IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


හොර ගෑනිගෙ හොරේ වහන්න බිරියට මොනරු පෙන්නලා

බිරියට මොනරුන් බලන්නට සලස්වා මෝටර් රියේ තිබූ ඇගේ මිරිවැඩි සඟල කැලයට විසිකර එය අසුවීමෙන් පසු බිරියට රුපියල් හාරදහසක නවීන පන්නයේ පාවහන් යුගලක් මිලදී ගෙන දුන් සැමියකු පිළිබඳව පසුගියදා දකුණේ ගමකින් වාර්තා විය.


පරසිදු ව්‍යාපාරිකයෙකි. පසුගියදා ගමින් බැහැර ව්‍යාපාරික කටයුත්තක්  සඳහා ගමන් කළේ නවීන මෝටර් රියෙනි. මේ යන ගමනේදී ඔහු තමන්ගේ පැරණි හිතවතියක හමුවීමටද ගියේය. දෙදෙනා අතීත සැමරුම්වල නිරතව සිටියදී මේ ව්‍යාපාරිකයා පැරුණි හිතවතියට සාප්පු සවාරියක යාමට  ඇරියුම් කළේ ගමින් දුර බැහැරක නිසා තම විවාහක බිරියට මේ බව දැන ගන්නට නොලැබෙන බව සිතමිනි.


පැරැණි හිතවතියද ඔහුගේ ඇරයුම එක සිතින් පිළිගත්තාය. කලකින් පැරණි පෙම්වතා හා ගමනේ යෙදීමට ඇය ඔහු හා  ඔහුගේ රියට ගොඩවූවාය. ගමනේ යන අතර දෙතුන්  තැනකදීම මේ දෙදෙනා සිරි නරඹන්නට අමතක කළේ නැත. ඒ අවස්ථාවලදී පැරණි හිතවතිය රියෙන් බැස්සේ පාවහන් නොමැතිව බව ඔහු දුටුවේය.


සාප්පු සවාරියෙන් පසු පැරැණි හිතවතිය ඇරලවා ඔහු ගම බලා ගියේ ඉඩ ලද  විටක යළි එන බවට සපථ කරමිනි. නිවසට ගිය සැමියාට බිරියගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූයේ නිවසේ අඩු පාඩු රැසක් වන බැවින්  කඩ මණ්ඩියට යාම සඳහාය. බිරිය රියට ගොඩවූ වහාම පාවහන් යුගල ගලවා  පැත්තකින් තැබුවාය. 


ටික දුරක් යද්දී සැමියා දුටුවේ බිරියගේ අසුන අසල පාවහන් යුගලක් තිබෙන බවයි. එය පැරැණි හිතවතියගේ බවට ඔහු අනුමාන කළේය. බිරිය එය දුටුවොත් මහ වින්නැහියක්  සිදුවෙන්නට පුළුවන් බව සිතූ සැමියා හදිසි තීරණයක් ගත්තේය. මහ අයිනේ මොනරුන් රඟනවා ඔහු දුටුවේ මේ අතරය.


 “අනේ අර බලන්න ලස්සන මොණරු ටිකක්. බැහැලා බලමු සැමියා යෝජනා කරද්දී බිරිය පැවසුවේ මොනරුන් නිතර දකින බවය. එහෙත් සැමියාගේ ඇවිටිල්ල මත ඇය රියෙන් බිමට බැස්සත් සැමියාගේ ක්‍රියාව ඇයට  ඇල්ලුවේ නැත. ඇය දැඩි කල්පනාවෙන් සිටියදී සැමියා පාවහන් යුගල කැලයට විසි කරනවා ඇය දුටුවාය. 


මොකක්ද  මිනිහෝ කළේ මගේ සෙරෙප්පු කුට්ටම අරන් මාස දෙකක්වත් නැහැ. ඇය ආඩපාලී කියද්දී තමන්ට වැරදුණ බව සැමියාට තේරුම් ගියේය. 


දැන් කරන්නට දෙයක් නැත. අනේ ඒකේ පටියක් කැඩිලා තිබුන නිසයි විසි කළේ ඔහු නිදහසට කරුණු කීවත් බිරිය ඒ බව පිළිගන්නට  සුදානම් නොවූවාය. කඩමණ්ඩියට යාම  පසෙකලා ‘ඔහු ළඟම නගරයට ගියේ බිරියට අලුතින් පාවහන් යුගලක් මිලදී ගෙන දෙන්නටය.


එසේ සිදුවුවත් සැමියාගේ ක්‍රියාව පිටුපස කිසියම් හොරයක්  ඇතැයි සිතන බිරිය දැඩි සැකයකින් කල්ගත  කරන්නේ සැමියාගේ හොරය අල්ලා ගනු පිණිසය.


මාස දෙකතුනක් ගත වුවත් ඔහුට තවම පැරණි හිතවතියට වූ පොරොන්දුව ඉටු කරන්නට නෙැහකිව ලත වෙමින් සිටී.
පුෂ්පකුමාර මල්ලවආරච්චි



අදහස් (0)

හොර ගෑනිගෙ හොරේ වහන්න බිරියට මොනරු පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ලොක්කාගේ කතාවෙන් පටිරෝල් වෙලා
2025 අප්‍රේල් මස 24 319 0

මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟු‍ලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.


චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 559 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 519 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 635 1

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 647 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 722 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site