සොරුන් යැයි සිතා හරක් රංචුවකට බිය වූ කාන්තාවක් මධ්‍යම රාත‍්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමේ පුවතක් අවිස්සාවේල්ල පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය සැකෙවින් මෙසේය.
තම නිවස වටා කිසියම් පිරිසක් ඇවිදිමින් ජනේලවලට ද තට්ටු කරන බවත් මේ හේතුවෙන් තම වයෝවෘද්ධ මව හා දරුවා මෙන්ම තමා ද දැඩි භීතියකට පත්ව ඇතැයි පවසමින් කාන්තාවක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඉතා ඉක්මණින් පොලිස් නිලධාරීන් එවන ලෙස බැගෑපත්ව පවසා ඇත්තේ නිවෙසේ ලිපිනය ද පොලිස් නිලධාරීන්ට පවසමිනි.
වහා ක‍්‍රියාත්මක වූ රාත‍්‍රි රාජකාරි බාරව සිටි පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරක ජීප් රථයේ නිලධාරීන් අමතමින් නිවෙසකට සොරු පැමිධෑමට උත්සාහ කරන බවත් වහා එම ස්ථානයට යන ලෙසත් පවසා ඇත.
ලද පණිවිඩය අනුව ජංගම සංචාරයේ නිරත නිලධාරීන් එම නිවෙස සොයා පටු මාර්ගයක් ඔස්සේ ජීප් රථයෙන් ඉදිරියට යමින් සිටියදී දහ පහළොස් දෙනෙකුගෙන් සමන්විත මී හරක් රංචුවක් ඉදිරියට පැමිණෙමින් සිට ඇති අතර ඔවුන්ට යාමට ඉඩදී පණිවිඩය ලද නිවෙස සොයා ගොස් නිවස ඉදිරිපිට ජීප් රථය නවතනවාත් සමඟ නිවසේ ඉදිරිපිට දොර හැර කාන්තාවක් එළියට පිවිස නිවෙස වටා සිට ඇත්තේ මී හරක් රංචුවක් බවත් ඔවුන් නිවෙස වටා තිබෙන වල් පැලෑටි කෑමේදී අං නිවසේ වීදුරු ජනෙල්වලට වැදීමෙන් බිය වූ තමා සොරුන් පැමිණ ඇතැයි බියවී පොලිසියට දැන් වූ බවත් ප‍්‍රකාශ කර පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම ඊයේ (11) පොලිස් ස්ථානයට ගොස් ස්ථානාධිපතිවරයාගෙන් ද සමාව ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සොරුන් යැයි සිතා පොලිසියට දුරකතන ඇමතුම ලබාදී ඇත්තේ දුරබැහැර අධිකරණයක සේවය කරන නීතඥවරයෙකු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවතිට ඕන වෙලා තියෙන්නේ ලෝකයේ ආදර්ශමත්ම කාන්තාව එයා කියලා කියවා ගන්නද කොහෙද ? වත්තසුද්ධ කිරීමේ සිට මෝටර් සයිකල් පැදිල්ල දක්වාම එයා තමයි නොම්මර එක ! (ස)
ලංකාවේ තුනෙන් දෙකක්ම ඉන්නේ කුලී වැඩක් කරගෙන තම ජීවිකාව සරිකරගන්න මිනිසුන් නවීන් ..? ගහේ පොල්ටික කඩාගන්න..වත්තේ පිටියේ වැඩක් කරගන්න ඕනේ තරම් මිනිසුන් ඉන්නවා . කුලියට නිවාස අරගෙන ජීවත්වෙන මිනිසුන් නම් කවදාවත් ඒ නිවසේ මිදුලවත් අතුගාන්නෙ නැහැ ..? මේ නිවසත් කුලී නිවසක් වෙන්න ඇති. ඒකනේ හරක් ජනේලෙට ගොඩවෙලා තණකොළ කපාගෙන ගිහින් තියෙන්නේ..? (ස)
