සිය මිතුරා විභාගය සමත් කිරීමේ අරමුණින් ලොකු මකන කෑල්ලක් පලා ඒ තුළ සඟවා පළමු ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු ඇතුළත් ඥාන පටි යැවීමේ සුක්ෂම වැඩ පිළිවෙළක් විභාගය පැවැත්වෙන මුල්ම දිනයේදී අල්ලා ගැනීමට දකුණු පළාතේ විභාග මධ්‍යස්ථානයක සිටි විභාග පරීක්ෂකවරයකු සමත්විය.
ඔවුහු එක බත්පත එකට බෙදා හදාගෙන කන එකම පංතියේ මිතුරෝය. මේ මිතුරු සමාජයට හත් අට දෙනෙක්ම සිටියහ. එහි සිටි එක් මිතුරකු ඉගෙනීමට එතරම්ම දස්කම් නොදැක්වීය. එහෙත් ඔහු සිය ව්‍යපාරික පියාගේ මුදල් උපයෝගී කරගෙන අනෙක් මිතුරන්ට හැමදාම පාහේ හොඳහැටි සංග‍්‍රහ කළ අයෙක් විය. එනිසාම අනෙක් මිතුරන් ඔහුට දැක්වුවේ අනුපමේය සෙනෙහසකි. භක්තියකි.
මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගයේ වැඩ බැරි මේ මිතුරා සමත් කරවීම සඳහා උදව් කිරීමට අනෙක් මිතුරෝ කතා කරගත්හ. ඒ අනුව මෙවර පැවැත්වෙන විභාගයේදී ඔහු ආසන්නයේම ඔහු සිටින විභාග කාමරයටම අතිජාත මිත‍්‍රයකුද වැටුණේය. මේ වනවිට ඔහුට විභාගයේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු යැවීමට මිතුරන් විසින් නවතම උපක‍්‍රමයක්ද සොයාගෙන තිබිණ. එදා තිබුණේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයයි. එයට තිබුණේ උත්තර හතරෙන් නිවැරැදි පිළිතුරට ඉරි ගැසීමය. ඔහු විභාග කාමරයේ සිටි සිය මිතුරකු විභාග පරීක්ෂකවරයාට පෙන්වා ඒ අයගෙන් මකන කෑල්ල ඉල්ලා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
විභාග පරීක්ෂකවරයා විභාග පරීක්ෂාවලටම ගොස් හොඳ අත්දැකීම් ඇත්තෙකි. ඒ නිසාම නම් කරන ලද කෙනාගෙන්ම මකන කෑල්ල ඉල්ලීම ගැන ඔහුට ඇතිවූයේ විශාල සැකයකි. ඔහු සිතුවේ මකන කෑල්ලේ හතර වටේම පිළිතුරුවලට අංක සටහන් කර ඇතිය කියාය. කෝකටත් විභාග පරීක්ෂකවරයා ඔහු පෙන්වූ සිසුවාගෙන් මකන කෑල්ල ඉල්ලා ගත්තේය. එහෙත් මකන කෑල්ලේ වටපිට මොනවත්ම ලියා නොතිබුණේය. එහෙත් එම මකන කෑල්ලේ එක් පැත්තක සුදුපාට ගම් ටේප් කෑල්ලක් අලවා තිබුණේය. මෙහි මොකක් හෝ උප්පරවැට්ටියක් ඇතැයි සිතූ විභාග පරීක්ෂකවරයා සුදුපාට ගම් ටේප් කැබැල්ල ගැලවීය.
