සිය නිවස සොරුන් බිඳ දේපොළ පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමට පොලීසියට ගිය පුද්ගලයකුගේ කුඩය පොලීසිය ළඟදී සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා විය.
වාර්තාවූ අන්දමට සිද්ධිය මෙසේය.
නිවසේ කිසිවකුත් නොසිටි ගිලන් රථ රියැදුරකුගේ නිවෙසට ඇතුළු වී ඇති සොරුන් නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇත.
එය දැනගත් නිවෙස් හිමියා මේ බැව් පැමිණිලි කිරීමට බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ නගරයක පිහිටි පොලිස් ස්ථානයක් වෙත ගොස් ඇත.
එදින උදෑසන සිට ඇදහැළුණු වර්ෂාව නිසා කුඩයක් ද ඉහළාගෙන ගොස් ඇති මොහු කුඩය පැත්තකින් තබා සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එය අදාළ පොලිස් නිලධාරීන් සටහන් කර ගැනීමෙන් පසු ආපසු යෑමට කුඩය තැබූ තැනට ගොස් බලන විට ඔහුට තරු පෙනුනේ කුඩය ද තැබූ තැනින් අතුරුදන් වී තිබූ නිසාය.
සෑම තැනම බැලූවත් කුඩය නැත. බැරිම තැන පොලිස් නිලධාරීන්ට මේ බව දැන්වූ විට එක පොලිස් නිලධාරියකු පවසා ඇත්තේ ඔහොම තමයි ඕයි, දැං නගරයේ, ගමේ විතරක් නෙවෙයි පොලීසිය ඇතුළෙත් හොරු ඉන්නවා කියායි.
ඒ කියමනින් තවත් කුඩය හොයන එක බොරු වැඩක් බව තේරුම්ගත් ඔහු වැස්සේ තෙමීගෙන පොලීසියේ සිට යන විට මගදී හමුවී ඇති මිතුරු පොලිස් නිලධාරියකු මොකද වැස්සේ තෙමීගෙන යැයි විමසා ඇත.
අනේ සර්, ගේ හොරු බිඳලා. ඒක පැමිණිලි කරන්න කුඩයකුත් ඉල්ලාගෙන පොලීසියට ආවේ. කුඬේ පොලීසිය ඇතුළෙදී හොරු අරගෙන. මට සිද්ධ වුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක් යැයි කියමින් වැස්සෙ තෙමි තෙමී ඔහු ආපසු ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ. (ස)
චන්දි අක්කේ අනිත් චන්දිට ලියන්නේ වෙන්නේ කකුනදුරේ චන්දි කියල තමයි වෙන නමක් නැහැ.(නදී)
මං කැමතියි මේ අනෙක් චන්දිව හදුනා ගන්න.ඔබත් මෙතනට ලියන්න. ඒත් කුමක් හෝ ලකුණක් යොදා ගන්නේ නම් අපි දෙදෙනා අපි දෙදෙනාටම කරන ගෞරවයක් නේද? (නි)
නිල්මිණි, අනුන්ගේ නම් වලින් ලියන එක නැවැත්වීමට දෙයක් ඔබට කළ හැකි නම් කරන්න. පින් සිද්ධ වෙනවා. පිටරට තනි වී සිටින අපි මින් බොහෝ සතුටක් ලැබුවා. (නි)
ඉස්සර මේකට ෂෙරිෆ් කියලා මහත්මයෙක් ලස්සන කතා ලිවුවා. දැන් නැහැ ඔහු. (නි)
ෂාහ් පහන්, සහන්, පීටර් අයියා නියම අදහස් ටික, බොහොම සතුතියි. මට නම් කවි ලියන්න බැහැ නමුත් මම ඔයාලගේ අදහස් බලා සතුටු වෙනවා.(නදී)