රුපවති ඔයා මොනවද ලංකාවෙ තත්වය ගැන පිටරට ඉඳන් දන්නේ ? වත්ත සුද්ධ කරන්න කියලා ඇවිත් මේ වයසක උන්දෑගේ බෙල්ල මිරිකලා පොඩි දරුවාත් ඇරෙගෙන නැති නම් තිබෙන දෙයක් අත ගාගෙන යන එකක් නැහැ කියලා ඔයා ට විශ්වාසද ? ඇවිත් මෙහෙ තට්ට තනියම ගෙදරක ඉඳලා බලන්නකෝ . ඔයාට කුලියට මිනුස්සු ගෙන්න ගන්න සැකයක් නැතිවේද කියලා. (ස)
නියම කතාව! (නි)
ලංකාදීපය තියෙන තාක් කල් ලෝකේ කොහේ හිටියත් අපිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විස්තර දැනගන්න කියවන්න ..පුළුවන්. ගෙදර හිටියා වගේම චන්න ...? ඒ ටික හොදටම ඇති ලංකාවේ නොහිටියට. ඒකනේ අපි පිටරට හිටියත් අපේ නිවෙස් වට පිටාව එලි මහන් කරලා තියන්නේ.ලංකාවේ ජීවත් වෙන ඔයාල කොපමණ බයෙන්ද ජීවත් වෙන්නේ කියල මට බය හිතෙනවා මෙහෙම ඔයාල ලියල තෙයනවා දැක්කම..? (ස)
අනේ චන්න මාව බය කරන්න නම් එපා..ඔන්න වැන්ද..! ලබන සිංහල අවුරුද්දට ගෙවල් දොරවල් පවුලේ ඥාතීන් හමුවෙලා යන්නන්යි බලාගෙන ඉන්නේ ..ඔහොම කියද්දී යකාගේ කටට පනින්න හදනවා වගේ බයක් දැනෙනවා...? (ස)
ඔය වගේ ප්‍රශ්නයකදී රූපවතිව ගැට ගහලා තිබුනානම් හරි. සමාව ගත් කාන්තාව නියම උගත් නිහතමානී කෙනෙකි . ඔය රූපවති වගේ නොවේ. (ස)
ලබන සිංහල අවුරුද්දට ගමරට ගිහිල්ලා එනවිට " නිහතමානිකම" කියන්නේ මොකක්ක්ද කියලා දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන එන්න.සුබ ගමන්....! (ස)
ගේ ළඟ උසට වල් පැළ වැවෙන්නට දීම වැරද්දක් බව සත්‍යකි. නමුත් මිනිසුන් හැටියට මේ අවස්ථාව ගැන මානුෂීය ලෙස බැලිය නොහැකි ඇයි දැයි මට හිතෙනවා. ඇගේ බිය සාධාරණයි. එසේම ඇගේ නිහතමානී බව අගය කල යුතුයි. වල් පැල ගැන කතා කරනවාට වඩා, ඒ සැබවින්ම සොරුන් උනා නම් මෙම පුවත මෙසේ පල නොවන බව වටහාගත හැකී නේද? (ස)
පෙර රජ දවසේ පටන් ඊයෙත්,අදත්, හෙටත් හැමදාටම යහපත් මිනිසුන්ගේ හදවත් තුල සතුටෙන් ජීවත් වුන, මා ගැන, මේ අසිරිමත් පාටක සබාවෙන් මා ගැන උගන්වන්නට සිදු වීම ගැන කණගාටු වෙමි...?නිහතමානි මිනිසුනේ....!නුඹලාට මාගේ නමස් කාරය.....(ස)
රූපවතීට කුලියට වැඩ කරන්න මිනිස්සු අඬගහ ගන්න ඒ කාලේ පුළුවන් වෙන්න ඇති. ඒත් දැන් එහෙම කාන්තාවන් දෙදෙනෙක් සහ පොඩි ළමයෙක් ඉන්න ගෙදරකට පිට මිනිස්සු වැද්දගන්නකොට ටිකක් හිතන්න ඕනෑ. අපරාධ වැහිවැහැලා. ඒ බවලතුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති. (නි)
අනේ චාරුණි මම මෝටර් සයිකලේ පදින්න දන්නේ නැහැ..ඔන්න ඔය පුට් සයිකල් කටුවක් පැදගෙන ගිහින් කරුවලේ දවසක් අඩි හයක විතර කානුවකට වැටුන අනෝරා වැස්සේ..? (ස)
