔය වගේ කතා කියයි කියලා. හරිම හොඳ නැහැ පෙත්තා ....!! (ස)
මං තනි වෙලා වගේ දැන් මට දැනෙන නිසා, ඉක්මන් කරල එන්නකෝ ඉන්දු,දිසා.. වෙනවලු මෙලෙස කාටත් ලැබුවම නරක දසා .. සතුටින් මිසක දුකකින් නොලියන්න දිසා......!! (ස)
මට මෙහෙම උනේ ..මම ඔයාලට විරුද්ධ උන හින්ද කියල මට දැන් හිතෙනවා. චන්දී, රූපා ඔය දෙන්න තමා මෙතන ඒකාකාරී බාවය නැති කෙරුවේ. මම ඔයාලට ආදරෙයි ..ඔයාලට විරුද්ඡව අදහස් දැම්මේ ඉරිසිකාරයෝ වෙන කවුරුවත් නෙමේ .අදින් පසුව මමත් ඔයාලත් එක්ක එකතු වෙලා අදහස් ලියල සතුටු වෙනවා .. (ස)
ලියානා..! එහෙම හිතන්න එපා ..? අපිට මිනිසුන් එහෙම නොකලට ..අපි සිංහලයින් විදියට අපේ ගුණ ධර්ම එලෙසින්ම තියනවා නම් හොඳයි ..අපිත් ඒ මිනිසුන් එහෙමයි ..කියල ..දරදඩු උනොත් පිරිහෙන්නේ අපේ හැදියාවයි ..? ඒ මනුස්සය එහෙම ආසනය පරිත්‍යාග කරමින් ..අපේකම පිලිඹිබු කිරීමට ඉදිරිපත් වීම ගැන මමන ම් හරිම ආඩම්බරයි ...? එකෙන් එ මිනිසුන් අපේ සිරිත් සමඟ යමක් ඉගෙන ගනීවි .. මම දන්නා කියන විදේශිකන් ලංකාවට පැමිණ ගියාම ඒ අය අපේ ලංකාවේ සිරිත් හා ගැමි ජීවිත රටාවන් අධ්‍යනය කරගෙනයි යන්නේ නිකම්ම නෙවේ ..ඒ වග මා සමග හමු උවිට කියන්නේ හරිම උද්දාමයෙන් ලංකාවේ ඉන්න මිනිසුන් හරිම නිරහන් කාරයි කියල කට පුරා කියනවා..ඒ වග අහන්නත් ආසයි අපි ශ්‍රී ලාංකිකයෝ නිසා ..!!! (ස)
ඉහත 28:58 සහ 33:01 මම දාපු කමෙන්ට් නොවේ. (නදී)
හාමිනේලා පැනලා ගියත් දිසා මාම පසු තැවේද... වත්තක් පොල් හොරු කැඩුවත් රූප නිලූ දුක් වේවිද... හොරුන්ට ඔත්තුව සපයා පෙත්ත හිරේ මක් වේවිද.... පැත්ත ගියත් ඇත්ත කියන චන්දි අක්ක තනි වේවිද!!! (මේ ඉන්දු එහෙම වෙන්න කවදාවත් ඉඩක් දේද)(නදී)
දුෂ්ට ලෝකයට සලාම් සලාම් (ස)
පෙත්තට මොකද එක පාරටම තරහා ගියේ? කාපු බුලත් විටට මත් වෙලාද? (නි)
සමදරා අරාබි භාෂාව කියවන්නේ මොකද අනේ? සලාම් සලාම් නෙමෙයි මැණිකේ ...දුෂ්ට ලෝකයට හරාම්...හරාම්... (නි)
හඳ කෙසේවෙතත් දවල් තරු පෙනෙන්න දෙකක් දුන්නා නම් හොදයි (නි)
ලියානා,මං නැහැදිච්ච අය වගේ අහන්නේ නැහැ. ආ නංගි,ආ ..අක්කා,කියලා. සීට් එකේ ඉඩ හදලයි දෙන්නේ.මම කොච්චර ශිෂ්ටසම්පන්නද? (නි)
