(බලපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා)
ඉදිරියට යෑමට සංඥා නොමැතිව නතර වූ දුම්රියකට කොළ කොඩිය වෙනුවට හබුරු කොළයක් වනා ගමන් කිරීමට ඉඩ සැලසූ දුම්රිය ආරක්ෂක ගේට්ටුකරුවකු පිළිබඳ ගාලු දිසාවෙන් දැන ගන්නට තිබේ.
ස්ථිර දුම්රිය ගේට්ටුකරුවකු වන ඔහු වැසිකිළි ගොස් තිබියදී දුම්රිය පැමිණ තිබේ. ගේට්ටුව වසා සංඥා නොමැති නිසා රියැදුරු දුම්රිය නතර කොට නළා ශබ්දය ඇසී වැසිකිළියේ සිට දුවමින් දුම්රිය ගේට්ටුව වසා සංඥා ලබා දී තිබේ.
එසේ දුම්රිය නතර කළ විට ගේට්ටුකරු කොළ පාට කොඩියක් වනා මාර්ගය බාධාවක් නැති බව දැනුම් දුන් විට දුම්රිය ධාවනය කිරීම සිරිතකි.
මේ වන විට ගේට්ටුවේ කොළ පාට සහ රතු කොඩි දෙකක් තිබුණත් අස්ථාන ගත වී තිබිණි. හිදිසියට කොළ පාට කොඩිය නොමැති නිසා දුම්රිය මාර්ගයේ දෙපස තිබූ හබුරු කොළයක් කඩා වනා තිබේ.
ඒ සංඥාවෙන් පසු දුම්රිය ධාවනය කළ අතර වගකීමකින් රාජකාරිය කරන්නැයි දුම්රිය රියැදුරු දොස් පවරමින් ගියාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානෝචිත ප්‍රඥාවක් ඇති සේවකයෙක් (නි)
ශාරීරික අවශ්‍යතාවයක් හැදුනාම ඉතින් මොනවා කරන්නද රියදුරාණෙනි? (නි)
මෙම සිදුවීම සම්බන්දයෙන් නීත්‍යානුකූලව කටයුතු කලයුතුයි. විශාල අනතුරක් සිදුවීමේ අවදානමක් ඇත. (ර)
මේ පළාත අපේ ජන්ම භූමියයි. (ර)
ගැටලුව ශාරීරික අවශ්‍යතාවය නොවෙයි. සංඥා කොඩි අස්ථානගත වීමයි. බැරිවෙලාවත් රතු කොඩිය වනන්න වුණා නම් මොකද වෙන්නෙ. අනිත් කාරණය රැකියාවට යනවිට ශාරිරික අවශ්‍යතාවන් ඉටුකරගෙන මුහුණකට හෝදගෙන කෑම කාලා එහෙම තමයි යන්න ඕනෑ. හිටිගමන් ඔහොම අවශ්‍යතා ඇතිවෙන්නෙ පොඩි ළමයින්ට නැත්නම් රෝගීන්ට. එහෙම රෝගයක් තියෙනවා නම් නිවාඩු දාලා ගෙදර ඉන්න ඕනෑ මිනිසුන්ගෙ ජීවිත අනතුරේ නොදමා. (නි)
මොනවා වුණත් ඔහු තැනට සුදුසු විදිහට වැඩකරලා තියෙනවා (නි)
සිදුවන්නට ගිය ලොකු අනතුරක් වළක්වා ගැනීම ගැන සතුටුයි (නි)
ඉස්සර කාර්යාලයේ බොස් එනවා කියන්න, රතු ලේන්සු වනපු කාලේ මතකද ජයා? (නි)