මුරකරු සහ පොම්ප ක‍්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත‍්‍රීරෝද රථයක රියැදුරා ඉන්ධන පොම්පය රැගෙන තමන්ට අවශ්‍ය ඉන්ධන ලබාගෙන පොම්පකරු අවදි වූ පසුවද රුපියල් 100ක් දී අත්මුදලට ඉන්ධන ලබාගෙන ගිය සිද්ධියක් හිඟුරාන නගරයෙන් වාර්තා වේ.
ඉන්ධන පිරවුම්හලේ සවිකර ඇති සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති තොරතුරුවලට අනුව එම සිද්ධිය මෙසේය.
ඉදිරිපස පාඨයක් සඳහන්ව ඇති ත‍්‍රීරෝද රථයක් ඉන්ධන පොම්පය අසල නතර කරයි. වේලාව අලූයම 2.00යි. ඉන් බැසගත් තරුණයෙක් වටපිට බලා ඉන්ධන පොම්පය ක‍්‍රියාත්මක කර තම රථයට ඉන්ධන ලබා ගැනීමෙන් පසුව නැවත පොම්පය පසෙකින් තබයි.
මේ අතර නින්දෙන් අවදිවන පොම්පකරු එතනට පැමිණ ඔහුට අවශ්‍ය ඉන්ධන නිකුත්කරයි. ඒ සඳහා මුදලක්ද දී ඔහු ත‍්‍රීවීලරයේ විදුලි පහන් දල්වාගෙන පිටවී යයි.
වේලාව අලූයම 2.5යි.
ඉන්ධනහල් හිමිකරු සඳහන් කළේ මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත්, මිනිසුන්ගේ හොර හිත නැතිකරන්න බැහැ (නි)
අනේ පවු අහිංසක සේවකයාගේ රැකියාව (නි)
රාත්‍රී මුර සේවය හරියාකාරව නොකෙරීම වරදට තමයි මේ දඩුවම ලබා දී ඇත්තේ මොකද මුරකරු හා පොම්ප කරු දෙදෙනාම නිදිනම් පිරුම්හල අයිති කරු මොකටද පඩි ගෙවන්නේ රාත්‍රී මුර සේවය කරන අයට දිවා කාලය නිදාගන්න පුළුවන් දිවාකාලය ඔහේ ගෙවා ඇවිත් රාජකාරිය කරන වෙලාවේ නිදා ගන්න අයට හොදම දඩුවමක් අප කණගාටු විය යුතු නැ . අපි පවු අහිංසක සේවකයා කීවහම ඔවුන් දිගටම මෙය කරනවා (දී)
රටක් දියුණු කරන්න බැරි ඔන්න ඔයවගේ වැඩ නිසා තමයි (දී)
ඔය ත්‍රීවීල් එකේ හාදය ටැංකිය ෆුල් ටෑන්ක් නොකර සීයකට විතර තෙල් ගහන්න ඉතිරි කරගත්ත එක නම් මාරම මාරයි. (ස)
ලංකාවේ තෙල් වල වටිනාකම ඉහළ අගයක පවතින බැවින් සොරකමක් වේ යැයි විමසිල්ලෙන් සිටිය යුතු තැන මේ දෙදෙනාම එකවර නිදාගෙන. එනිසා පාඩමක් වශයෙන් අලාභයත් අය කරගෙන දෙදෙනාම සේවයෙන් පහ කළ යුතුයි.ත්‍රීරෝද හිමියා ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. (නි)
ඒ වගේ කපටි වැඩ කරලා ඔහුට හොඳ පළපුරුද්දක් ඇති. ඒකනේ සීයක තෙල් ගහන්න ඉඩ තියාගත්තේ (නි)
පහන්දී නංගි, ආදරණිය සමදරා අක්කා කොහෙද දන්නේ නැනේ? පවු (දී)
අපේ රට ධර්මද්විපයක්නේ. එකනේ මෙච්චර යහපත් වැඩකටයුතු සිදුවෙන්නේ. (දී)
ඉස්සර නම් රාත්‍රියට පොම්ප වලට ඉබ්බෙක් දාලා ලොක් කරනවා. ඇයි දැන් එහෙම කරන්න බැරිද?? (දී)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු (දී)
දැන් නම් ඉන්නේ බොහොමයක් බල්ලෝ මරලා හරි හම්බ කරන අය.ලොකු කුඩා බේදයක් නැහැ, බොහොම දෙනෙක් එහෙමයි. ඉස්සර නම් මෙහෙම නැහැ.තවත් කෙනෙකුට විනකරලා ,කොහොම කාලා බීලා ඉන්නවද මන්දා. (නි)
සෑම් මහත්තයා මොකටද එන්න හදන්නේ? (නි)