මට තරහා නැහැ.හිනා ගියා ශාන්ති නගෝ... (නි)
මාව දෙසැරයක් මේ මඩුවෙන් එලෙව්වා. මම තරහ නැහැ, දුකයි. මාව එළවපු කට්ටිය කවුද කියලා එසැණ පාඨකයෝ දන්නවා (නි)
පාලිත කොල්ලෝ, මම එහෙනම් ඔන්න සයොනාරා කිවුවා (නි)
අනේ නංගී, එලෙව්වා කිවුවම මට හිතාගන්න බැහැ (නි)
මෙන්න මේවා තමයි අපට ඕනෑ පුවත්. ආසියාවෙ ආශ්චර්යය තියෙන්නෙ වෙන කොහේවත් නෙමෙයි මෙවන් මිනිසුන්ගේ සිත් තුළයි (නි)
පහන්, එහෙමනම් ඔය බයවුණහම ඉබේටම පහවෙන එක සතුරන්ගෙන් බේරෙන්න ස්වභාව ධර්මයෙන් ලැබුන ආත්මාරක්ෂක ක්‍රමයක් වෙන්න ඇති මගෙ හිතේ (නි)
පෙත්තෝ, එලෙව්වා නොවේද? මගේ නමින් වෙන කෙනෙක් දෙන්නෙක් අදහස් දානකොට තවත් ඉන්න බැහැනේ (නි)
පාලිත, මට මැණිකේ කියන්න. මම ආසයි (නි)
ඇත්තටම දැන් හිතාගන්න බැහැ මේ සමදරාලා දෙන්නෙක්ද..? එක්කෙනෙක්ද ..? සෙල්ලම ලෙල්ලම වෙනවාමයි.ඒකෙන් ඇස් රතු වෙනවාමයි (නි)
පහන්ට හොද ඉල්ලුමක් තිබෙනවා. අඒ කියන්නේ ඔයා මෙතන ඉන්න ඕනෑ.ඔයා දන්නවද පහන් මං ඉන්න රටේ ඔටුවෝ ගොඩක් ඉන්නවා. (නි)
පෙත්තෝ, පළතුරු විතරක් කන්න පුරුදු වෙයන්. එතකොට ලස්සන වෙනවා. (නි)
ලාල්, ඔයා ඉන්නේ ඊජිප්තුවේද? මොකද මං අහලා තියෙනවා එහෙ ගොඩක් ඔටුවෝ ඉන්නවා කියලා. ඔටු කිරි බොනකොටත් ලස්සන වෙනවලු නේද...? (නි)
ලාල්,එපා එපා.පළතුරු වලට වඩා හොදයි ඔය තණකොළ ඇට ටිකක් කෝප්පෙකට දමලා ළගින් තිබ්බා නම්. (නි)
කෝ මේ පෙත්තා? (නි)
පෙත්තා ගිහිල්ලා චන්දි නංගී පළතුරු හොයන්න. කාලා ලස්සන වෙන්න (නි)
පෙත්තා කටු ඇනගෙන දුරියන් කන්න ගිහින්. (නි)
කටු ඇන ගෙන දුරියන් කාලා ඇවිල්ල පෙත්තා මොනවා කරාවිද මන්දා? දෙයියෝ සාක්කි! කම්බායත් ඉරිලා.අද බේරිල්ලක් නැහැ දෙයියෝ... (නි)
ඕනෑවට වඩා සුද්දන්ට සළකන්න හොද නැහැ.ඔවුන්ව ඔලුව උඩ තියා ගත්තම තමා ඔය ඔක්කොම සෙල්ලම් දාන්නේ.අපි පළමුව අපේ අයට සළකන්න ඉගෙන ගන්නේ ඕනෑ.අද කාලේ අම්ම කෙනෙක් හරි වයසක ගැහැනු කෙනෙක් හරි නැග්ගොත් අසුන දෙන්න පැකිළෙන්නේ නැත්තේ කීයෙන් කී දෙනාද? ඒ අතින් අපි පිරිහිලා. (නි)