එවිට පලන ලද මකන කෑල්ලේ කට පළල්වී එයින් පළමු ප‍්‍රශ්න පත‍්‍රයට අවශ්‍ය පිළිතුරු අංක සටහන් කරන ලද ඉතා කුඩාවට නවන ලද කඩදාසි පටියක් තිබෙනු දුටුවේය. සිසුන් මේ කඩදාසි පටිය හඳුන්වනුයේ ඥාන පටිය නමින්ය. මකන කෑල්ලේ සඟවා තිබූ ඥාන පටිය එළියට ගත් විභාග පරීක්ෂකවරයා මේ සිසුන් දෙදෙනා කළ කාර්යයේ බැරෑරුම්කම ඔවුනට පෙන්වාදී පළමු දවසේම මේ කි‍්‍රයාව අහුවීම නිසා මෙයට පළමු හා අවසාන වරට සමාව දෙන බව පැවැසුවේ ආයෙත් මෙවැනි කි‍්‍රයාවල නොයෙදෙන ලෙස තරයේ අවවාද කරමින්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් ගුරුතුමා කරලා තියෙන්නේ. නමුත් දිගටම සෙවිල්ලෙන් ඉන්න (නදී)
හොද ගුරුවරයෙක් නැත්නම් ඒ ළමයින්ගේ විභෘගය අපරාදේ එත් මේවා හොද පාඩම් තව සෙවිල්ලෙන් හිටියොත් හොඳයි (ම)
ඉතාමත් හොඳ යුක්තිගරුක ගුරු පියාණන් කෙනෙක්.සමහරවිට වෙන කෙනෙකුට අහුවුණා නම් මීට වැඩිය ලොකු දඬුවමක් වුණත් දෙන්න තිබුනා. (නි)
දරුවන් දෙන්නකුගේ අනාගතය කඩාකප්පල් කළාද මන්ද (අ)
ඔය පළමු පේපරේ කොපි කරලා කැම්පස් යන්න බෑ. එ්කෙන් උපරිම පුළුවන් සාමාන්‍ය සාමාර්ථ 3ක් විතරයි. ඔය විධියට දෙවැනි පේපරේ කොපි කරන්න බැහැ පව් පොඩි එකාට. (බ)
මෙවර නිවාඩුවට උතුරේ අධ්‍යාපන ආයතනයක ප්‍රධානියෙක් හමුවීමට ගියෙමි. කලකට පසු හමු වූ නිසාත් මාගේ උතුරේ ප්‍රථම සංචාරය නිසාත් උතුරේ ශීඝ්‍ර සංවර්ධනයත් පිළිබඳ නොයෙක් විෂයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර ඔහු පැවසූ කරුණක් මත මම වික්ෂිප්ත වුණෙමි. විභාග ප්‍රතිඵල අනුව උතුරේ හොඳ මොළ ඇති බව මා පැවසුවත් ඔහු පවසා සිටියේ එය වැරදි බවත් විභාග ශාලා තුළ කොපි කරන්නන්ට එරෙහිව එතරම් දැඩි පියවර නොගන්නා බවත්ය. මෙය ප්‍රකාශ කළේ දමිළ පුද්ගලයකුම වීම තුළ අදටත් එය බොරුවක් යැයි බැහැර කිරීමට මසිත ඉඩ නොදේ (නි)
හොඳ ගුරුවරයෙක්. තව පොඩ්ඩෙන් ඒ ළමුන්ට වසර 5ක විභාග තහනමක්. (නි)
ඇයි,දරුවන් දෙන්නාට කොපි කරන්න දුන්නේ නැති නිසාද? මේ පියලිමල්, දන්නේ නැති බහුබූත නොදොඩා ඉන්න. (නි)
මෙයා මකන කෑල්ල පලලා එක ඇතුළට ඥාන පටිය දාලා ටේප් අළවනතුරු පරීක්ෂකතුමා මොකද කළේ? (නි)
නුවණක්කාර මහතෙක්. (නි)
මාත් එතුමාගේ ක්‍රියාව අගය කරනවා....(ම)
මකන කෑල්ල පලලා එකේ ඇතුලේ ප්‍රශ්නෙට උත්තරේ දාන්න ඕනේ නැහැ, ඔය සකුන්තලා කිව්වා වගේ, (අ)
රුචිර,ඕක හැමතැනම වෙන දෙයක්. කොහොම වුණත් මෙවැනි විභාග ශාලාධිපතිවරුන්ගේ සේවය රටපුරා තිබුනොත් දරුවන් වංචාවට යොමුවෙන්නේ නැහැ (නි)
රුචිර, ඒ කට්ටිය කොහොමත් විභාගය ලියන්නේ පොත බලාගෙන. (නි)