IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


හැම වැඬේම එකපාර කරන්න ගිහින් අමාරුවේ වැටිලා

එදින සති අනත් නිවාඩු දිනයකි. ඔහු පුවත්පතකුත් අතැතිව වැසිකිළියට ගියේ පුවත්පත බැලීම සහ වැසිකිළියේ කාර්යයත් එකවර කැරගෙන කාලය ඉතිරි කැර ගැනීමටය. සිය කටයුතු ආරම්භ කර ගතවූයේ මොහොතකුත් පමණි. මේ... මේ... ඔයාට කෝල් එකක්. ඒ බිරිය බෙරිහන් දෙන හඬය. වැසිකිළි දොරටුව අතරින් අත දමා ජංගම දුරකථනය අතට ගෙන ඒ සඳහා පිළිතුරු සැපයුවේය. දුරකථනය අසල රාක්කයෙන් තබා පත්තරය අතට ගත්තේය. රැවුල කැපීමේ කටයුතු ද මේ සමගම කර ගැනීමට සිතූ ඔහු ඒ සඳහා සබන් කැටය අතට ගෙන මුහුණ පුරා ගාගත්තේය. රැවුල කැපීම ආරම්භ කළේය. දුරකථනය නැවතත් නාද විය. නමුත් එක් වරක් පමණි. දෙවනුව ඇසුනේ ”ජබොක්” යන හඬකි. ඔහුට දෙලෝ රත් විය. නාදයත් සමගම හෙල්ලී ගිය දුරකථනය තැබූ තැනින් ලිස්සා වැසිකිළි පෝච්චියට වැටුණේය. දුරකථනය නැතිවීමට වඩා එය හිරවීමෙන් වැසිකිළි පෝච්චිය කඩන්නට වෙතියි ඔහු සිතුවේය. පසුව දස අතේ කල්පනා කැර එය ඉවතට ගෙන විසිකැර දැමීය. හැම වැඩක්ම  ඕක ඇතුළේ කරන්න යනවට ඔහේට හොඳ පාඩම්. බිරියගේ ගෝරනාඩුව දින ගණනක් යනතුරා අඩුවක් නොවීය.



අදහස් (0)

හැම වැඬේම එකපාර කරන්න ගිහින් අමාරුවේ වැටිලා

අමිල Monday, 18 June 2012 05:04 PM

ලෝකේ නිදහසේ ඉන්න තියෙන එකම තැන

:       0       0

අමිල Tuesday, 19 June 2012 07:40 AM

එයා එහෙම කීවට මගේ ඒවා ‍දෙකක් විතර පළවෙලා තියෙනවා

:       0       0

අමිල Monday, 18 June 2012 05:48 PM

ඔන්න ඔන්න..ආයිත් නංගි බබාලා පහක් හම්බ වෙන්න යන්නේ

:       0       0

අමිල Tuesday, 19 June 2012 07:42 AM

මම හිතන්නේ ඕක වෙලා තියෙන්නේ වෙන අයගේ නම් වලින් පෙනී සිටින පණ්ඩිතස්ලට වෙන්න ඇති

:       0       0

මහත්තයා Monday, 18 June 2012 01:18 PM

කුක්කට කීපාරක් කියන්නද වැසිකිලියේ බත් කන්න එපා කියල .

:       0       0

සදුනි Tuesday, 19 June 2012 08:12 AM

සමන්ත හරි.ඇයි වැසිකිළියේ ඉන්න මිනිහට ෆෝන් එක දුන්නේ

:       0       0

අමිල Tuesday, 19 June 2012 08:53 AM

මේක ටොයිලට් කතාවක්

:       0       0

දොන් Monday, 18 June 2012 05:55 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ මේ වගේ සිද්දිය පත්තරේට එවල තියෙන්නේ බිරිදද නැත්නම් ස්වාමි පුරුෂයාද එහෙමත් නැත්නම් මේක ලියපු කෙනාටම වෙච්ච කරදරයක්ද ??