අනුන්ගේ ඕපා දූප හොයන එක අපේ අයගේ පුරුද්දක්. තමන්ගේ වැඩේ පැත්තක තියලා අනුන්ගේ දේවල් හොයා හොයා ඉන්න හින්දා තමයි අපේ රට තාමත් දියුණු වෙලා නැත්තේ. (නි)
හොද වැඩේ පෙත්තට, අර ගද ගහන දුරියන් කන්න ගියාට. (නි)
අපේ සමහර අය ආගන්තුක සංචාරකයන්ට හොදින් සළකනවා. ඇත්ත. එහෙත් එම සංචාරකයා බංගලිදේශයේ නම්, ඒ සත්කාරය අඩුයි.සුදු හම ඇත්නම් සත්කාරය වැඩියි.ඒ එක්කම කියන්න ඕනෑ, කොලොම්තොටේ, කවුරුහරි අපේ කෙනෙක් සංචාරකයන්ගෙන් අහුවොත්, හලෝ , හව් ආර් යු, කියා, ඒ සුද්දා ප්‍රවේශම් විය යුතුයි (නි)
පව් අනේ (ස)
ඔයා හරි චන්දි. ඔටු කිරි බීලා රටඉදිත් කෑවහම නම් මේ අරාබි රටවල් වල ඉන්න බැහැ. මොකද දන්නවද? මෙහෙ නීති තදයි. (නි)
පෙත්තා කටු ඇනගෙන දුරියන් කන්න යන්න ඇත්තේ මොකක් හරි රහසකට වෙන්න ඇති.මෙහෙ ඔටු කිරිත් නැහැ.රටඉදිත් නැහැ. (නි)
ලාල් මහත්තයෝ, ඔටු කිරි බීලා, රටඉදි කාලා අලුකෙහෙල් කෑවහම හොදයි (නි)
පෙත්තට දෙන්න පිනි ජම්බු මම ගෙනල්ලා තියාගෙනයි ඉන්නේ (නි)
එතකොට හරි නැහැ දිසා මහත්තයෝ එක හරියට අරක්කු බිලා අන්තිමට දෙහි වතුර බීව වගේ (දී)
එහෙම කෑවම හොද , මොන ලෙඩේටද...?කියන්න පුලුවන්ද මහත්තයෝ......,(නදී)
සෞම්‍යා,ඔයා කියන දේ කරන කෙනෙක් බව තේරුණා. හරියට මේ තීරුවට ලියන මන් වගේ...ජහ්හ්හ් ..ජහ්හ්හ්.ඔහොම නං..(නදී)
මමත් අහල තියනවා ඔටු කිරි බීවාම ..ඔටුවා වගේම ලස්සන වෙනවා කියලා..ඒ උනාට මම නම් ආස නැහැ උන් ගේ කටෙන් සෙම හැලෙනවා .. අප්පිරියයි ..දකින්න ..?(නදී)
රුප නංගියෝ ඔටුවගේ කටින් විතරිනේ සේම හැලෙන්නේ මිනිස් සිරුරෙන් කී තැනකින් සේම හැලෙනවද කියල හිතුවද (නදී)
රුපවති ඔයා උදෙන්ම නැගිටලා කෙලින්ම කන්නාඩියක් ලගට ගිහින් බලන්න එතකොට ඔයාට හිතෙයි ඔටුවා ටිකක් හරි හොදයිනේ කියල.නේද පෙත්තෝ . (නදී)
කන්ථක..කන්ථක. කන්ථක. අනේ මාව නේරංජනා ගගෙන් එගොඩට ගිහින් දාන්න..මේ ගිහි ජීවිතය ඇති..බලන්නකෝ අරමුණ..?(නදී)
ඔන්න ඉතින් ලාලුත් පටන් ගත්ත .(නදී).,
බැටළු මස් වලට වැඩ ඔටු මස් ටිකක් හොදි රසේ (නදී)
රූපා ලස්සන දේවල් ආලෝකය ඇති විට හිරු ඇති විට බලන්න..හිරිකිත දේ ආලෝකය නැති විට හඳ පානේ බලන්නා උත්සාහ ගන්න..අනික කෝම උනත් හිත ගියතැන බංගලාව රුපෝ..(නදී)
