නිවෙසකට හොරෙක් වහලයෙන් බැස ඔහු හොරාට හොරෙන් 119 ට පොලිසියට දන්වා නිවස තුළදීම හොරා කොටුකර ගැනීමේ සිද්ධියක් අම්බලන්තොට සියඹලාගස්විල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
කුලියට රෙදි මහන නිවෙසකට රාත‍්‍රී කාලයේ වහලයෙන් බැස සොරකම් කිරීමට සූදානම් වෙද්දී හොරාට හොරෙන් පොලිසියේ 119ට කතාකර සිද්ධිය දැන්වීමෙන් පසු අම්බලන්තොට පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.
පොලිසිය එහි ගොස් නිවස තුළ සිටි හොරා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකෙන් වුනේ ඕගොල්ලන්ට හොරාට පාඩමක් උගන්වන්න තිබුන අවස්ථාව නැතිකර ගත්ත එකයි. දැන් හොරා කොහොමහරි නීතිඥ සහයෙන් බේරිලා ගියොත් ඕගොල්ලන්ට පුස් තමයි. මම නම් හොරාගේ කකුල් දෙක කඩලා කියනවා වහලේ පනිද්දී කකුල් කඩා ගත්තා කියලා. (නි)
මම මේ ගෙදර ස්වාමියාගෙන් නිකමටවගේ අහන්නේ.."ඔයා හොදටම දන්නවද වහලෙන් ආ අගන්තුකයා හොරෙක්මද කියාලා "?(නදී)
ගෙදර අය හොරා පොලිස් කරලා (දී)
හොරා කොටුකරලා දුන්න නිසා පොලිසිය ආවා වෙන්න පුළුවන්.නැත්නම් ඉතින් ගෙදර මිනිස්සුන්ට බුදුසරණයි තමයි (දී)
හරියටම ශ්‍රී ලංකාවේද?(නි)
වෙන්නප්පුවේ හිටියා දෙන්නෙක් ඔත්තුවක් දුන්නු ගමන් හොරාට දුරකතන ඇමතුම් දීලා ඒ අයගේ ඇඩ්වාන්ස් එක අරන් ඔත්තුව දුන්නු කෙනාව හිරේ අරිනවා.(නදී)
ඇත්තටම ගොඩක් හොඳ තීරණයක්. ඒත් පව් හොරා. චුට්ටක් කල්පනාකරන්න්න අද හොරු වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා. රටට තියෙන ආපතේ නේද. (අ)
මොකද දිනෝ ඔහොම චන්දිට බනින්නේ ..පව් නේද ..එයා කැමති ඇතිනේ එයා ලියන දේවල් කව්රු හරි බලනවට... (දී)
අන්න ඔලුව පාවිච්චි කරන මිනිස්සු. (දී)
"බමුණු, ඔයා නම් හරිම නපුරු දුෂ්ටයෙක්. ඒ අසරණ මිනිහා ඔයා වගේ පොහොසතෙක් නෙමේ වෙන්න ඇති. ඒකනේ ගෙට පැන්නේ මොනවා හරි හොරාගෙන දරුවන්ට හෙට කන්න දෙන්න. ඉතින් ඔයා ඒ අසරණ හොරාගේ කකුල් දෙක කැඩුවොත් එයාගේ පවුල බාර ගන්නේ කවුද?" රූපවති නැන්දේ කොහොම පාරේදී ඔයගේ රත්තරන් මාලේ කඩ ගත්තනම් මෙන්න මල්ලි වළලු දෙකත් කියල ගලෝල දෙනවද. රූපවති නැන්දේ හොර හොරාමයි හොරකම අසු උන කෙනාට තමයි එහි අමරුව අනික් යට බන කියන්න පුළුවනි. අපි අර හොර ගෙඩියට කියමු හොරකම් කරලම පවුල නඩත්තු කරන්න කියලා. අනේ හොඳයි හරක් බදින්න කණුවකට ගන්න.(නදී)
නුනවනක් කාර විදිහක් අනුගමනය කරලා තියෙනවා (දී)
බමුණු, ඔයා නම් හරිම නපුරු දුෂ්ටයෙක්. ඒ අසරණ මිනිහා ඔයා වගේ පොහොසතෙක් නෙමේ වෙන්න ඇති. ඒකනේ ගෙට පැන්නේ මොනවා හරි හොරාගෙන දරුවන්ට හෙට කන්න දෙන්න. ඉතින් ඔයා ඒ අසරණ හොරාගේ කකුල් දෙක කැඩුවොත් එයාගේ පවුල බාර ගන්නේ කවුද? (නි)
අනේ කව්රුහරි දන්නා කෙනෙක් 119 එකේ ෆොන් නොම්මරේ මට කියන්නකෝ (නි)
"හොරාට හොරෙන් හොරු ඇල්ලීම"... අනේ හොදයි. (දී)
මනෝජ්-සාජා නම් හරි හොද කෙනෙක් වගෙයි (දී)
දැන් මෙතැන අදහස් දාන අය මඩ ගහගන්ට පටන් අරන්.පුවතට අදාලව අදහස් පල කරන මෙන් ඉල්ලා සිටිමි (දී)
අරුණි ගෙදර කවුරුත් නැති වෙලේ අවිෂ්කව ගෙට ගත්තෙත් වහලෙන්නේ? කොහොම හරි වැඩේ ගෙදරට අහුවුණා නේද?(නදී)
අයියෝ රන්දි, ඔය මේ ලෝකේ රහක් නැති ප්‍රතිචාරනේ දාන්නේ . අන්තර්ජාලය පාවිච්චි කරන පලියට ඔහේ ලියන්න එපා.ඔලුව ටිකක් පාවිච්චි කරන්නකෝ. (අ)
119 ගන්න හරිම අමාරුයි. මට පෙන්නේ එක ගැන සොයා නොබැලුවොත් එකත් සුදු අලි ව්‍යාපාරයටම වැටෙයි (අ)
මෙතන පුදුමේ කියන්නේ පොලිසිය මේ වෙලාවේම අපු එක ගැන .පුදුමඊ එත් ඇත්තයි (අ)
වරුනට දැන් තේරුනාද කොහොමද මොලේ පාවිච්චි කරන්නේ කියලා? (දී)
එතකොට මේ ඔත්තු බලපු කෙනාද 119 ට කතාකරල තියෙන්නේ. මෙයා නම් නුවර කෙනෙක් වෙන්න බැහැ, හොරා පොලිසියෙන් අල්ලන් යද්දී කීවද දන්නේ නැහැ අනේ මචන් මට නින්දෙන් කෝල් කරන ලෙඩේ තියනවා කියලා.(නදී)
හොරා රෙදි හොරකම් කලාට පාඩුව විතරයි. ඒත් ගෙදර අයට කරදරයක් කළා නම් පොලීසිය එනවිට පෙරහැර ගිහින් ඉවරයි.ඊට පස්සේ ගෙදර මහත්තයට අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. (දී)
හොරාගේ හෙළුව හොරා කමින් සිටිද්දී පොලීසියේ අතට.(නදී)
119, හොදටම විශ්වාසද? (අ)
අන්න ඔලුව පාවිච්චි කරන මිනිස්සු (දී)