:       0       0

දර්ශන් Tuesday, 19 June 2012 09:08 AM

අමිල, සිද්ධිය රම විදින්න අනික් අයටත් ලියලා එවන්නකෝ,නිකං එව්වා මෙව්වා ලියන්නේ නැතුව

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 18 June 2012 02:10 PM

හුඟක් වෙලා බලන් හිටියේ මේ අය කියන දෙවල් ගැන පොඩි තක්සේරුවකටයි උඩින් මොකක්දෝ කතාවත් කියලා තියෙන අමිල දැකල නැද්ද බටහිර චිත්‍රපටියකින් හරි පිට රට wash Room එකක් ඒ අය ඒ තැන තමයි කියවන්න පාචිච්චි කරන්නේ ඔය ශරීර කෘත්‍ය කරන වෙලාවට විතරක් නොවෙයි ඇතැමුන් විශාල නාන තටාක වලදීද් කියවන වැඩේ කරනවා.. දන්නවාද මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන එතමාගේ නිදි යහනේ කොට්ටය යට පොතක් තිබුණා මහා රාත්‍රියේ ඇහැ ඇරිච්ච ගමන් ඒ පොත අතට අරගෙන කියවීම එතුමාගේ ජිවිතය කරගෙනයි හිටියේ කියවන මිනිහාට ආයේ තැනක් වෙලාවක් ඕනේ නෑ ....

:       0       0

අමල් Monday, 18 June 2012 06:58 PM

මෙහෙමත් පිස්සෝ ලංකාවේ ඉන්නවද ?

:       0       0

මානස Wednesday, 20 June 2012 11:22 PM

කාලය අධෝවාතයක් වැනිය...ගියොත් ගියාමය,,,හැබැයි ආචාර්යගේ අධෝවාතය අපල කාලයක් වැනිය..යන විට පලාතම ගඳ ගස්සා ගෙන යයි....

:       0       0

සුදත් Monday, 18 June 2012 06:44 PM

හිමාලි ෆෝන් එක එළියේ තියන්නේ නැත්තේ , අම්ම දකිනවනේ කවුද කතා කරන්නේ කියල SMS එහෙම පේනවා නේ අම්මට ,,,

:       0       0

සක්කරවට්ටම් Tuesday, 19 June 2012 10:31 AM

මේක සුනඛයා බ්‍රෑන්ඩ් එකේ ෆෝන් එකක් වෙන්න ඇති....

:       0       0

අමිල Friday, 22 June 2012 12:43 PM

මෙලෝ රහක් නෑනේ

:       0       0

සිංහබාහු Monday, 18 June 2012 03:35 PM

අප්පා.. එහෙනම් හිමාලිත් බටහිර පන්නෙට වැඩ? හික්... හික්...

:       0       0

උනුසුම් කොල්ලා Monday, 18 June 2012 07:32 PM

"හැම වැඩක්ම ඕක ඇතුළේ කරන්න යනවට ඔහේට හොඳ පාඩම්." මෙම යුවලට දරුවන් බොහෝ ඇති. මෙම පුද්ගලයාට ඔවුන්ව නඩත්තු කරන්න අමාරු ඇති.

:       0       0

ගමේ කොල්‍ලා Thursday, 21 June 2012 09:50 PM

එයා කියෙව්වේ පත්තරේ දෙයියෝ සාක්කි තීරුවද දන්නේ නැහැ.

:       0       0

රජිත් මංජුල, Monday, 18 June 2012 09:48 PM

හැම ‍වැ‍ඩේම එකපාර කරන මේ මනුස්සය එක්ක මේ නෝනා මෙච්චරකලක් හිටිය පුදුමයි....

:       0       0

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ Monday, 18 June 2012 09:58 PM

හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා.ඔය ගොඩක් වගේ පෙනුනට ඔක්කොම කමෙන්ට්ස් එක් කෙනෙකුගේ

:       0       0

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ Monday, 18 June 2012 09:19 PM

හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා.ඔය ගොඩක් වගේ පෙනුනට ඔක්කොම කමෙන්ට්ස් එක් කෙනෙකුගේ.එයා අනික් අයව වටේ යවන්න එකපාරක අලිබබා නමින්ද තවත් වරෙක සක්කරවට්ටම නමින්ද තවත් මේ වගේ අමිල කටුනායක,සුසන්ත,රාළ,සමන්ත,කුක්කා, මහත්තයා,කඩවසම් කොල්ලා ආදී විවිධ නම්වලින් ඔයාව අමතලා ඔයාව මුලා කරලා.මේ පුද්ගලයා කිසිම අධ්‍යාපනයක් නොලබපු පිස්සෙක්. සමහර විට මේ ප්‍රවෘත්තිය හිට් කරගන්න මේක ලියපු කෙනාම මේ වගේ බොරු නම්වලින් කමෙන්ට්ස් දානවද දන්නේ නැහැ.කොහොම වුනත් ඔයා මේ පුද්ගලයේ වැඩේට අප්සට් යන්න ඇතිනේද?