අනේ මෙහෙමත් දේවල්? (නි)
සමදරා අක්කේ එන්න. දැන් සති දෙකකට වැඩිනේ අපිත් එක්ක තරහ වෙලා ගිහිල්ලා. සමදරා ආරියදාස නැති මේ තීරය හරියට මනාලිය නැති මඟුල් ගෙදර වගේ.(නදී)
මේ මනුස්සයට ගහෙන් වැටුන මිනිහට ගොනා විතරක් නෙවෙයි අනින්න තිබුනේ. මිනිහට නයා මුගටිත් ගහන්න තිබුනේ.කුඩය රැක ගන්න බැරී මිනිහ කොහොමද ගෙයක් රකින්නේ. අනේ මගේ කට. (ස)
නිලන්ති නංගි දැනුත් අපිට පුළුවන් අපේ පරණ යාලුවන්ව එකතුකර ගෙන ලස්සන කතා ලියන්න.ඒත් හිත දෙන්නේ නැහැ. ඔයා දන්නවා ඇති ඒ සුන්දර පිටුව අවලස්සන කලේ කවුද කියලා. (ස)
සොර දෙටුවෙක් කස තැලුම් කකා // දන්ගෙඩියට ගෙනියන මොහොතේ ... වදක බෙරේ දැක, සොරාගන්න එය, කදිමයි ලොබ සිතුවාලු... අනේ මෙහෙම තණ්හාවක්.... (නි)
පියල්, කිව්ව දේ මමත් අනුමත කරනවා. හැම පොලිස් නිලධාරියාම කතා කරන්න දන්නේ නැත්තේ නැති වුනාට ගොඩක් පොලිස් නිලධාරීන් කතා කරන්නේ කිසිම වැදගම්මක් නැති විදිහට. ඒගොල්ල දන්නේ නෑ ඒ ගොල්ලෝ ජනතාවගේ සේවකයෝ කියලා. (ස)
මම හිතුවේ දැන්වත් මෙතන නිවිලා ඇති කියලනේ...ඒත් තවම නෑ වගේ. (ස)
සහන් මල්ලි, දිසානායකව හම්බ වෙන්නේ පරිස්සමින් ආරාධනාව සැක සහිතයි. (ස)
ඔබ වේවා වේවා! පහන මගේ..... (නි)
ඉහත චන්දි 2013-12-11 21:13:20 අදහස මගේ නොවේ (නි)
බලනකොට අද හැමතැනම වගේ ඉන්නේ හොරු (නි)
හොරකම දැන් හැම තැනම තියෙනවනේ. මොනම දෙයක් හරි කමක් නැහැ හොරෙකුට ගන්න පුලුවන් නම් ගන්නවා (නි)
මගේ නමින් අදහස් දමා තිබෙනවා.(නදී)
ඉන්දු ලන්ඩන් රූපවතිගේ කැරොල් අහන්න මැන්චස්ටර් යන බව මට ස්කයිප් මගින් දැන්නුවා.(නදී)
මාත් එක්ක ක්ලීනින් කොම්පැනියේ වැඩ කරන සියලුම සුළු සේවක සේවිකාවෝ තමා නත්තල් ගී ගයන්නේ. එන්න බලන්න, උණු කේක් බෙදනවා කොමපැනියෙන්.(නදී)
අන්න නියම වැඩක් (අ)
මැන්චස්ටර් හංදියේ නත්තල් ගහ යට මේ බදාදා රැ අපි කැරොල් ගායනා කරනවා. ඔබ සැමට ඇරයුම්!(නදී)
අද කාලේ කොහේ බැලුවත් ඉන්නෙ හොරු තමයි (නි)
අනේ ඇත්තට, මෙහෙමත් දේවල්? (නි)
චන්දි, ඉන්දු, දිසා මල්ලි ඕගොල්ලෝ ස්කයිප් එකෙන් කතා කරනවානම් ඒවා ස්කයිප් එකේම තියාගන්න. මෙතන අපිට ඕවා වැඩක් නැහැ.(නදී)
දැන් මේ අය ලියන්නේ ඉරිසියාවට ඇයි අනේ ඔයාලමනේ අපිට කිවේ චැට් කරන්න වෙන ක්‍රමයක් සොයා ගන්න පත්තරේ ඒකට තැනක් නෙවේ කියල, ඉතින් දැන් මම චන්දි, ඉන්දු, දිසා මල්ලි ,ස්කයිප් එකෙන් කතා කරනවා(දිල්)
