දින කිහිපයක් දිකින්නට නොලැබුණු තරුණයා දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලයට පිවිසියේය.
වෙනදා මෙන් ඔහුට සලකන වේටර්වරයා එතැනට පැමිණි අතර රුපියල් පනහක් අතට ගත් තරුණයා එය ගුලිකර කාටත් නොපෙනෙන සේ වේටර් අත තැබුවේ සුපුරුදු පරිදිය.
වේටර්වරයා ඇස්වලින් යමක් ප‍්‍රකාශ කළත් කුසගින්නේ සිටි තරුණයාට එය වටහාගත නොහැකි විය. මේසය මතට මස්, මාළු, බිත්තර සමඟ ව්‍යාංජන ද තැබිණි. පෙර දිනවල මෙන් බත් සමඟ මස් ද මාළු ද බිත්තර ද බෙදාගත් හෙතෙම ව්‍යාංජන ද දමාගෙන බඩපුරා අනුභව කළේය.
අතුරුපසට අයිස්ක‍්‍රීම් ද ගත් පසු බිල ලැබිණි. බිල දුටු තරුණයාට දෙලෝ සිහිවිය. බිල රුපියල් හාරසිය විස්සකි. වේටර් තැන ඇමතූ ඔහු ‘‘වෙනදා මට බිල දෙන්නේ රුපියල් එකසිය අසූවයි’’ යනුවෙන් පැවසීය. ”සර් දැන් ඒ වැඬේ කරන්න බැහැ මෙහෙ සීසීටීවී හයි කරලා.
මුදලාලි ගෙදර ඉඳන් ෆෝන් එකෙනුත් කඬේ දිහා බලන් ඉන්නේ. සර්ට මම ඇස්වලිනුත් පෙන්නුවේ ඒක ගැන තමයි’’ වේටර්වරයා පැවසීය. කිසිත් නොදෙඩූ තරුණයා බිල ගෙවා පිටතට පැමිණියේය. ඔහු හෝටලය ඉදිරිපිටින් යෑම ද නතර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ සල්ලි තියාගෙන හොරකම් කරන අයට තියෙන්නේ මානසික ලෙඩක්.නැති බැරි කෙනෙක් හොරකම් කරනවාට වඩා මෙවැනි අය මානසික වශයෙන් තෘප්තියක් ලබනවා ඇති.දියුණු රටවල් වලත් ඉන්නවා මෙවැනි අය.සොයා බැලුවොත් දුප්පත් අය නොවෙයි.කාන්තා ඇදුම් හොරෙන් ගන්න අය මේ අතර බහුලයි.(ස)
මමත් හොරෙන් කාලා තියෙනවා. (ර)
මටත් ඔය වගේ වැඩක් වුණා කලකට ඉහතදී. හැබැයි ඒක ටිකක් වෙනස්. මම තවත් විදේශීය මිතුරියක් සමඟ පේරාදෙණිය මල්වත්ත නරඹා දවල් කෑම සඳහා පේරාදෙණිය තානායමට ගියා. කෑම අවසානයේ සේවකයා මගේ කණට ළං වී මෙහෙම කිවුවා: "සර් දෙන්නගේ කෑමට බිලක් දැම්මොත් මෙච්චර වෙනවා. ඒ වුණත් සර් කැමති නම් මිලෙන් බාගයක් මට දීලා යන්න"..... (නි)
මුදලාලාලි දුරකථනය අතේ තියාගෙන බැලුවත් කතාකරන දේවල් මුදලාලිට ඇහෙන්නේ නැහැ පෙනෙනවා විතරයි. (නි)
ලැජ්ජා නැති මිනිස්සු (නි)