:       0       0

සජී Monday, 18 June 2012 03:23 PM

අනේ හිමාලි, ඔයා නම් ඔය ෆෝන් කියාගන්න බැරි තැන්වල වට්ටගන්න එපා හොදේ

:       0       0

රෝෂ් Monday, 18 June 2012 03:25 PM

වැඩක් නෑ

:       0       0

ගිරිගෝරිස් අප්පු හාමී Monday, 18 June 2012 10:42 AM

මොනව උනත් බ්රිඳගේ ප්‍රකාගේ වැදගත්...එයා ගැන හොඳටම දන්නේ බිරිදනේ......

:       0       0

ගාලු කොලුවා Monday, 18 June 2012 10:12 AM

අපරාදෙනේ ෆොන් එක ......

:       0       0

අමිල Monday, 18 June 2012 10:50 PM

හිමාලි කියන්නෙත් පිස්සු පූසාමද?

:       0       0

නල්ල තම්බි Monday, 18 June 2012 11:18 AM

මොකක්ද අප්පා මේ කතාව ... ජෝක් එකක්ද?

:       0       0

MR Monday, 18 June 2012 11:18 PM

හැම වැඩක්ම ඕක ඇතුළේ කරලා දිනන්න අමාරුයි , ඔන්න ඔන්න..ආයිත් යනව...නිදහසේ යනව...

:       0       0

අමිල බලන්ගොඩ Monday, 18 June 2012 11:44 AM

මෙයාට නෙළුම් අල කවන්න ඕන පත්තරයක් කියවන්න තරම් වෙලාවක් වැසිකිලියේ ඉන්න ලෙඩේට ගෙදර අනික් අයට වෙනම එකක් ඕනේ හදිසියකට යන්න මෙයට වඩා හොඳ කතා නැද්ද

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 18 June 2012 11:10 AM

ඇත්තටම මේ කතාව මටත් සිදු උනා නමුත් වැටුනේ වැසිකිළියට නොවේ වෙන තැනකට කොහොම උනත් අපි සමහර උපකරණ පාවිච්චි කරන්නේ ඒවා ගැන නොදැනයි ඔය වගේ දේවල් අපි සුළුවට හිතුවට ලොකු දෙයක් වෙන්න පුළුවන් ප්‍රවණතාවය බෝහෝම වැඩි මේ කතාව අපිට අපූරු සිහිකැඳ වීමක් වෙනවා

:       0       0

දොම්පේ මල්ලි Tuesday, 19 June 2012 12:21 AM

ගම කොහේද?

:       0       0

කඩවසම් කොල්ල Monday, 18 June 2012 12:23 PM

හිමාලි ඔයා ඇයි වැසිකිලියට මොබ්යිල් එක අරන් ගියේ?

:       0       0

සමීර Tuesday, 19 June 2012 12:17 AM

ආචාර්ය සුජිත්ට හිමාලිගෙන් එක

:       0       0

සරත් Monday, 18 June 2012 11:46 AM

හිමාලි.....කොහේද ගිහින් හිටියේ....

:       0       0

පින Wednesday, 20 June 2012 11:33 AM

ඔය ඔක්කොම දාන්නේ එක්කෙනා තමයි....

:       0       0

අසේල Tuesday, 19 June 2012 12:19 PM

ඒයි මෙන්න ආචාර්ය ආයෙත් ඇවිල්ලා. හුරේ...............

:       0       0

අමිල බලන්ගොඩ Monday, 18 June 2012 04:31 PM

හිමාලි ඔය අරව මේවා කියල කතාව මාරු කරන්නේ නැතුව කියන්න මොකටද ෆෝන් එක අරන්ගියේ කියල. පිටරට චිත්‍රපටවල මම ටොයිලට් එකේ පත්තර විතරක් නෙවි වෙන ඒවත් දැකල තියනවා

:       0       0

චරිත් Monday, 18 June 2012 05:15 PM

බලන් ගියාම හිමාලි මහේශිකා හරි බුද්ධිමත් ලමයෙක්නේ...එයාගේ PHONE එක වෑටෙන්නේ නෑ. මොකද එයා ඒක යම්කිසි බ්‍රාන්ච් එකට බෑර කරලයි පත්තරේ කියවන්නේ

:       0       0

සුසන්ත Thursday, 21 June 2012 03:54 PM

හිමාලි, ඔයාගේ ෆෝන් එක ඔක්ෂන් කරන්නද? හැබැයි වොෂ් කරන්නේ නැතුව

:       0       0

අමිලා Saturday, 23 June 2012 09:23 PM

ඇලෙක්සැන්ඩර් රෑ පොත් කියෙව්වා කියලා හිමාලි දන්නෙ කොහොමද ?

