IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හාමුදුරුවන්ගේ සෙරෙප්පු ඉස්සූ උපාසකගේ රෙදි ගැලවිලා

වියලුව වාර්තාකරු 

 

අසල්වැසි නිවසක පැවැති තෙමස් පූර්ණ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පැමිණි උපාසක මහතෙකු ධර්ම දේශනය සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේගේ පාවහන් යුගල සොරකම් කරන්නට ගොස් ධර්ම දේශනාව සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේටම හසුවීමේ පුවතකි.
සිද්ධිය මෙසේය.
එය වියළුව ප්‍රදේශයේ තරමක් ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි නිවසකි.
නිවැසියන් ගේ පියා මිය යාම නිසා ඔහුගේ දූ දරුවෝ සිය පියාගේ තෙමස් පූර්ණ දානමය පිංකම හැකි අයුරින් සංවිධානය කරනු ලැබුවේ ගමේ කාටත් ඒ සඳහා සහභාගී වන්නැයි ආරාධනා කරමිනි.
'ඒ වෙනුවෙන් කලින් දින රාත්‍රියේ ධර්ම දේශනාවක්ද සූදානම් කර තිබිණි. ධර්මශ්‍රවණය සඳහා අසල්වාසීන් මෙන්ම ගමේ තුන් හාර සියයක පිරිසක් සහභාගී වූවේ එය යුතුකමකටත් වඩා දේශනාවෙන් පසුව ලබා දෙන රාත්‍රී ආහාර වේල ගැන සිතමිනි.
ධර්ම දේශනය සඳහා වැඩම කරනු ලැබූයේ ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ය.


ධර්ම දේශනය සඳහා වැඩම කළ උන්වහන්සේගේ පාවහන් ගලවා දෙපා දෝවනය කොට ධර්මාසනය වෙත කැඳවාගෙන යාම සිදුවූයේ නිවැසියන්ගේ ප්‍රධානත්වයෙනි.
ධර්ම දේශනාව නිමා කළ ස්වාමීන් වහන්සේ යළි විහාරස්ථානය වෙත වැඩම කිරීම සඳහා නිවසින් පිටතට පැමිණිය ද උන්වහන්සේ පැලැඳ පැමිණි පාවහන් යුගල අතුරුදන්ව තිබිණි.
ධර්ම දේශනය සඳහා වැඩම කළ හිමිනමගේ පාවහන් යුගල අතුරුදන්ව ඇති බව දැනගත් නිවැසියෝ ද එයින් බොහෝ සේ කලබලයට පත්වූ අතර පැමිණි පිරිස හා එක්ව ඔවුන් එය සොයන්නට වූයේ ගරුතර ස්වාමීන් වහන්සේට තමුන් වෙනුවෙන් අනුකම්පාකර මදක් රැඳී සිටින්නැයි ඉල්ලමිනි.
කෙසේ වෙතත් සිද්ධිය දෙස මුල සිටම ඇස ගසා ගෙන සිටි ගමේ තරුණයෙකු ධර්මශ්‍රවණය සඳහා පැමිණී වැඩිහිටියෙකු දෙස බලමින් ඇඟට පතට නොදැනී කියා සිටියේ ‘මාමා දැන් ඉතින් ඔය සෙරෙප්පු දෙක හාමුදුරුවන්ට දීපන්‘‘ යනුවෙනි.
ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි පිරිස තමුන් සිටි තැන් පවා අමතක කර මහ හඬින් හිනා වෙද්දි තම දෙපයේ රඳවාගෙන සිටි පාවහන් යුගල ස්වාමීන් වහන්සේ වෙත ලබාදුන් වැඩිහිටියා හිමින්සීරුවෙ ධර්ම දේශනාව පැවති නිවසින් මාරු වූයේ ධර්ම දේශනාවෙන් පසුව ඔවුන් වෙනුවෙන් පිළියෙල කර තිබූ ආහාර වේල ද ප්‍රතික්ෂේප කරමිනි.



අදහස් (1)

හාමුදුරුවන්ගේ සෙරෙප්පු ඉස්සූ උපාසකගේ රෙදි ගැලවිලා

Premadasa Wednesday, 25 October 2023 10:55 AM

සෙරෙප්පු කුට්ටම කොහේහරි හංගලා තියන්න තිබුණේ...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 479 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 595 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1062 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site