පහන් මල්ලි ඔයාව හම්බ වෙලා කතා කරන්න මට හරි ආසයි. (ස)
ඉන්දු ලංඩන් එක්ක පැය ගණන් ස්කයිප් එකෙන් කතා කරලා උයන්නවත් වෙලාවක් නැහැ. නිලූ සෞදි නංගි ඔයාට ස්කයිප් තියෙනවද? (නදී)
ඒ කියන්නේ මේ පාරත් මට අවස්ථාවක් නැහැ. (නදී)
කැකුනදුරේ රිලා නාටක බලන්න යන්න තරන් මනාපයක් මගේ නම් නැහැ.(නදී)
ගිලී මලේ තරුව එයානේ. අනේ ඔහේ යන්න ගියාවේ.(නදී)
කැකනැදුරේ ....යලි අඳුරේ ...මගේ මිතුරේ...මොකද හොරේ...(නදී)
ලගදී මවු බිම වෙත යන දිසා මල්ලිට සම්මා සම්බුදු සරණ වේවා කියා මුළු හදවතින්ම පතමි.(නදී)
හත්වලාමේ වෙච්ච දේට මක් කරන්ඩද?(නදි)
අනිත් කාරණය චන්දි අක්කේ ,මමත් දැන් පදිංචියට කකුනදුරේටම ගියා. (නදී)
අද පකිස්ථානෙත් එක්ක පලවෙනි මැච් එක .මම මේ කියන්න යන්නේ අපේ වයිෆ් එක්ක මැච් එක බලන කොට වෙච්ච දෙයක්. වයිෆ් -මේ මහේල නේද ?හොඳට බෝල් කරනවා නේද ?මම - නැහැ මේ කුලසේකර මහේල කියන්නේ බැට්ස්මන් කෙනෙක්. වයිෆ් - අන්න අන්න තව විකෙට් එකක් ගියා. මම - නැහැ ඒ කලින් එකක පුනරූපණය. වයිෆ් - ඉන්දියාව දිනයි වගේ නේ? .මම - නැහැ මේ මැච් එක බංගලාදේශ් එක්ක ගහන්නේ .වයිෆ් - තව ලකුණු කීයක් ඕනෙද දිනන්න. මම -ලකුණු 72 බෝල් 36 කින් .වයිෆ් -අපෝ හරි ලේසියි නේ එක බෝලෙට දෙක ගානේ නේ ගහන්න තියෙන්නේ .කරදරය ඉවසනු බැරිව මම රුපවාහිනිය ඕෆ් කලා.ඒ පාර වයිෆ් ඇවිල්ල ආයි ඕන් කරගෙන ටෙලි නාට්‍යක් බලන්න ගත්තා ,මම - කවුද අනේ ඔය ඉන්න නිළිය ? වයිෆ් - කරුණාකරලා මට බාධාකරන්න එපා. ඉතින් මම මොකද කරන්නේ ? (ස)
ලන්ඩන් ඉන්දුලට,බලන්න හොඳ ළමයි දෙන්නා වගේ කියන්න ඔයාලගේ ලන්ඩන්වල පෝස්ට් කෝඩ් මොනවද කියලා. එතකොට මම තත්පර ගාණකින් කියන්නම් ඇත්ත ඉන්දු කව්ද කියලා. (නි)
පහන් මහතාණනි, ඔබගේ රසවත් කතාවලින් මේ තීරුව ගොඩක් රසවත් වෙනවා. හරිම ආඩම්බරයි. ඔබගේ භාෂාව හැසිරවීම ගැන ඉඩක් ලදවිට ලියන්න. ඔබට තවත් ශක්තිය ලැබේවා! (නි)
නොකියපු රහස දැනගත්තේ මේ ලන්දු......සැමියගේ කුඩ රහස හින්දද හද බින්දු ...තවමත් ගත රිදෙයි නෙතගෙහි පැන් බිංදු....පෙර වුන් ලියමදැයි නොදනිමි මේ ඉන්දු..... (ස)
මලේ මටත් හිතයි කරන්න ආදරේ. තනි කමේ පාලුවේ හිටියා ඇතිලු පාඩුවේ. නෙලා ගන්නේ මම පහන් මලේ. (ස)
පහන්, ඔයාගේ කතාවට මට ගොඩක් හිනා ගියා. තව තව අලුත් කතා ලියන්න. (ස)