:       0       0

නෙත්මි Tuesday, 19 June 2012 04:07 AM

ඔය වගේ අතපසු වීම් ඕන තරම් වෙන්නේ......

:       0       0

සමන්ත Monday, 18 June 2012 05:20 PM

මේකේ වැරැද්ද ඒ මනුස්සයාගේ නෙමේනේ. මොකද වැසිකිළියේ ඉන්න මිනිහට ෆෝන් එක දුන්නේ.

:       0       0

සුසන්ත Monday, 18 June 2012 05:21 PM

සස හිතන්නේ ඔය මෑන් වැසිකිළියේ නිල් චිත්‍රපටි බලනවත් ඇති

:       0       0

සුමුදු Tuesday, 19 June 2012 08:17 PM

මම මේ දැක්කමයි ආචාර්ය කෙනෙකුට මෙහෙම පත්තරවල කමෙන්ට්ස් දදා ඉන්න වෙලාව තියෙනවා

:       0       0

sumudu Tuesday, 19 June 2012 08:17 PM

මනෝ දැක්කමයි ලංකාවේ ආචාරවරුනට මේ වගේ පත්තරවල ප්‍රතිචාර දමන්න වෙලා තියෙනවා. ඔයාගේ කාලය හොඳ දේකට යොදවන්න

:       0       0

තරු ඩුබායි Monday, 18 June 2012 01:18 PM

මොකද්ද ෆෝන් එකේ මොඩල් එක?

:       0       0

කිරි පණුවා Tuesday, 19 June 2012 04:11 AM

මුදාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

:       0       0

මම Monday, 18 June 2012 01:19 PM

හිමාලි ෆොන් එක කොහෙ‍ටද වැටුනා කිව්වේ ..?!

:       0       0

හිමාලි Thursday, 21 June 2012 11:20 AM

ආචාර්ය සුජිත් නිහාන්ත හේවගේ 2012-06-18 21:19:35 "හිමාලි මහේෂිකා අමරසිංහ ඔයාටම තේරෙනවා නේද මෙයාලා එක්ක කතා කරලා වාද කරලා දින්නන අමාරුයි කියලා." ඇත්තද ඒකියන්නේ ඔහෙට තේරිලාද තියෙන්නෙ..?

:       0       0

සුසන්ත Monday, 18 June 2012 05:27 PM

හිල්මි,ඔයාගේ ෆොන් එක හොදට හෝදලා ගන්න.ඔයාගේ කමෙන්ට් කියෝලා අපිවත් නරක් වෙනවා

:       0       0

‍‍කුජ Monday, 18 June 2012 01:35 PM

හිමාලිට අළුත් නම්බර් එකක් ලැබිලද කොහෙද..

:       0       0

තෙල් වෙදා Saturday, 23 June 2012 09:01 AM

සුජිත් හේවගේ මහත්තයා, ඔහේගෙ ආචාර්ය පට්ටම හැම තැනම ප්‍රදර්ශණය කරන්න ගියහම ඒකත් මේ ටොයිලට් කතාව වගේ වෙනවනෙ. ඒක නිසා ඔහෙගෙ පට්ටම ඕනෙ වෙලාවට ගන්න තියා ගන්න. තරහ ගන්න එපා. අපිටත් ඔය ජාතියෙ පට්ටම් තියෙන නිසා කිව්වෙ.

:       0       0

වම්බොට්ටා Monday, 18 June 2012 01:38 PM

අමුතු ෆෝන් එකක් වෙන්න ඇති නේ ?????

:       0       0

කුක්කා Monday, 18 June 2012 01:04 PM

මමත් උදේට එක පාර වැඩ දෙකක් කිරීමට උත්සාහ කර ඇත, එනම් දත්මැද මැද බත් කෑමය

:       0       0

ජබොස් Wednesday, 20 June 2012 01:13 PM

කාලය අධෝවාතය වැනිය....ගියොත් ගියාමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 326 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 926 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 620 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 620 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 196 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 229 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site