එම හාම්පුතා ආයතනයක ඉහළම පුටුව හිමි තැනැත්තාය. දිනක් ඔහු තම රියැදුරාට කතාකොට ”අනුර මගේ මේ වෙඩින් සූට් එක ලොන්ඩරියට දාන්න”යි පැවැසීය.
රියැදුරාද කියු ලෙසම වාහනයෙන් ගොස් මගුල් ඇඳුම පිරිසුදු කිරීම සඳහා ලොන්ඩරියට භාරදීමට කටයුතු කළේය.
දින කිහිපයකින් හාම්පුතා රාජකාරි කටයුත්තක් සඳහා විදේශ ගතවූයේ සති කිහිපයක් නැවත පැමිණීමට නොලැබෙන බව පවසමිනි. දිනක් රියැදුරාගේ මිතුරකුගේ විවාහ මංගලෝත්සවයට රියැදුරාටද ආරාධනා කෙරිණි. එය පැවැත්වීමට නියමිතව තිබුණේ හෝටලයකය.
උත්සවයට සහභාගි වීම සඳහා රියැදුරාට අලූත් ඇඳුම් කට්ටලයක් නොතිබුණු අතර ඇඳුම් කට්ටලයක් මිලදී ගැනීමට මුදල්ද නොතිබිණි.
දහ අතේ කල්පනා කළ ඔහුට අවසානයේදී හාම්පුතාගේ මගුල් ඇඳුම මතකයට නැගිනි. වහා එය ලොන්ඩරියෙන් ලබාගත් ඔහු මංගල උත්සවයට උජාරුවෙන් සහභාගි විය. පසුදින එම ඇඳුම ලොන්ඩරියට භාරදුන් ඔහු නැවතත් පිරිසුදු කරන ලෙසට ලොන්ඩරිකරුට දැන්වීය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ සහ යස නොවී එහෙම වුන එක හොඳයි. නැතිනම් හාම්පුතා ආපහු එනකොට ගිනිවිජ්ජුම්බරයයි.(හේ)
මගුල් ගෙදර ගියාට නම් කමක් නැහැ. හාම් පුතා නැති අතරේ සුට් එක දාගෙන රෑට ගෙදර ගියා නම් නෝනාට ආදරේ හිතෙයි (නදී)
රස්සාව නැතිවුණාම තේරෙයි (නි)
නියමයි (නදී)
මේක දෙයියෝ සාක්කි වෙන්නේ කොහොමද? (නදී)
හාම් පුතා ආව ගමන් - ලංකාදීපේ බලපු සැනෙන්- හෙළි උන හම ජුවල් ගිහින් - ඩෝන් පුතුට දේවි සැමන්...(නදී)
නොමඟ යමන් පුතේ,.... අපිට රටක් නැතේ... (නි)
නියම මොළකාරයෙක් (නි)
ඒ මිනිහාට ඒ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න නොදී, මොනවට මෙහෙම ප්‍රසිද්ධ කළාද අනේ? (නි)
මම වුණත් ගන්නේ ඔය තීරණයම තමා. මල්ලි හරි මල්ලි. (නි)
නියමයි, නියමයි (නදී)
කොල්ලා වැරදි වැඩක් කරලා නැහැ. (ර)
සමහර ලොන්ඩ්‍රිවලට ඩ්‍රයි ක්ලීනින් වලට දෙන වටිනා ඇඳුම් අයිතිකරුවන්ට හොරෙන් ලෝන්ඩ්‍රිකාරයා කුලියට දෙනවා. එහෙම දෙයක් අපේ අසල්වාසියෙකුට සිදු වුනා. (නදී)
නියමයි මල්ලී (නි)
නියම රියල් කොල්ලෙක්! (නි)
දැන් හුඟක් අය මඟුල් ගෙදර යාමට ඇඳුම් ගන්නේ කුලියට දෙන තැනකින්. හාම්පුතා ගන්න ඇත්තේද එවැනි තැනකින්. ආපසු බාරදෙනවිට පිරිසිදුකර දෙන එක සාමාන්‍ය දෙයක්. මෙහි වරදක් ඇතැයි මම සිතන්නේ නැහැ.මේ වගේ කුලියට ඇඳුම් දෙන ස්ථාන ලොකු නගරවල තියෙනවා (නි)
හාම්පුතා දන්නෙ නැත්නම් ඉතින් කමක් නැහැ (නි)
ඉතින් කොහොමටත් මේ වගේ වටිනා සුට් එකක් ආයෙත් පිරිසිදු කරන්න සෑහෙන මුදලක් රියදුරාට ගෙවන්න වෙන්න ඇතිනේ (නි).