සහන්,,, යන යන තැනක දුටු දුටු දේ ගෙට ගෙනෙන.... හරි යන පුරුද්දකි ඇඹණිත් සතුටු වුණ.... මෙකියන දිනේ නොසිතූ ලෙස පත්තු වුණ.... නොකියන රහස සැමදා සිහි කරනු මැන.... (ස)
සහන්, යන යන තැනක දුටු දේවල් ගෙට ගෙනෙන.... හරි යන පුරුද්දකි බිරියත් සතුටු වුණ.... මෙකියන දිනේ නොසිතූ ලෙස පත්තු වුණ.... නොකියන රහස සැමදා සිහි කරනු මැන.... (නි)
පහන් අයියේ, අනේ පව් ඔයාට. ඔයා වෙන ප්‍රශ්ණයක් අහන්නේ නැතිව නිළියක් ගැන අහන්න ගියේ නැත්තන් එයා උත්තර දේවි එපා වෙනකම්ම. (ස)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
හොරා ගෙට ඇතුළු විය. ගන්නවා තමුසෙගෙ සේරම සල්ලි අණ ලැබුණි. මම දේශපාලකයෙක් ගෙහිමියා පිළිතුරු දුනි. එහෙනම් ගන්නවා මගේ සේරම සල්ලි හොරගෙන්, නැවත අණ ලැබුණි. (ස)
පහන් බණ්ඩාර, මගේ සුදු මල්ලි උඹ තවම ලංකාවෙද? මට කියපන් හනිකට මගේ නම ගහල බලපන් ස්කිප් එකේ. ලංකාවේදී මුණගැහෙන්න කැමති මගේ මල්ලිව. (ස)
සමදරා අක්කේ දැන් හිටියා ඇති, ඇවිල්ලා අදහස් දාන්න. (ස)
පොලිසියේ වැඩ මුරය අවසන් කල අස්සේ...දෙගොඩ තලා යන මහ වැස්සකි වැස්සේ...අයිනෙ තිබුණු 'ගැහැණු' කුඩය ගෙන බැස්සේ....කුස්සියෙ පිඟන් එලවයි දැන් මා පස්සේ... (ස)
යාලුවනේ, අද දවස ලියවෙන්නේ 11.12.13 කියල. මෙහෙම දවසක් ආයේ එන්නේ 03.02.01 (2101)හරි 01.02.03 (2103) හරි. මම වැරදි නම් නිවැරදි කරන්න. (නදී)
පොලිසියේ ගොඩක් හොද මහත්වරුත් ඉන්නවා. මට හමුවෙලත් තියනවා. (නදී)
පියල් මහත්තයත් පොලිසියේද? (ස)
ඔහොම තමයි ඕයි? මේ පොලිස් කාරයින්ට ඔක්කෝටම කලින් කතා කරන්න උගන්නන්න ඕනේ. නිල ඇඳුම දාගත්තාම හිතන් ඉන්නෙ ලෝඩ් පකීර්ලා කියලා. (ස)
පීටර් අයියේ ,පෝස්ට් කෝඩ් එක කියන්නේ මොකක්ද? (නි)
අපි අපේ සහෝදරයෙක්ගේ සහෝදරියකගේ කෑම පිගානෙන් අපි ආො කරන මාළු කෑල්ලක් පපඩම් කෑල්ලක් අරන් කෑවයි කියලා ඒක හොරකමක් විදියට සළකන්නේ නැහැ නේද 'ගුණේ'? (නි)
සහන්, ඔයාගේ අදහස අනුමත කරනවා (නි)
ඒකනේ අපි කියන්නේ නියම හොරු ඉන්නේ කොහෙද කියලා. (නි)
සහන් බණ්ඩාරගේ අදහසේ තියෙන වචන කියවද්දී මාත් මොහොතකට මගේ සුන්දර අතීතයට අරගෙන ගියා! ගොඩක් ස්තුතියි පහන්. පහන්ගේ වචනවලින් මම හිතනවා පහන් කටු බැද්දේ කියලා.(නදී)