දිසෝ ඔයා නම් ඔටු මස් අනුභව කරලා තියෙනවා වගෙයි හැගෙන්නේ ..!!(නදී)
හඳෙන් ආ විදේශිකයාට ස්වදේශිකයාගෙන් අපූරු කෑමක්? නීල වලාවේ...යලි හඳට යන ගමන්..අපේ ගේ පැත්තේ වරෙන්..නීල වලාවේ...(නදී)
පෙටී, කොහොමත් ආලෝකය නැති තැන කිසිවක් පේන්නෙත් නැහැනේ. (ස)
අන්න බකමුණා කතා කළා."ආලෝකය නැති තැන කිසිවක් පේන්නෙත් නැහැනේ" (නි)
අනේ මං තරහම තරහයි, ඔන්න යාලු කර ගන්න ඕනෑම නම් මට චොකලට් ගේන්න වේවි හොදේ (නි)
මං යාලුම යාලුයි...චෝකලට් ඔයාට හොඳ නෑ පැටියෝ...දිය වැඩියාවට කන්නම ආසා දේ උනාට ඔයාට ඒවා දෙන්නෙම නෑ. (ස)
මම අහගෙන ඉන්නේ...මට චොකලට් ගෙනාවේ නැති නම් දෙන්නම අමාරුවේ වැටෙන්න හදන්නේ? (ස)
හුරේ...!! ඒ කියන්නේ පෙටී මට ගොඩක් ආදරෙයි ...!! හුරේ ඒ ඒ ඒ ..., (ස)
සුන්දරයි අපේ ලෙන්ගතුකම.... (ස)
පැන්චියේ.., අනුන්ගේ දේවල් අහගෙන ඉන්න එකනම් හොඳ වැඩක් නොවේ. අහන් හිටි නිසා දෙන්නෙම නෑ චොකලට් ...!! (ස)
ස්තුතියි, දුලංජලි කපුගේ ...!! (ස)
මේවා බල බල ඉන්න කොට දැන්නෙන්නේ ළඟ ඉඳන් කතා කරනවා වගේ. දවස ගෙවෙනවා දන්නෙම නැතිව හරිම ජොලි. (ස)
මම වැඩ කරන්නේ පිටෙරටක. මෙහෙ ඉන්න විදේශිකයෝ අපේ රට ගැන ආඩම්බරෙන් කතා කරනවා. ආගන්තුක සත්කාර ගැන. එයාල නැවත වතාවක් අපේ රටට එන බව කියනවා. මට හරිම සතුටක් දැනුනා. ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. (ස)
පැන්චිත් දැන් කියනදේ අහන්නේම නැහැ.හොදටම දග වෙලා.එහෙමත් අහගෙන ඉන්නවද වැඩිහිටියන්ගේ කතා පැන්චියේ? (නි)
ආලෝකය නැති තැන කිසිවක් පේන්නෙත් නැහැනේ. චන්දී නැන්දේ..අන්තර් ජාලයේ ප්‍රථම ආදරේද චිත්තර පටියේ නම? (නදී)
අපටත් එහෙම තමයි ලාල්.. ඒකයි මෙතනට එන්නේ දිනපතාම..(නදී)
නිලූ, ඔය දන්නවානේ අර ගිරව් දෙන්නගේ කතාව.තාපස ගිරවයි,අලුගෝසුවාගේ ගිරවයි..ඉතින් මම ආශ්‍රය කරන අයගේ ගොඩටම වැටිලා.මටත් දුකයි මං ගැනම.. (නි)
ලාලුත් එන්න අපේ ගෙදර (දී)
සුද්දෙක් දැක්කොත්,සමහර අය, ඉංග්‍රීසි පුහුණුවෙන්න කතා කරනවා, සමහර අය නිකම් ටිකෙට් එක්කක් ගෙන්වා ගන්න බලපොරෝතුවෙනවා, සමහර අය ඒ සුද්දා සමග මොනවහරි වෙළදාමක් පටන් ගන්න මාන බලනවා. (දී)
