නැතිවූ මුදල් පසුම්බියක තිබුණු දේවල් අසල සිටි පුද්ගලයකු විසින් කියූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මුදල් පසුම්බියේ අයිතිකරු තම බිරිය සමඟ නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇත්තේ අවශ්‍යතාවකටය. නුගේගොඩ බස් නැවතුමෙන් බස් රථය නැවැත්වු අතර එයින් බැසගත් ඔහු මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී එය නොමැති බව දැක අන්දුන් කුන්දුන් විය.
එවිට ඔහු අසල සිටි තවත් පුද්ගලයකු ඇයි මහත්තයා මොනවද හොයන්නේ යැයි ඔහුගෙන් අසා ඇත. අනේ මගේ මුදල් පසුම්බිය නැති වෙලානේ යැයි ඔහු පවසා ඇත. අනෙක් පුද්ගලයා මැදිවිය ඉක්මවූ අයෙකි. “මහත්තයා කීයක් තිබුණද පර්ස් එකේ” යැයි එම පුද්ගලයා අසා ඇත.
එවිට මුදල් පසුම්බියේ හිමිකරු රුපියල් විසිදාහක් තිබුණා. මගේ නෝනත් එක්ක මම ආවේ පොඩි වුවමනාවකට යැයි පවසා ඇත. එවිට “අනේ මහත්තයෝ බොරු කියන්න එපා එකේ තිබුණේ රුපියල් එක්දහස් පන්සියයි තව කාඞ් වගයකුයි උපත් පාලන කොපු දෙකයි. තව දම්පාට සාරියක් ඇදගත්ත නෝනා කෙනෙකුගේ පින්තූරයකුයි. හැබැයි ඒ පින්තූරේ ඉන්නේ මේ නෝනානම් නොමෙයි” යැයි ඔහු පවසා ඇත.
තමා දෙස කන්න වගේ බලන බිරිය දෙස හොරහින් බැලුව ඔහු “තමුසේ දන්නේ කොහොමද ඒවා ගැන” යැයි අසා ඇත. එවිට අනෙක් පුද්ගලයා “මමනේ පර්ස් එක හොරකම් කළේ” යැයි පවසනවාත් සමඟම ඔහු පාරෙන් ඉවතට පැන දිවයන්නට විය. ඔහු හඹා යන්නට ඔහුට නොහැකි වුණේ ප්‍රතිවිරුද්ධ දෙසින් සිය බිරියගෙන් එල්ල වූ කුඩ පහර නිසාය.
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හොරු...ඔහොම තමයි ඉන්න ඕනේ.හොරාට තව කීයක් හරි දෙන්න තිබුනේ මේ මනුස්සයාගේ කෙරුවාව හෙළිකර දුන්නාට.(හේ)
මාර හොරෙක්නේ. සල්ලි නැතිවෙච්ච අය කොහොමත් අතින් දාලා වැඩියෙන් තමයි කියන්නේ. (අ)
මේ නම් මහා පල්ම පල් හොරෙක් දඬුකඳේ ගහන්න වටිනවා කරපු කැත වැඩේට ! (බ)
අර කිව්වත් වගේ හොරාට තව ගානක් දුන්නත් පාඩු නැහැ! (අ)
මේ මිනිහ ඇත්ත කිව්වද බොරු කිව්වද කියල දන්නෙත් නැතිව හැමෝම තීන්දු තීරණ අරගෙන ප්‍රශ්නේ විසඳලා වගෙයි. අර කතාවකුත් තියෙනවනේ, කියන්න කොහොම කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියල. (අ)
අනුමානයක් නැහැ හොරා කියලා තියෙන්නේ ඇත්තක් වෙන්න ඕනෑ. නැත්නම් මොන එකටද බිරිඳ දිහා හොරෙන් බලන්නේ? කෙළින් බලලා කරුණු පහදලා දෙන්න තිබුනානේ. නැතිබැරිකමට හොරකම් කළාට හොරාටත් හිතෙන්න ඇති මිනිහාගේ නැහැදිච්චකම. (නි)
නෝනයි මහත්තයයි පටළවලා තියලා හොරා පැන්නා එහෙනම් (නි)
සල්ලි හොරකම් කළා මදිවට පවුල් කඩන්නත් හදල. පින්තුරේ නෝනගේ තරුණ කාලේ එකක්ද කියල කවුද දන්නේ? අපේ මහත්තයගෙත් පොකට්ටුවේ මගේ තරුණ කාලේ පොටෝ එකක් තියෙන්නේ. (බ)
ජයා මගේ අනාගත බිරිඳගේ පර්ස් එකට අරන් දිව්වා. මම පස්සෙන් එළවාගෙන ගිහින් ජයාට බොරුවට ගහලා පර්ස් එක අරන් දුන්නා. (නි)
පව්ලේ සමගිය ඇතිවේවා කියලා තමයි කියන්න ඉතුරුවෙලා තියෙන්නේ (නි)