සමදරා, ලෝකයේ තියෙන විශිෂ්ටතම තැපැල් සේවය තියෙන්නේ එක්සත් රාජධානියේ .ඒ වගේම ඒ රටේ පුරවැසියන්ට එම සේවාව මගින් ඇති විශිෂ්ට සේවාවක් ඉටුවෙනවා .ඉතාම වටිනා භාණ්ඩ පවා තැපෑලෙන් හුවමාරු වෙනවා.අපිට චීනය වගේ රටවලින් ඊ-බේ හරහා ඕනෑ භාණ්ඩයක් ඉතාම අඩු මුදලකට දින 3ක් වැනි සුළු කාල සීමාවකදී නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.පෝස්ට් කෝඩ් එක ඉලක්කම් 6කින් සමන්විත සංඛ්‍යාවක්. එයට ඉංග්‍රීසි අක්ෂර කීපයකුත් අැතුළත්. මේ 6න් ඕනෑම කෙනෙක් ඉන්න තැන පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් (නි)
සරත් ඔහොම කියද්දී මට මතක් වුනේ, කැම්පස් එකේදි වුන සිද්ධියක්. මම පළමු වසරේ ඉන්න කාලේ මගේ හිත ගිය ලස්සනම ටී ෂර්ට් එකක් ඇදගෙන ගිහින් හොස්ටල් එකේ එල්ලුවා විතරයි මතක, ඊට පස්සේ මට ඒක කවුරුහරි ඇදගෙන ඉන්නවා දකින පින විතරයි තිබුනේ. ඉතින් ආයේ කවදාවත් මම අලුත් ඇදුම් ඇදන් කැම්පස් ගියේ නෑ. පරණ ටී ෂර්ට් එකකට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යන්න පුරුදුවුනේ එකෙන්. (ඒත් අදටත්, ගජේ ගහගෙන එක අම්මගේ දරුවෝ වගේ දුක සැප බෙදාගෙන හිටපු ඒ කාලේ ජීවිතේ හරිම සුන්දරයි.) (නදී)
ඉන්දු නංගි,චන්දි අක්කා මගේ ආලින්දයේ මගේ යහළුවන්. මට සතුටුයි. (නි)
දා ගත් වෙස්මුහුණු ගැලවී එකින් එක.. සැබෑ මුහුණු එළියට එයි ටිකෙන් ටික... කොහොමත් එසැණ රස ගැන්වූ විටින් විට... ආසයි දිනයකදී නුඹලා හමුවෙන්ට.! (නි)
දවසේ හොඳම කියමන තමා 'පොලිසියේ ඇතුලෙත් හොරු ඉන්නවා' කියන එක. (ස)
සහන් බණ්ඩාර , ඔයාගේ අදහස කියවන විට මට මතකයට අාවේ ඉස්සර මගේම නොවන මගේ ඇදුමක් තිබුනු බවයි! (නි)
ඔරිජිනල් සමදරා, ඉන්දු, දිසාලගේ නවතම ගීතය... 'ඉකිගසා හඩන අතීතයක...... 'එසැණ' එක්ක ගනුදෙනු කරනා........ මට මගේ නොවන...... මගේම නම් ගොන්නක් තිබුනා.....' (නි)
ඉන්දු නංගිත් අද මගේ ආලින්දයට ආවා. අනිත් යාලුවෝ ඔයාලගේ ඊ මේල් මා ළග තිබෙනවා. රූපා, ඔයාට රන්දි කෑල්ලක් එනවා නේද? මම ඔයාට පසුව ඊ මේල් එකක් එවන්නම්. ඒ වගේම පහන්, තිලක් අයියා ඔයාලව මම අදුනා ගත්තා. මට සතුටුයි (නි)
පෙර උන් ඉන්දුගේ කවියට හිත වැටිලා....... මම 'කුහුඹුවෙක් ' ගැන පොඩි කවියක් ලිවුවා.... එසැණෙහි තිබුණු එහි එක පදයක් එවලා..... හරි ඉන්දුට හැකිය දමනට අදුර ඉරා..... (නි)
ඔබ හා ටික දිනක් කවියෙන් සුහද වුණ.. ඉන්දු තමයි මම තෙමසක සිට එසැණ.... තව ඉන්දුලා දහසක් සිටියත් මෙතැන... අහිතක් නැහැ සහන් අපි මිතුරන් එසැණ.... (නි)
මම පළ කරපු පෝස්ට් කෝඩ් එක පීටර් අයියා දුටුවද? (නදී)
පීටර් අයියේ ඇහුව නිසා කියන්නේ මට කාගෙන් වත් සහතික ඕන නෑ.(නදී)