දෙගොල්ලම එකෙකාට කොටා ගන්න හදනවා.. (දී)
හරි බානක් සෙට් උනාම රයිගමයා ..ගම්පොලයයි වගේ කපාගන්නවා.(දී)
මේකත් හරියට පාර්ලිමේන්තු විහිලු වගේනේ.මාතෘකාවට අදාලව කතා කරන්නේ කවුද කියලා පහළටම ආවා බලන්ක.මොන.... ලංකාවේ පාර්ලිමේන්තුව වගේ හරිම අඩුයි අදාලව යනවා.මේක අහලා වැඩකාරයෝ කියලා හිතා ඉන්න අය යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අනේ අර සුද්ද හඳේ ඉඳලා ආවා කියන එක පොඩි දෙයක් නේ මේ කට්ටිය කියන කියුම් වලට. (නි)
ලාල් කොල්ලෝ උබ නම් සමදරාලගේ ගෙවල් පැත්ත පළාතේ එහෙම යනවා නෙමේ .(නදී)
ශාන්ති එක සහෝදරයෙකුට කරන දයාබර ආරාදනවක් බයවෙන්න දෙයක් නැහැ .ඔයා එන විදිහ කියන්න නගෝ. .(නදී)
ලාල් අපි මාතර උනාට නුවර නැයෝ ඉන්නවා. මට ඒගොල්ල කතා කරන්නේ මැණිකේ කියලා .(නදී)
ඉතින් අනේ දෙයියෝ, මමත් කීසැරයක් කිව්වද මගේ මැණිකේ කියලා..? (නි)
ඔන්න කාකි කාකි..නාකි කාකි ..සාලිය කාකි ..." මාතෘකාවට අදාලව කතා කරන්නේ කවුද කියලා පහළටම ආවා බලන්න" වෙන වැඩ නැතුව ඇති. සාලිය ආව නම් බැලුව කියෙව්වා නම් ස්තුතියි..(නදී)
අනේ ඔව් ,සාලිය..., අපි ලියන දේ අපේ ගරු කතෘතුමා පල කරන්න අවසර දෙනවා නම්, ඒ ගැන වෙන අය වද විදින්නේ ඇයි. කියෙවුවද පහලටම, ස්තුතියි එහෙනම් හැමදාම කියවන්න හොඳේ. මොකද අපි හැමදාම ලියනවානේ. (ස)
පිට මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි (නි)
සමහරුන්ට අනුන්ට එපා වෙන එක තමයි විනෝදාංශය.ඔයා දිගටම ලියන්න ඒක පිනක්. (ස)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. දෙයියෝ සාක්කි.(නදී)
තොප්පිය හරි කට්ටිය දාගෙන වගේ. හැමදාම ලියලා කවදා හරි පුරුදු වෙන්න ඕනෑ තම. ඒක හොඳයි. සුභ පැතුම්.මටයි වැරදුනේ. මම ආවෙත් හඳෙන්. අනේ සමාවෙන්න. සුද්ද කිව්වා වගේ ඕන් මාත් කිව්වා එහෙනම් සමාවෙන්න කියලා. (නි)
"තොප්පිය හරි කට්ටිය දාගෙන වගේ." දාගත්ත තොප්පිය කඩා ගන්න වගේ හදන්නේ.කඩා ගත්තොත් සමාවක් නැහැ. නැතුවම තමයි.අරන් දෙන්නේ නැහැ අලුත් එකක් තේරුනාද මල්ලි. (නි)