(වියලූව වාර්තාකරු)
තම අල්මාරියේ ඇති කැටයකින් විටින් විට මුදල් සොරාගන්නා නිවසේම සිටින සොරකු ඇල්ලීමට ගෙහිමියා විසින් අටවන ලද උගුලකට ඔහුගේ බිරිය අසුවූ බව කියන පුවතක් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
නිවසේ ගෘහමූලිකයා ඉහළ වැටුපක් නොගත්තද ඔහු ලැබෙන වැටුපෙන් සිය දරු දෙදෙනාගේත් බිරියගේත් අඩුපාඩු පිරිමැසුවේ එය තම පරම යුතුකමසේ සලකමිනි.
මේ අතර හදිසියකදී ගැනීම සඳහා ඔහු පුරුද්දක් ලෙස කැටයක මුදල් ඉතිරි කළේය. තම අල්මාරියේම මුල්ලකට වන්නට තැබූ කැටයකට ඔහු ඉඳහිට කීයක් හෝ දැම්මේ එය හදිසියකදී වටිනා බව තම බිරියට ද පවසමිනි.
දින සති මාස ගණන් ගත වුවද කැටය පිරෙන බවක් නම් නොපෙනිණි.
තම කැටයෙන් මුදල් ගන්නේ පාසල් වියේ පසුවන දරු දෙදෙනා යැයි සිතූ හෙතෙම දරු දෙදෙනා මට්ටු කරන්නට අපූරු උපායක් කල්පනා කළේය.
පසුදින සේවය නිමවා නිවෙසට එද්දී ඔහු තම මිතුරකුගෙන් ඉල්ලා ගත් මී කතුරක්ද රැුගෙන ආවේ උපාය ක‍්‍රියාත්මක කරන්නටය. කැටය තරමක් අල්මාරියේ අස්සට වන්නට තැබූ ඔහු ඒ අසලින් මී කතුරද තැබුවේ සැලසුමේ අවසන් පියවර සම්පූර්ණ කරමිනි. ගතවූවේ දින කීපයකි.
සේවය නිමවා නිවෙසට පැමිණෙන ඔහුට දැකගන්නට ලැබුණේ බැන්ඬේජ් පටියකින් අත ඔතාගෙන සිටින තම බිරිය සහ ඒ අසලින් සිටින දරු දෙදෙනාය. තම සැලසුම ක‍්‍රියාත්මකවී ඇති බව දැනගත් ඔහු කිසිත් නොදන්නා පරිදි හේතුව විමසද්දී ඇය කියා සිටියේ නිවෙසට පැමිණි හිඟන්නකුට කීයක් හරි දෙන්නට අල්මාරිය අරිද්දී එහි තිබූ මී කතුරකට තම අත අසුවූ බවකි. මී කතුරක් බව නොදත් තමා මහ හඬින් බෙරිහන් දුන් බවත් අසල්වාසීන් නිවෙසට එක්රොක්වූ බවත් ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් කියා සිටියාය.
කෙසේ වුවත් මුවගට නැගි සිනහව යටපත් කර ගත් ඔහු ඇඟට නොදැනී කියා සිටියේ ”අල්මාරියේ හරියට මීයෝ මම මී කතුරක් ගෙනත් තිබ්බා” යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් නෝනා ගැන දුකයි. ඔය කැටේ ලක්ෂ ගණන් නැනේ. (නදී)
මරු මොලකරයෙක්නේ මේ තාත්තා. ළමයෙක්ගේ ඇඟිල්ල වෙන් වුණා නම් නියම පාඩමක් තමයි. සමහර පිරිමින්ගේ මොළෙත් හැඳිමිටේ දිග තරම් වගේ කියල මේ කතාවෙන් පෙනෙන්නේ. (නදී)
ඉස්සර අපි පොඩි කාලේ තාත්තා වැඩට ගිහින් ඇවිල්ලා මුදල් පසුම්බියයි බඩු ටිකයි මේසෙ උඩ තැබුවහම අපි ගන්නවා පොඩි සල්ලි ටික.කවදාවත් තාත්තා මුකුත් කියලා නැහැ.තාත්තාටත් ලොකු පඩියක් තිබුණේ නැහැ.සල්ලි ගන්නේ තමන්ගේ අය බව දැන දැනත් ඒ අයගෙ අත් තුවාල කරන්න මී කතුරක් තියන්නෙ කොහොම අයද කියලා මට නම් හිතාගන්න බැහැ. (නි)
හොඳ වැඩේ! (නි)
මමත් ඔයවගේ කතාවක් අහල තියෙනවා, හැබැයි, මී කතුරක් නම් නොවෙයි, ඒක රැවුල කපන තලයක්. (නදී)
නියම තාත්ත කෙනෙක් හොඳ බුද්දිමතෙක් (නදී)
ඒක වැරදි වැඩක්නේ යාළුවා. තම බිරිය හා ළමයින්ට වඩා මුදල් වටිනවද?හොරෙන් ගන්නේ ඔහු මුදල් දෙන්නේ නැතිනිසානේ (නි)
අනේ බොරු ප්‍රසාද් මෙයා හොඳයි අර කැලණිය පැත්තේ හිටපු ඇමැති කෙනෙක්ගෙ සම්බන්ධීකරණ ලේකම්ට (බ)
සල්ලි ඕන නම් ඉල්ලන්න තිබුණානේ. ඔහොම හොරකම් කලාට පසුව මහත්තයා ආයෙත් මේ නෝනාව විශ්වාස කරාවිද ? (නදී)
ඒ තාත්ත හරි. තාත්තගෙන් ඉල්ලුවානම් දෙනවනේ. ගෙදර උනත් හොරකම් කළා නම් දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් ඊට වඩ ලොකු හොරකමක් කරලා හිරේ යන්න පුළුවන්. හොරකම කවුරු කලත් එකයි. නෝනට වියදමට සල්ලි දෙනවා නම් අැයි හොරකම් කරන්නේ. (නදී)
බිරිය අහුවුණාම මොකද, වැරැද්ද කරලා? (නි)
සල්ලි ගත්තට කමක් නැහැ, අහන්න තිබුනා කවුද ගත්තේ කියලා. ඊටපස්සේ ඒකට නිසි පිළිතුරක් දෙන්න තිබුනා. මී කතුරට අත අහුවෙලා තුවාල වුණාම තවත් වියදමක්නේ (නි)
ඉස්සර මා සමග එකට වැඩ කළ ලංකාදීප පත්තරයට පුවත් සපයන යාලුවෙක් හිටියා. ඔහුත් මෙවැනි නම් ගම් නැති ලස්සන පුවත් හදල පත්තරයට යවන බව අප සමග කියා තිබෙනවා. මෙම කතාව ගැන නම් කියන්නට දන්නේ නැහැ. (නදී)
හොරකම් කළත් කළකම් පල දෙනවා.(හේ)