අදර්ශ වෙන්න නෙමේ කෙල්ලේ දඩ ගෙවන්න බැරි හින්දයි වත්ත පිටිය සුද්ද කරලා තියන්නේ ...? (ස)
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
මොකද අනේ මේ හැමෝම එක එක කතා කියන්නේ? කවුද දන්නේ මල් වවලද කියලා ජනෙල් ළඟ? (නි)
රූපවතී ගැන තිබෙන අදහස් ටික හරිම රසවත් (නි)
චන්න තව එකක් - ලබන සිංහල අවුරුද්ද දා අවුරුදු මේසෙට ඔයා සුඅර් එකටම එන්න ඕනා (බ)
අනේ රුපවතී චන්දී චන්න උනේ කොහොමද?හා,හා හොරෙ දැනුනා දැනුනා.......? (බ)
උමා, මම කවදාවත් චන්න කෙනෙක් වෙන්නේ නැහැ. ඔය ලියපු චන්න කවුද කියා මා නොදනිමි. (නි)
මට නම් පේන්නේ පාඨක සභාවේ ජනේල වලට චන්දි සහ රූපවති තට්ටු කරන බවයි. (නි)
මගේ වත්තත් මට සුද්ද කරගන්න බැහැ හැම තැනම කහඹිලියා වැවිලා. වත්ත සුද්ද කරන්නට බාර දීපු කෙනා අසනීපයක් හැදී හෝ වෙන යම් කාරණාවක් නිසා හෝ එන්නට ප්‍රමාද උනොත් හැම තැනම වල් පැළෑටි වැවෙනවා. අර මනුස්සයා එනකම්ම ඉන්න වෙනවා වත්ත සුද්ද කරගන්නට. මෙතදීත් එහෙම උනා වෙන්න බැරිද.? කොහොමටත් මේ සිදුවීමෙන් පසුව එතුමිය වත්ත සුද්ද කර ගනීවි. නිහතමානිත්වය අගයන්නත් නිහතමානි අයම වෙන්න ඕන කියලත් හිතෙනවා. (ර)
දැන් ඉතින් ඔය වගේ ඇමතුම් අාවම .. ඔය හොරු නෙවෙයි මීහරක් තට්ටු කරනවා ඇති කියල 119 එකට එන ඇමතුම් නොසලකා හරින්න නම් එපා .. මේ සේවය ඉතාම අගනා එකක් .. මේ විදියට පොලිසිය ක්ෂණිකව ක්‍රියා කරනවා නම් හොරුන්ට ඉතින් අබ සරණයි (බ)
මේ නීතිඥ කාන්තාවගේ නිහතමානිකම ඉතා වටිනවා. අද සමහර උගතුන්ට නැත්තෙත් ඒකමයි. පසු ගිය සිසු උද්ඝෝෂණ පුවත්වලදී උපාධිධාරීන් කියා ගත කට්ටියක් මෙතන ලියන විරුද්ධ මත දාරිනට නුගතුන් යයි අපහාස කරමින් ලියුවේ. චාරයකින් තොර අධ්‍යාපනය තමන්ටත් රටටත් වැඩක් නැහැ. (ම)
උගතා පැසුන ගොයම් කරලක් බිමට නැවෙනවා සේ නිහතමානි වීම කොච්චර අගේද ? නමුත් දැන් උසස් අධ්‍යාපන ආයතන වලින් එළියට බහින්නේ සියල්ල දත් , පණ්ඩිත උද්දච්ච බහුතරයකි . උගතාට රටේ තැනක් නැහැ කියලා වැඩේම නහයෙන් අඬන වෙලාවේ මේ උගත් කාන්තාවගේ පුවත කියෙව්වා නම් . තමන්ට වැරදුනේ කොතනද කියලා ඔය උද්ගෝෂණය කරන තරුණ උගතුන්ට තේරේවි. (ම)
රාත්‍රී කාලයේ, කිසිවකුගේ හව්, හරණක් නැති වෙලාවක මෙවන් දේවල් අප අතින් උනත් සිදුවෙන්න පුළුවන් නොවේද...? අගය කල යුත්තේ එම කාන්තාව සමාව ගත් ආකාරයයි. යම් උගත් කමක් ඇති, නිහතමානි, මිනිසුන්ගේ තරාතිරම නොබලා තමන් අතින් නොදැනුවත්ව හෝ සිදුවුණ වරදට සමාව ඉල්ලීම මොනතරම් උතුම් ගුණයක්ද..? සමාව ඉල්ලන තැනැත්තාට හිතේ කිසිම කහටක් නොමැතිව සමාව දෙන පුද්ගලයාත් උතුම් බවයි මගේ අදහස. (ර)
