හොර පොල් කඩන්නට ආ පුද්ගලයකුට දුන් අපුරු දඬුවමක් පිළිබඳව පසුගියදා අසන්නට ලැබුණේ තංගල්ල ප‍්‍රදේශයෙනි. නගරයෙන් තරමක් ඈත ග‍්‍රාමීය ප‍්‍රදේශයක අක්කර දෙකක පමණ පොල් ඉඩමක් අයත්ව සිටි ඔහු ස්ථිරවම පදිංචිව සිටියේ මාතර ප‍්‍රදේශයේය. පොල් ඉඩම අසල පදිංචි පවුලක් වගාව බලාගත් අතර දිගු කලකින් වත්තේ පොල් කැඞීමට නොහැකි වූයේ පොල් කඩන්නකු සොයාගත නොහැකි වූ හෙයිනි. පසුගියදා පොල්වත්ත බලාගත් තැනැත්තා වතුහිමියාට දුරකථන ඇමතුමක් දුන්නේ කිසියම් සොරකු වත්තේ තැඹිලි කඩන බව පවසමිනි. දැන්ම ආවොත් බඩුත් සමඟම සොරා අල්ලාගත හැකි බවද ඔහු කීය. වහාම එහි ගිය ඔහුට සොරා වත්තේදීම අල්ලා ගත හැකිවිය. අසල්වැසියන්ගේද උදව් ඇතිව සොරා පොලිසියට ගෙනයාමට තැත්කරන විට සොරා කීවේ තම රෝගියකුට දීමට තැඹිලි කැඩූ බවකි. ”හරි එහෙනම් මේ වත්තේ පොල් ඔක්කොම කඩල දීපන් මම ගානකුත් දෙන්නම්” වතු හිමියා කීවෙන් ඔහුට දවසම පොල්කැඞීමේ රාජකාරියේ යෙදීමට සිදුවිය.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හොරෙන් තැඹිලි කඩන්න ඇවිත් වත්තෙම පොල් කඩන්න සිදුවෙලා
රිස්වාන් Tuesday, 18 September 2012 02:03 AM
දක්ෂ අදහසක්. (නි)
වරුණ Monday, 17 September 2012 09:40 AM
මානුශීයව බලලා මේ දිපු දඩුවම ප්‍රමාණවත්යැයි හිතෙනවා..(ස)
ජයන්ත Monday, 17 September 2012 02:06 PM
නියම දඩුවම
සිල්වා Monday, 17 September 2012 09:47 AM
මීටපස්සේ දිගටම ඔහුට කියලා වත්තේ පොල් ටික කඩවගන්න පුළුවන්..(ස)
සරත් Monday, 17 September 2012 10:00 AM
ඔන්න වැඩ . දෙන්නටම ලාභදායකයි ..(ස)
අසෝක Monday, 17 September 2012 02:34 PM
හොර පොල් කඩන අයට මෙන්න බෙහෙත (දී)
පනාගොඩ Monday, 17 September 2012 06:20 PM
එලොව පොල් පෙන්නන්නේ නැතුව ඔහොම දඩුවමක් දුන්න එකනම් හොදයි. (නි)
ටෝනි Saturday, 22 September 2012 06:11 AM
බුද්ධිමත් මිනිහෙක්. අද ලංකාවේ වුණත් හොර සල්ලි ගහන, හොරෙන් ආයුධ හදන, හොර සහතික හදන මිනිස්සුන්ගෙනුත් මේ වගේ වැඩක් ගත්තා නම් හොදයි නිකම් හිරේ දානවට වඩා. ලංකාවේ අද සල්ලි ගහන්නේ එංගලන්තේනේ. ඉතින් ලංකාවේ මේ වගේ දක්ෂයන් ටිකක් එකතු කරගත්තා නම් පිට රටට යන සල්ලිත් ඉතුරු කරගන්න තිබුණා. ආයුධ ගහන මිනිස්සු එකතු කරගත්තා නම් ඒකෙනුත් ඒ වැඩේම කරන්න පුලුවන්. කල දුටු කල වළ ඉහ ගන්න අපේ මිනිස්සු දන්නේ වෙන ඒවයේදි විතරයි. (නි)
සුජිත් Monday, 17 September 2012 02:44 PM
හොද වැඩේ ඕව හොද පාඩම් අපේ කොල්ලන්ට (දී)
චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:53 PM
නුවණක්කාර වැඩක් (නි)
කුරේ Monday, 17 September 2012 11:23 AM
හොරාට සමාවක් දෙන්න තිබුණා (නි)
දිල්ෂාන් Tuesday, 18 September 2012 11:28 PM
සමන්ත, ඒ කොල්ලෙක් නෙමෙයිනේ. නිකන් බයිලා එපා. (නි)
නාලක . Monday, 17 September 2012 03:53 PM
හොද වැඩේ
සමන් Monday, 17 September 2012 01:02 PM
මට පුදුම වත්තේ අයිතිකාරයා එනකල් හොරා තැඹිලි ගහේම හිටපු එකටයි (නි)
ඉෂාම් Monday, 17 September 2012 04:26 PM
තැඹිලි මොකෝ? පොල් මොකෝ? (නි)
සමන්ත Tuesday, 18 September 2012 12:49 AM
හොරෙන් කුරුම්බා ගෙඩියක් නොකෑවොත් ඌ කොල්ලෙක් නෙමෙයි. මේවා කොලු කාලේ උරුම දේවල්. (නි)