මෙතන අදහස් දමා තිබෙන අයවලුන්ගේ අදහස් දැක්කාම පුදුම හිතෙනවා.අම්මාගෙන් සීනි හෝ කිරිපිටි හොරා කෑම නෙවෙයි මෙතන කතාව තියෙන්නේ. අනුන්ව වංචාවෙන් බොරුවෙන් රවටා හොරෙන් කන එක ගැන නොවෙයි කතාව,අන්දරේ සීනි කාපු එක ගැන පම්පෝරි ගහනවා. (බ)
නුගේගොඩ නවරස හොටෙලයෙන් අපි පන්ති ගියාම කාපු හැටි මතක් වෙනවා. (ස)
හොරෙන් කළා අහු උනාම තමන්ගේ හිතට දැනෙන ලැජ්ජාව , අමතක කරන්ට පුලුවන්ද ? (ස)
අම්මට හොරෙන් කුස්සියට ගිහින් සීනි හැන්දක හෝ හෝර්ලික්ස් හැන්දක රස බැලුවේ නැති කෙනෙක් නම් එයා ලංකාවේ ඉපදුන කෙනෙක් නෙවෙයි. (ම)
ඉමේෂ්, ඔයාද මේ හොරෙන් කන මනුස්සයා? (නි)
මම හොරෙන් කාලා තියෙන්නේ සීනි. ගෙදර තියෙන සීනි ගොට්ට තමයි හොරෙන් කන්නේ. අනේ මගේ අම්මා ඕක හංගනවා මට හොයාගන්න බැරිවෙන්න. ඒත් මම කොහොමහරි හොයාගෙන කනවා. (නි)
දකුණේ නියම කොල්ලෙක්ද කොහෙද? (නි)
අනේ බණ්ඩා මහත්තයෝ කතාවේ අන්තිම කොටස කියෙවේ නැද්ද ? මුදලාලි ගෙදර. ඉඳන් ෆෝන් එකෙනුත් කඩේ දිහා බලාගෙන ඉන්න නිසයි ඇස් වලින් කියලා තියෙන්නේ.හොඳ වැඩේ හොරා කනවාට.(ස)
ඉතින් ඕක ඇස්වලින් නැතිව කටින් කියන්න තිබුනනේ කැමරා සවි කරලා තියෙන්නේ කියල (බ)
"හොරා කෑම" මොනදේ උනත් හොදම නැහැ. (ස)
මස්, මාළු, බිත්තර, අයිස් ක්‍රීම් ඕව ඔක්කොම ඕනි නැහැනේ. අවශ්‍ය දේ කෑවනම් ඇතිනේ. (බ)
සාමාව හෝටලේ කුස්සියට යැව්වේ නැද්ද වළං පිඟන් හෝදන්න? (නි)
සාමා, ලංකාවේ සිටියදී කඩවලින් හොරෙන් කෑම කෑවාද? ඒ මොන ලජ්ජා නැති වැඩක්ද? තව කවුරු කවුරු මේ පාඨක සභාවේ ඉන්න කට්ටිය හොරෙන් කාලාද දන්නේ නැහැ. (නි)
මමත් ඔහොම කඩ වලින් කාලා තියෙනවා ලංකාවේ. දැන්නම් ලැජ්ජත් හිතෙනවා (නි)
මුදල් දී කෑම කනවාට වඩා හොරෙන් කන එක සමහර අයට රස ඇති. මේ මම අහපු කතාවක්. දවස් ගාණකින් කුසට අහරක් නොලැබුන අසරණයෙක් සයිවර් කඩේකට ගිහින් බඩ පිරෙන්නම කෑම කැවාලු .ගෙවන්න මුදල් නැහැ කීවාම හෝටලේ මුළුතැන් ගෙට ඇරලා, කාපු කෑමවල වටිනාකමට තියෙන වැඩක් පළක් කරලා යන්න කීවාලු. වැඩ ඉවර කරලා දීලා හෝටලෙන් එළියට එනකොට මුලදී තිබ්බ බඩගින්න දෙගුණ,තෙගුණ වෙලා තිබ්බාලු. (බ)
කෝ මේ නැති බැරි කමට වංචා හොරකම් කළාට කමක් නැහැ කියන අපේ කට්ටිය ? (බ)
මේ සී.සී.ටී.වී හරිම කරදරයක්. කිසි දෙයක් නිදහසේ කරන්න බැහැ. එදිනෙද ජන ජීවිතය අඩාලවෙලා.(හේ)