තට්ටු කරන්නාට දොර ඇරේ කිව්වේ ඉස්සර. ඇත්තටම හොරු වුනා නම් දොර අරින්නාට තට්ටු වේ.! (බ)
උගත් කම කියන්නේ ..පොත පතේ අධ්‍යාපනයම නොව උතුම් මිනිස්කම් සාදාචාරයන් ..හැදියාවන්..වැඩිහිටියන් ගරුත්වය සමඟ මෝරන නිහතමානිකම ..තමයි අපිව බුද්ධිමත් මිනිසෙකුව කරන්නේ. ඒ ත් මේ නිවසේ ජනේලය ළගටම උසට වල් බිහිවෙනකම් හිටියේ (ම)
ගෙදර ඉන්නේ වයසක අම්මයි පොඩි දරුවෙකුයි නේ රුපවති. නීතිඥවරිය ඈත පලාතක වැඩ නම් ගෙදර තත්වය ටිකක් සාමාන්‍ය ගෙදරකට වැඩිය වෙනස් ඇති. වත්ත සුද්ධ කිරීම ආදී එළියේ වැඩ කරන්න අර මහලු මවට පොඩි ළමයාත් එක්ක අමාරු ඇති . (ර)
මෙහිදී අප බැලිය යුතු වන්නේ වත්තේ වල් පැළෑටි නොව කාන්තාවගේ නිහතමානි උතුම් ගුණය ගැනයි. රුපවතීට ඒක හිතාගන්නවත් නිහතමානිකමක් නැති පාටයි. (ස)
ඉතාම නිහතමානී කාන්තාවක් බව පෙනෙනෙවා. අගය කල යුතු කාන්තාවක්. අනේ මන්ද මේකේ මොකක් උනත් අන්තිමට නතර වෙන්නේ අපේ රූපවති හාමිනේ ලඟින්. හැබැයි රූපවති හාමිනේ නම් මෙහෙම නිහතමානී නෑ වගේ. (ස)
මේ කාන්තාව ගරු කටයුතු තැනැත්තියක් ලෙස පෙනේ. තමන් අතින් වූ වරද (ඇගේ බිය සාධාරණයි ) පිළිගෙන, පැමිණි නිලධාරීන්ට පමණක් නොව පොලිස් ස්ථානාධිපතිතුමාටද කරුණු වටහා දී සමාව ගැනීම ඉතාම අගය කළ යුතු ක්‍රියාවක්. ඇය තම වෘත්තිය ගරුත්වය රැකගෙන ජීවත් වන බව පැහැදිලියි. (ම)
ඉතාමත්ම නිහතමානී උගත් බුද්ධිමත් කාන්තාවක්. අගය කළයුතුයි (නි)
පව් අනේ රූපවතීට මොකුත් කියන්න එපා (නි)
අනේ ! එහෙනම් ගුණවර්ධනටවත් කියමු.පව් නේ අනේ ! (බ)
ඒ කට තමයි ... කුලී වැඩට මි නිසුන් ඉන්නේ අපේ ගෙවලුත් තියෙනවා ලංකාවේ අපිට වෙලාවක් නැති වෙනකොට අපි කෙනෙක් ලවා නිවාස වට පිටාව සුද්ද කර ගන්නවා ..කුලියක් දීල...? හරක් ජනේලෙට නැගල තණකොළ කනකම් කැලේ වැවෙන්න දීල පමාවෙන්නේ මොකටද ..?(රේ)
ඔක්කොමලා රුපවතීට ගිරිය පිප්පුවාට එයා කියන එකේ වැරැද්ද මොකක්ද? (ර)
බොරු මොකටද රූපවති, පිටරටක ඉන්නකොට කව්රුත් කුලියට අය ගන්නෙ නෑ වත්ත සුද්ද කරගන්න. (ර)
අතුල, ඔව් ඔයා හරි. (ර)
හැම කෙනාගේම අදහස් අගෙයි. කාන්තාවත් නිහතමානියි. නමුත් වයෝවෘද්ධ මාතාවක් සහ කුඩා දරුවෙක් සිටිනා උගත් කාන්තාවක් වූ මැය ගෙය අවට පරිසරය ගැනත් සැළකිය යුතුව තිබුනා. අද කාලේ ඩෙංගු මදුරුවාගෙන් වෙන විපත කවුරුත් දන්නවානේ. නපුරු උරගයන් පවා වත්තේ සැරිසරන්නට පුළුවන්. කාට හෝ මුදලක් දී වත්ත පිටිය සුද්ද පවිත්‍ර නොකර මෙසේ වල්වැදීමට හැරියේ කුමකටදැයි නොතේරේ. (නි)